වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




නුග සෙවණ යට

නුග සෙවණ යට

දොළොස් වසරක් ගෙවිලා

නුග සෙවණේ සිසිල ඔබට දැනේනට ඇරැඹිලා පසුගිය 17 වැනි අඟහරුවාදාට වසර දොළොසකි. ගෙවුණු කාලය කෙතරම් දිගු වුවත් එය ඔබට, මට රහසේම ගෙවී ගියේ අප නුග සෙවණ සමඟ ගත කළ සෑම මොහොතක්ම හරවත් මෙන්ම රසවත් වූ නිසාමයි.

ජාතික රූපවාහිනිය නුග සෙවණ ඔස්සේ දියණියට, යෞවනියට, මව්වරුන්ට පමණක් නොව මිත්තණියන්ට ද ජීවිතය විඳීමින් පවුලේ ආර්ථිකයට ශක්තියක් වන්නට මඟ කියා දුන්නේ විටෙක සොයුරියක් සහ තවත් විටෙක මවක් ලෙසිනි. වෙනදා මුළුතැන් ගෙට නොගොස් විලාසිතා කරන්නට පමණක් යොමු වූ තරුණියන් නුග සෙවණේ සෙවණ ලබා මනබඳනා විලාසිතාවෙන් හැඩ වූවා පමණක් නොව කටට රසට උයන්න පිහින්න ද උගත්තේය.

එපමණක් නොව නුග සෙවණ බාල, මහළු සැමට ජීවිතය කියා දෙන නවාතැන්පොළ වූයේය. ඒ අතර ඇතැම් ළියන් නුග සෙවණට ගොඩ වූයේ ළියන් සුරළියන් කරන රහසක් දැන ගැනීමටය. ගෙවුණු දොළොස් වසර තුළදී දිනෙන් දින නුග සෙවණට පැමිණි පිරිස වැඩි වූයේ එහි වූ ගුණාත්මක බව නිසාමය. ඉන් ජාතික රූපවාහිනියට වූ අභිමානය අති මහත්ය. හරවත් මෙන්ම ගුණවත් වැඩසටහන් රටට බෙදන නුග සෙවණ සැබෑම හරය තේරුම් ගත් උදෑසන වැඩසටහනකි. එනිසාම ඉතාමත් ස්ථාවර ගමනකට නුග සෙවණට මඟ පෑදී ඇත. ගෙවුණු දොළොස් වසරේ නුග සෙවණේ හැදී වැඩුණු පිරිස ද අපමණය.

ඉතිං . . .

මේ නුග සෙවණ හරිම සිසිල් . . .

එන්න . . . අප හෙටත් ඒ සිසිල විඳිමු . . .

චන්දන වික්‍රමසිංහගේ රංගනයෙන් හැඩ වූ මොහොතක්.
රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක පුම්‍රඛ සම්භාවනීය පිරිස
දොළොස් වන උපන් දිනය සමරන නුග සෙවණට එඩ්වඩ් – චරිතා යුවළගෙන් සුභපැතුම්!