වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

දකින ටෙලි නාට්‍ය, නරඹන චිත්‍රපට, අසන, ඇහෙන ගීත, සිත පිනවන කලාකරුවන් ගැන ඔබට දැනෙන දේ ලියන්න ප්‍රතිචාර පිටුවට. තැපැල් හෝ සටහන් පතකින් ඔබේ ප්‍රතිචාර එවනවා නම් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතව පවතී.

පුබුදුගේ ගමන් මග ජය නියතයි

ආදරේ අහස තරම් ටෙලි සිතුවමේ කූඹි කැලේ සංජීව නොහොත් පුබුදු ගමගේ නම් වූ ඔබ රසිකයන් වැළඳගෙන අවසානයි.

පුබුදු, ඔබේ ගමන් මගේ ජය නියතයි.

ප්‍රනාන්දු සිරිල් හේවගේ - දෙල්පෙ, කඩවර.

මියුරු පෙම් මදිරා’ ශ්‍රාවකයන් අමන්දානන්දයට පත් කරයි

සෑම ඉරිදා දිනකම රාත්‍රියේ ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන මියුරු පෙම් මදිරා, පැරැණි චිත්‍රපට ගීත වැඩසටහන ශ්‍රාවකයන් අමන්දානන්දයට පත් කරන්නකි.

හිලරි සිරිලාල් ද අල්මේදා- මොරටුවැල්ල, මොරටුව.

චසුරේන්ද්‍ර අනුන්ගේ ගීත ගයන එක දැන්වත් නතර කරන්න

තරගයට පමණක් සීමා නොකළ ඔබ දිගින් දිගටම ජෝති ගීත ගයමින් ගජරාමයට මුදල් හම්බ කරන බව පෙනී යයි. ඒ මදිවට ඔබ ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත ගයන්නත් පටන්ගෙන. අනුන්ගේ ගීත තමන්ගේ ගීත වගේ ගැයීම මහා පාපයක්. ඒ සඳහා රුකුල් දෙන ගීත රචකයින්, සංගීත අධ්‍යක්ෂවරුන් ද මේ පාපයේ ගොදුරු බවට පත්ව සිටීම කනගාටුදායකය. අනුන්ගේ ගීත ගයන ගායක ගායිකාවන් ද ගමන් ගන්නේ මෙම බෝට්ටුවේමය. සුරේන්ද්‍ර සොයුර, ඔබ ලස්සන ගීත කිහිපයක් ගයා තිබෙනවා. දෙවියන් විසින් දුන් ලස්සන කට හඬින් ස්වතන්ත්‍ර ගී ගයමින් කලා ලොවේ පෙරටම යන්න.

දූනගහ බටහිර අධිකාරීමුල්ලේ - ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

දරුවනේ තව නොබෝ දිනකින්

සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමාවත් පනස් හතර වැනි නිෂ්පාදනය දරුවනේ නමින් තව නොබෝ දිනකින් රිදී තිරය මත ජීවමානු වනු ඇත.

බොහෝ දෙනෙකු ඔහුව හැඳිනගෙන තිබුණේ අවර ගණයේ චිත්‍රපට නිපදවන අයකු ලෙසය. දරුවනේ

තිරගතවීමත් සමඟ එකී මතවාද තුරන් වනු ඇත.

දරුවනේ චිත්‍රපටය ළමා පරපුරේ පැතුම් සඵලවීමකි.

චන්දන වන්නිආරච්චි - දෙහිඅත්තකණ්ඩිය.

අමා ටෙලි සිතුවමේ ජිනදාස අපූරු චරිතයක්

ඔහුව හුඟ දෙනෙකු හඳුන් වන්නේ සෝමදාස ලෙසය. ඒ කෝපි කඩේ ටෙලි නාට්‍යයේ කාලාන්තරයක් ඔහු රඟපෑ නිසාය. කැලණි පාලම තුළින් ඔහු වේදිකාවේ සිටියේ අපට කිසිදා අමතක නොවන චරිතයක් කරමිනි. පුංචි තිරයේ ඔහු කොපමණ චරිත කළත් ඒවා පරයමින් මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන අමා ටෙලි සිතුවමේ ජිනදාස ලෙස බොහොම අපූරු චරිතයක් කරයි.

තිලක් කුමාර රත්නායක වන ඔහු ජිනදාස ලෙස රඟද්දී තිලක් කුමාර රත්නායක කෙනෙක් නොමැති තරම්ය. කුඩා මැටි ගුලියකින් වුව උසස් නිර්මාණයක් කරන්නට හැකි බව ඔහු ඔප්පු කොට තිබේ.

වත්තල, හේකිත්තේ - ලක්ෂ්මන් රණසිංහ, අයිරාංගනී දයානි, තාරුකා, හිරුණිකා, සංජය, සසී, සඳරුවන්, සවිඳු

රිදී තිරයත් නැත සිනමාවේ තරුත් නැත

එදා සිංහල සිනමාව හැඳීන් වුයේ රිදී තිරය නමිනි. එදා රඟපෑ නළු නිළියන් අපට පෙනුණේ තාරකා මෙනි. එහෙත් අද රිදී තිරයත් නැත. සිනමාවේ තරුත් නැත.

කපුගොඩ මාලිඳ - සරසවි නිවසේ සරත් රණසිංහ

ලෙස්ටර් ඔබට දීර්ඝායුෂ!

දැයේ පිනට පහළ වුණ ලෙස්ටර් ජේම්ස් පිරිස් නම් අසහාය කලාකරුවාණෙනි, ඔබට දීර්ගායුෂ පතමි.

කමල් ප්‍රියන්ත

ගොඩගම – නක්කවත්ත

අමරසිරි තව තවත් හෙළ ගී කෙත අස්වද්දන්න

රසික සිත්වලට කාවදින ලෙස ගයන අමරසිරි පීරිස් තව තවත් හෙළ ගී කෙත අස්වද්දන්න.

මනෝජ් වින්දන

කොට්ටාව.

මාධනීට මල් මිටක්

සේපාලිකා ටෙලි නාට්‍යයේ මාධනී මල්වත්ත අපූරු චරිතයක් රඟයි. එය විශිෂ්ට බව ප්‍රකාශ කරන අතර තවත් විවිධ චරිත සාර්ථකව නිරූපණයට ඇයට ශක්තිය ධෛර්ය එකතු කරමි.

සංජු - ගම්පහ.

විජය - කුවේණි සිංහල සිනමාවේ උසස් කෘතියක්

විජයග්‍රහණයකි, විජය – කුවේණි.

උතුරේ රාහුල හිමි කොමාන්ඩෝ දියසේන වැනි අපූර්ව වේදිකා නාට්‍ය තුළින් නැවුම් අරුතක් රසික හදට ළං කළ සුගත් සමරකෝන්ගේ ප්‍රථම සිනමා නිර්මාණය විජය – කුවේණි සිංහල සිනමා වංශ කතාවේ විජයග්‍රහණයක් ලෙස රන් අකුරින් ලියවෙනු ඇත.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය.

සිරස ලක්ෂපති

සිරස ලක්ෂපති වැඩසටහන මම හරි ආසාවෙන් නරඹනවා. ඒක හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්. ලොකු පොඩි හැමෝටම දිනුම ලබාගන්න පුළුවන්. එහි තරගකරුවන් දිනන මුදලින් කුමක් කරන්නේද යන්න පෙන්වනවා නම් තවත් හොඳයි.

පාතිමා - වැලිගම