වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




පොත් විත්ති

පොත් විත්ති

බර්නාඩ් ශ්‍රී කාන්තගෙන් ‘සිනමා රැළි’

මෙවර පොත් විත්ති තීරුවෙන් පළමුව මුණ ගැසෙන්නේ බර්නාඩ් ශ්‍රී කාන්ත ලියූ ‘සිනමා රැළි’ කෘතියයි. පසුගියදා සුබ මොහොතින් දොරට වැඩුණු ‘සිනමා රැළි’ කෘතිය සඳහා මූලික වී තිබෙන්නේ චිත්‍රපට හැදූ අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකවරුන් කිහිප දෙනෙක්.

ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නාමාවලියත්, ගීත්‍රපට ගීත කිහිපයක්. සිනමාව පිළිබඳ ලියවුණු පොත් අතරට එක්වන අලුත්ම කෘතිය වන්නේ ‘සිනමා රැළි’ කෘතියයි.


අනූෂා ‘සුදු අළු කළු’ කවියට නඟයි

දෙවනුව ඔබ අතට පත් වන්නේ අනූෂා ගෝකුළ ප්‍රනාන්දුගේ ‘සුදු අළු කළු’ කාව්‍ය සංග්‍රහයයි. පසුගියදා දොරට වැඩුණු ‘සුදු අළු කළු’ කෘතියට පාදක වී තිබෙන්නේ පරිපාලන සේවා නිලධාරිනියක් විදියට ඈ ලැබූ අත්දැකීම් විය යුතුයි.

එවන් සිව්පද හා නිසදැස් ආකෘතියේ ලියන ලද කාව්‍ය හතළිහක් පමණ කෘතියට ඇතුළත්.


මාධ්‍ය දිවිය විසි වසක් සපුරන සුගත් ශාන්තගෙන් ‘සසල’

සුගත් ශාන්ත මොරගහකුඹුර කියන අපේ සහෘද දිවයින මාධ්‍යවේදියාගේ මාධ්‍ය දිවියට වසර 20 ක්. මේ ලැබුව වසර 20 ක කාලය පිළිබඳ කල්පනා කළ ඔහු අපූරු වැඩක් කළ යුතු යැයි සිතුවා.

ඒ අපූරු වැඩය තමයි පසුගියදා ‘සසල’ කියන කෙටි කතා එකතුවක් ලෙස එළිදැක්වීම. මේ කතා එකතුවට පාදක වෙලා තියෙන්නේ සුගත් ශාන්තගේ මාධ්‍ය ජීවිතයේදී හිතවත් වගේම සමාජයේ ජීවත් වන අය ලැබූ අත්දැකීම් රාශියකින් එකතු වූ කතා රාශියකින් කෙටි කතා එකතුව නිර්මාණය වී තිබීමයි.

රංගන ශිල්පියෙක් වෙන්න හිතාගෙන කොළොම් පුරවරයට පය ගසනා සුගත් අවසානයේ නතර වෙන්නේ මාධ්‍යවේදියෙක් වෙලා. ‘සසල’ කියන්නේ ඔහුගේ විසි වැනි කෘතිය වීමත් විශේෂත්වයක්.