වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




සාරංග සමඟ සිල්ගත් කොක්කු

සාරංග සමඟ සිල්ගත් කොක්කු

මේ දවස්වල පුංචි තිරයෙන් ඔබ හමුවට එන සාරංග දිසාසේකර කියන ඔබගේ හදවත දිනූ ඒ සොඳුරු රංගන ශිල්පියා ආයෙත් වේදිකාවට පය තියලා.

‘ඇත්තද මේ?’

අපි සාරංගට කතා කළා. මේකෙ ඇත්ත නැත්ත දැනගන්න.

‘මම වේදිකාවේ රඟපාන දෙවැනි අවස්ථාව තමයි මේ සිල්ගත් කොක්කු කියන්නේ. වේදිකාව රංගන ශිල්පියෙකුට අපූරු රංගන පාසලක්. රංජිත් අල්විස් කියන වේදිකා නාට්‍යකරුවාගෙන් ලැබුණු ඒ ආරාධනය මා බොහොම කැමැත්තෙන් පිළිගත්තා.’

රංජිත් ද අල්විස්ගේ නවතම වේදිකා නාට්‍යයක් වන ‘සිල්ගත් කොක්කු’ නාට්‍ය සඳහා ගාමිණී හෙට්ටිආරච්චි, මනෝහාරී විමලතුංග, මල්කාන්ති ජයසිංහ, සන්ධ්‍යා රඹුක්කනගේ, ලෝචනා හිමාෂි, අනුර ශ්‍රීනාත්, ගිවන්ත අර්ථසාද් යන ප්‍රවීණ හා යොවුන් ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රංග නයෙන් සහභාගි වේ.

විශාරද එඩ්වඩ් ජයකොඩි සංගීතය සපයන වේදිකා නාට්‍යයක් වන සිල්ගත් කොක්කු හි නිෂ්පාදනය රූපසිංහ ගලප්පත්තිගෙනි.


මනීෂාගේ උපන් දිනයට ළබැඳියන්ගෙන් ආසිරි

හිත මිතුරන් පිරිවරා උපන් දින කේක් ගෙඩිය කැපූ මොහොත

මනීෂා සමඟ රන්ජන් සහ ඇගේ මිතුරි නිර්ධා

රංගන ශිල්පිනී මනීෂා නාමල්ගමගේ උපන් දින සාදය ඉකුත්දා නුගේගොඩ දෙල්කඳ ෆින්ගාරා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. ඇගේ හිත මිතුරන් රැසක් මේ

අවස්ථාවට සහභාගි වූ අතර මේ දැක් ;වනුයේ ඒ මොහොතේ ගත්

ඡායාරූප කිහිපයකි.


කලා භූෂණයෙන් පිදුම් ලැබූ සිරිමා ඇනස්ටා මර්සිලින්

දක්ෂ ගුවන් විදුලි ගායන ශිල්පිනියක, පුවත්පත් විශේෂාංග ලේඛිකාවක, කිවිඳීයක හා වේදිකා නාට්‍ය ශිල්පිනියක වන සිරිමා ඇනස්ටා මර්සිලින් පසුගියදා කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ගුවන් විදුලියෙන් රුක්මණීී දේවිය සමඟ කිහිප අවස්ථාවකදීම ගීත ගායනයෙන් එක් වූ ඇය මීගමුව දේවස්ථානයන්හි කන්තාරු ගී ගායිකාවක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටින්නීය.

රුක්මණී දේවිය වැරදුනු කුරුමානම චිත්‍රපටයට ගැයූ ‘නමෝ මරියනී’ ගීතිකාව දැනට ගායනා කරන එකම තැනැත්තිය ඇය පමණක් වීම විශේෂත්වයකි. රුක්මණී චිත්‍රපටයක් වෙනුවෙන් ගැයූ එකම කිතුනු ගීතිකාව වන්නේ ද මෙම නමෝ මරියනී ගීතිකාවයි.

වසරක් පාසා පැවැත්වෙන රුක්මණී දේවි අනුස්මරණ උළෙලේ පළමු ගීතය ලෙසින් සිරිමා ඇනස්ටා අදටත් මෙම ගීතය ගයන්නේ රුක්මණියට පිදෙන ආදරණීය තිළිණයක් ලෙසටයි.