වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




භව අරණ ඔස්සේ අපේ උරුමය

භව අරණ ඔස්සේ අපේ උරුමය

‘භව අරණ ඔස්සේ නිමල් ජයවීර ප්‍රමුඛ කණ්ඩායම ‘අපේ උරුමය’ ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා.

බිමල් ජයකොඩි, දුලානි අනුරාධා, මල්ෂානි පෙරේරා, උද්ධික ප්‍රේමරත්න, ලොයිඩ් ගුණවර්ධන, ඇන්ටන් කුරේ, නෙතලි නානායක්කාර, ප්‍රභාත් වීරසිංහ, නිලමිණි බුවනෙක, රොහාන් රණතුංග, සුගත් අප්පුහාමි, බර්ටි නිහාල් සුසිරිපාල, සෙනවිරත්න කුමාරසිංහ, කුසුම් මල්දෙනිය, හෙලානි ශිරන්ති, රූපා පතිරණ සහ සුරංග රණසිංහ රංගනයෙන් දායක වෙන භව අරණ ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කරන්නේ එහි තිර රචනය ලියූ නිමල් ජයවීර. මෙහි මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා.

නිමල් ජයවීරට සහය අධ්‍යක්ෂණයෙන් අමිල සමරකෝන්. කැමරාකරණයෙන් අමිල දසනායක, කලා අධ්‍යක්ෂණයෙන් සුරංග රණසිංහ, ඇඳුම් නිර්මාණයෙන් සඳමාලි මද්දුම බංඩාර, අංග රචනයෙන් ගයනි සතරසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් හේෂාන් ගමගේ, සංස්කරණයෙන් චාරක බටුවත්ත සහ නිෂ්පාදන කළමනාකරණයෙන් සුසන්ත ගමගේ සහය වෙනවා.

හිරාන් සපරමාදුගේ විධායක මෙහෙයුමක් වන භව අරණ එම්. ජී. එච්. ඇසෝසිඒට්ස් (පුද්) සමාගම වෙනුවෙන් එම්. ජී. එච්. ප්‍රඩක්ෂන් නිෂ්පාදනයක්. ‘භව අරණ’ ටෙලි සිතුවමේ පුරා විද්‍යා සම්බන්ධීකරණය කරන්නේ අමිල දිසානායක.


ශ්‍රී අභිමානී සම්මානය තිස්ස ඩයස්ට

කාටත් එක සේ දැනෙන මව් සෙනෙහස කාගේත් හදවතට හෘදයාංගම වන අයුරින් ගී පද ගොතන්නට නම් හැමෝටම හැකියාවක් නෑ. නමුත් එය අභියෝගයක් නොවූ තිස්ස ඩයස් ‘මේ නොනිමෙන දිවි ගමනේ’ විතරක් නෙවෙයි ‘පුංචි දෝණි තරහා වෙලා’ ආදී අමරණීය ගීතයන් මෙරට රසික රසිකාවන්ට දායාද කළා. මෙරට කලා කෙත අස්වද්දන්න තිස්ස ඩයස් කලාකරුවාගෙන් ලැබූ ූනිර්මාණශීලී දායකත්වය අගය කරමින් පසුගියදා පී. ඒ. කරුණාපාල අනුස්මරණ කලා පදනම මඟින් ‘ශ්‍රී අභිමානී’ සම්මානයනේ පිදුම් ලැබුවා.


ප්‍රේක්ෂක බැනුම් කීර්තිට ජොලි

මග තොටේදී අපිට නම් කවුරු හරි බැන්නොත් කේන්ති නොයනවා නම් එය හරිම පුදුමයක්. හැබැයි මේ දිනවල නොඅඩුව ප්‍රේක්ෂකයන්ගෙන් බැනුම් අසන උපාලි කීර්තිසේන නම් ඉන්නේ පස්වනක් ප්‍රිතියෙන්.

උපාලිට මෙවැනි අත්දැකීම් ලබන්නට සිදු වෙලා තියෙන්නේ වසර විසි දෙකකට පසුව විකට චරිත රංගනයෙන් අත්මිදී ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘හිරු දහසක් යට’ ටෙලි සිතුවමේ තමන් ජීවය ලබා දෙන දුෂ්ට චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන නිසයි.


චන්ද්‍ර කීර්ති කුලරත්න මිය යයි

නාට්‍ය නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂවරයකු හා පිටපත් රචකයකු වන චන්ද්‍ර කීර්ති කුලරත්න මහතා පසුගිය 14 වැනිදා මිය ගියේය. මිය යන විට හැට පස් වන වියෙහි පසු වූ එතුමන්ගේ අවසන් කටයුතු පසුගිය 16 වන සඳුදා තේවත්ත පල්ලිය සුසාන භූමියේදී සිදු කෙරුණි.


සරසවි නිර්මාණ සම්මාන උළෙලේ, ප්‍රවීණයන්ට සම්මාන

වේදිකා නාට්‍ය කලාවේ නියැලෙන අංකුර කලාකරුවන් දිරි ගැන්වීම සහ ප්‍රවීණයන්ට ප්‍රසාද ප්‍රණාම පිදීමේ අරමුණින් නාට්‍යවේදී ලීල් ආනන්ද ගජනායක ප්‍රමුඛ සරසවි නිර්මාණ පීඨය මගින් ඉදිරිපත් කරන සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය විසි අට වැනිවරටත් පසුගියදා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්විණ.

මෙහි මාධ්‍ය සම්බන්ධීකරණය සහ සහාය සිත්සෙත් කලා සංගමයේ සභාපති ඊ. ඩී. ශ්‍රියාපාලගෙනි.

මේ එම සම්මාන උළෙලේ නාම ලේඛනයයි.

හොඳම නිෂ්පාදනය:

කස කෙල්ල - සමීර නිශ්ශංක
ලයිට් හවුස් පොඩ්ඩෝ - ජනක උදාර පාරිස්
තු මං හන්දිය – එච්. පී. එරන්ද

හොඳම නළුවා:

සුජිත් මදුරාවෙල (ලයිට් හවුස් පොඩ්ඩෝ)

හොඳම නිළිය:

ඕෂධී සේනානායක (සොයා ගන්නම වෙනවා)

හොදම සහය නළුවා:

ලහිරු විජේසුන්දර (සහෘදයෝ)

හොඳම සහය නිළිය:

යුලාජි සංජානා ප්‍රනාන්දු (කස කෙල්ල)

හොඳම රචනය:

අමිතා රම්බඩිගල (විකසිත පෙම)

හොඳම සංගීතය:

රණවි අතුකෝරල (සොයා ගන්නම වෙනවා)

හොඳම වේදිකා පසුතල නිර්මාණය:

ජනක උදාර පාරිස් (ලයිට් හවුස් පොඩ්ඩෝ)

හොඳම අංග රචනය:

දිලිනි උත්සලා (කස කෙල්ල)

හොඳම ඇඳුම් නිර්මාණය:

රිද්මා මදෝරා ප්‍රනාන්දු (කස කෙල්ල)

සරසවි නිර්මාණ ප්‍රසාද පූජා සම්මාන:

බන්දුල විතානගේ
සෝමලතා සුබසිංහ
සේනානායක වේරලියද්ද
රවිබන්දු විද්‍යාපති
මීනා කුමාරි
නදී චන්ද්‍රසේකර

විශේෂ දායකත්ව සම්මාන:

චන්ද්‍රිකා ද සොයිසා

මාධ්‍ය ඇගයීම් සම්මාන:

අර්නස්ට් වඩුගේ
ගාමිණී සුමනසේකර
කරුණාරත්න අමරසිංහ