|
||||||
මේ දුම්රිය වේගවත් ‘ට්‍රේන් ටු කැන්ඩි’
ජෙනී මේ දෙතරුණියන්ගේ වැඩිමලාය. අමන්දා අනෙක් තැනැත්තියයි. ජෙනීව දුටු පමණින් ඇය මහත් සංකර අයකු වග හැෙඟයි. ඒ ඇය හිස තඹ පැහැකර, දෙතොල් සායම් ගල්වා බටහිර පන්නයට නිම වූ ඉතාම කෙටි ඇඳුමක් ඇඟලා සිටින බැවිනි. ඇය නිතරම දුම්වැටියක් මුවෙහි ලා සිටින්නීය. කොළොම් පුරේ දිවි ගෙවන ජෙනීගේ මුදල් ඉපැයුම නීති විරෝධී එකකි. ඇගේ කියා කාත් කවුරුවත් නොසිටීම ඇයට අයාලේ යාමට උල්පන්දම් ලබා දුන්නා වැනිය.
ජෙනීට අමන්දා හමු වන්නේ කොන්ක්‍රිට් පුරවරයේදීම එක්තරා තැනකදීය. ජෙනී මෙන් තෙම්පරාදු වූ චරිතයක් නොවූ අමන්දා බාලවයස්කාර දැරියකි. ඇයගේ ගති පැවැතුම් අමුතුය. සිතන්නේ ද අමුතු දේවල් ගැනය. ඉතාම කෙටි කලකින් ජෙනී සහ අමන්දා යෙහෙළියන් බවට පත් වේ. ජෙනී අමන්දාව සමාජ විරෝධී ලෙස මුදල් උපයන ස්ථානයකට කැටුව යයි. එහිදී අත්වැරදීමකින් ඔවුන්ගේ අතින් එක්තරා මැදි වියෙහි පුද්ගලයකුට යම් අනතුරක් සිදුවේ. ඔහුගේ පුතු මාලන්ය. සමාජයේ ඉහළ පැළැන්තියක දඩබ්බර තරුණයකු වූ මාලන් ජෙනී සහ අමන්දා හඹා යන්නට පටන් ගනියි. ජෙනී සහ අමන්දා නුවර දුම්රියට නැගුණේ මාලන්ගෙන් ගැලවෙන්නද? එහෙමත් නැතිනනම් වෙනත් අරමුණක් උදෙසාද? ජෙනී, අමන්දා, මාලන් ජීවත් වන්නේ ට්‍රේන් ටු කැන්ඩි චිත්‍රපටයේය. උදාන ෆොන්සේකාගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වූ මෙය පෝල් ඇන්ඩෘ විලියම්ගේ ලන්ඩන් ටු බ්‍රයිටන් චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයකි.
අමන්දාගේ චරිතය නිරූපණයට අධ්‍යක්ෂවරයා නවක රංගන ශිල්පිනියක් රිදී තිරයට හඳුන්වා දෙයි. ඇය දේශානි පතිරණයි. මේනක රාජපක්ෂ මාලන්ගේ චරිතය මවා තිබේ. මෙය මේනක රඟපෑ පළමු චිත්‍රපටය වන්නේය. වේදිකාවේ පෙළහර පෑ කලණ ගුණසේකරද රිදී තිරයට හඳුන්වා දෙන ට්‍රේන් ටු කැන්ඩි්,නන්ද වික්‍රමගේ, දසුන් පතිරණ, සුලෝචනා වීරසිංහ ඇතුළු රංගන ශිල්පීන් බොහොමයකගෙන් සමන්විතය. චිත්‍රපටයේ රූගත කිරීමේ කාලය දින නවයකි. එමෙන්ම ඩී. එස්. එල්. ආර්. කැමරාවක් භාවිත කරමින් රූගත කළ ලොව තෙවැනි චිත්‍රපට වන්නේ මෙයයි.
නිෂ්පාදන පිරිවර: නිෂ්පාදනය – උදාන ෆොන්සේකා, රේ ජේ සංස්කරණය සහ කැමරාකරණය - රේ ජේ මිශ්‍ර කිරීම් – මහේෂ් කංකානිගේ
ඇඳුම් නිර්මාණය, අංග රචනය – රුකී ජේ
විධායක නිෂ්පාදකවරුන්: සුනිල් ටී. ප්‍රනාන්දු
චන්ද්‍රන් රත්නම් පාලිකා ෆොන්සේකා ගසී ජේයිනුලබ්ඩීන් ආර්මේන් මාර්ංටන්ස්ටයින්
|
||||||