වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




පෙමක පැටලී මේනක දික්කසාදයි

පෙමක පැටලී මේනක දික්කසාදයි

එක්වීමක් ඇති වුණහොත් වෙන්විමක් තියෙනවා කියා ප්‍රසිද්ධ කියනක් තිබෙනවා. මේ කියමන අද අදාළ වෙන්නේ ජනප්‍රිය නළු මේනක රාජපක්ෂටයි.

ඒ ඔහුගේ විවාහ දිවිය දෙදරා යෑම නිසයි. ඊයේ දිනයේදී මේනක තම බිරියගෙන් නීත්‍යානුකූලව වෙන් වුණා කියලා ආරංචියි.

මේනකගේ සුරතල් දියණියගේ භාරකාරත්වය නම් බිරිඳට පැවැරුණා. එහෙත් දියණියට නඩත්තු ගෙවීමට මේනකට සිදු වෙනවා. මේ දික්කසාදයට හේතුව නම් ප්‍රසිද්ධ රහසක් වන කෂේත්‍රයේම පෙම් පළහිලව්වක් බවයි ආරංචි.

කොහොම වුණත් මේ නිළිය නිසාම මේනක පිස්සුවෙන් සිටිනවා කියලත් ආරංචියි.


මර්සිට සැත්කමක්

රටම හිනැස්සූ මර්සි එදිරිසිංහගේ මේ තොරතුරු ඇසුවොත් ඔබේ නෙතට කඳුලක් නැගේවි. මේ ඇය පිළිබඳ දුක්මුසු ආරංචියක්.

මට කාලයක් තිස්සේ දකුණු කකුලේ පොඩි රිදීමක් තිබුණා. මං ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. කාලෙකට පස්සේ කකුල ඉදිමුණා. ඊට හේතුව හොයා ගත්තුª වෛද්‍යවරයා කිව්වේ ගර්භාෂයේ ඇති ගෙඩියක් නිසා වේදනාව හටගත් බව. ඉක්මනින් එය ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන්නත් ඕනෑ බව ඔහු පැවසුවා.

ඒ නිසා පසුගිය 11 වැනිදා මුළු ඇඟම සිහි නැති කරලා ඒ ඔපරේෂන් එක කළා. දැන් නම් ටිකක් සනීපයි. වෛද්‍යවරු කියනවා දිගටම රෙස්ට් කරන්නලු. එත් මට එක තැනකට වෙලා ඉන්න බැහැ. මං බොහොම කඩිසරව ඉන්න කෙනෙක්. කෙසේ නමුත් මේ වෙනකම්ම මගේ රාජකාරි සහ කලා කටයුතුවලින් බැහැරව කාලය ගත කලේ. හැකි ඉක්මනින් මගේ පුරුදු දිවිය අරඹනවා.

එයට පෙර පසුගියදා මර්සි එදිරිසිංහගේ දයාබර මෑණියන්ගේ අවසන් කටයුතු සඳහා මහන්සි වුණු ඇයත් සමඟ දුක බෙදා ගත් වරකාපොල අමේපුස්ස ගම්වාසීන්ට, ඊට සහභාගි වූ කලාකරුවන්ට, මිත්‍රයන්ට, නැදෑ හිතවතුන්ට, පවුලේ පිරිසට, ගම්පහ ශාන්ත පීතර විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු කන්‍යා සොහොයුරියන්ට, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, කතානායක චමල් රාජපක්ෂ, රඹුක්කන පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික ප්‍රේමදාස, කරු ජයසූරිය, කබීර් හෂීම් යන මහත්වරුන්ට ස්තුති කරන්නත් ඇය අමතක කෙරුවෙ නැහැ.


උදාරිට දියණියක්

පුවත් මවන්නියක වූ උදාරි වර්ණකුලසූරිය විදෙස් ගත වුණේ ඇගේ කුලුඳුල් දරු ප්‍රසූතියට සූදානම් වන්නටයි. ඉහිලුම් නැති සතුටින් සිංගග්පූරුවේ දිවි ගෙවන උදාරිට ලැබෙන්නේ ඉන්නේ ගැහැනු දරුවෙක්ලු. ඒ දූ සිඟිත්තිය උදාරි වගේම රුවැත්තියක් වනු ඇතැයි මේ ආරංචිය දැනගත් බොහෝ දෙනෙකුගේ මතයයි.

මේ වසර අගදී උදාරි සිය දියණියව රැගෙන ලංකාවට පැමිණීමට නියමිතයි. අනතුරුව ඇගේ රංගන කටයුතු පෙර සේම ආරම්භ කරන බව ඇය වැඩිදුරටත් පවසා සිටිනවා.


මස්ඉඹුලගේ ‘බිත්තියේ සිත්තම’ ට වියට්නාමයෙන් ඇගයුම්

සම්මානනීය කලා අධ්‍යක්ෂවරයෙක්, සහය අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ජනප්‍රිය කවියෙකු ද වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පසුගිය දවසක වියට්නාමයට ගියා. ඒ වෙන කිසිවක් සඳහා නොවෙයි. පළමුවරට පැවති ආසියා පැසිපික් කවි සමුළුව වෙනුවෙන් ශ්‍රීී ලංකාවේ කවිය නියෝජනය කරන්න. ඔහුත් සමඟම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍යයට සම්මාන හිමි කර ගත් කන්දයියා ගනේශමූර්තිත් මේ ගමනට එක් වුණා.

ලෝකයේ රටවල් 27 කින් කවි කිවිඳියන් 80 ක් පමණ සහභාගි වූ මේ සමුළුව බොහොම හරවත් එකක් වූ බවයි ආරංචිය. විශේෂත්වය නම් මහින්ද මස්ඉඹුල ඉදිරිපත් කළ ‘බිත්තියේ සිත්තම’ නම් කාව්‍යය සමුළුවේ බෙහෙවින් කතා බවට ලක්වීමයි.

මස්ඉඹුලගේ මේ කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනයට ලක් කරලයි තිබුණේ. ඒ ‘Painting on the Wall’  නමින්. ඔහුගේ කාව්‍යයට පිළිගැනීමක් ලැබුණා විතරක් නෙවෙයි එය රටවල් 14 ක භාෂාවන්ට පරිවර්තනය වීමත් කැපී පෙනුණා.

එක් අතකින් ඒක ලංකාව ලබපු ජයග්‍රහණයක්. මොකද කාව්‍ය නියෝජනය කරමින් රුසියාව, එංගලන්තය, සිගප්පූරුව, ඊශ්‍රායලය, චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව නියෝජනය කරමින් පරසිඳු කවියෝ වියට්නාමයට ආ නිසා.