වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




එකමත් එක රටකට බෙල්ජියමේදී ගෞරව

එකමත් එක රටකට බෙල්ජියමේදී ගෞරව

බෙල්ජියමේ මෝන්ස් චිත්‍රපට උළෙල නියෝජනය කිරීම සඳහා එකමත් එක රටක චිත්‍රපටය ද රැගෙන ප්‍රවීණ සිනමාවේදී සනත් ගුණතිලක බෙල්ජියමේ සංචාරයක නියැලුණා.

එහිදී ‘එකමත් එක රටක’ චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාර ලැබුණු බවයි වාර්තා වන්නේ.

ප්‍රංශ ජාතික එමිල් සෝලාගේ කතාවක් ඇසුරෙන් එම චිත්‍රපටය නිපදවා තිබීමත් කේමදාස මාස්ටර්ගේ විශිෂ්ට සංගීතය ‘එකමත් එක රටක’ වටිනාකම ඉහළ දමන්නට සමත්ව තිබුණා.