වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

සරසවිය ප්‍රතිචාර තීරයට ලියන්න, සරසවිය ලේක්හවුස්, කොළඹ 10. එහෙමත් නැතිනම් ඔබේ අතේ ඇති ජංගම දුරකතනයෙන් 0757413731 යන දුරකතන අංකයටක්ෂණිකව කෙටි පණිවුඩ මඟින් එවන්න ඔබට හැකිය.

කෑගල්ලේ ජාතික ගීය නැහැ

කෑගල්ල නගරයේ ඇති සිනමාහල් තුනෙන් එකම සිනමාහලකවත් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට මත්තෙන් ජාතික ගීය වාදනය නොකෙරේ. රිදී තිරය මත ජාතික කොඩියවත් ප්‍රදර්ශනය නොකෙරේ. ඒ කටයුතු කරන්නේ නම් ඉතාම අගෙයි.

කෑගල්ල කටාකය පාරේ - තිලකරත්න විල්වල
 

වාද බයිලාකරුවන් සිහිපත් කරමු

වොලී බැස්ටියන්, ගල්කිස්සේ මිල්ටන් සිල්වා, කිරිබත්ගොඩ පවුලිස්, තොටලඟ කුසුම්පාල, මරදානේ රූබන් පෙරේරා යන නාමයන් වාද බයිලා කලාව වෙනුවෙන් ප්‍රසිද්ධ අයය. ඔවුන් අප සිහි කර සිටිමු.

කපුගොඩ මාළිඳ- සරසවි නිවසේ - සරත් රණසිංහ

ප්‍රසන්නට සිනමා උළෙලක්

සිංහල සිනමා ඉතිහාසයේ අපේ කාලයේ ලාංකික සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය ප්‍රධාන පුද්ගලයින් ගොන්නෙන් අයකු ලෙස ප්‍රසන්න විතානගේ මා දකිමි.

අනන්ත රාත්‍රිය, පුරහඳ කළුවර, ආකාස කුසුම්, ඉර මැදියම තුළින් ඔහුගේ නිර්මාණ භාවිතය සමාජය තුළ දැඩි කතාබහට ලක් වූ සිනමා නිර්මාණ කිහිපයකි. ඊට මා පවුරු වළලු ද එක් කරමි. ප්‍රසන්න විතානගේ කලාකරුවාට කරන ගෞරවයක් ලෙස ඔහුගේ සිනමා උළෙළක් පැවැත්වීමට සුදුසු කාලය යැයි මට හැඟේ.

අජිත් ලක්මාල් - මීගමුව

ධර්මසිරි බණ්ඩාරනායක ඇයි නිහඬ?

ඒකාධිපති නාට්‍ය තුළින් වේදිකාව මෙන්ම දේශපාලනයේ ද පෙරළියක් කළ ඔබ නිහඬ ඇයි. තුන්වැනි යාමය, හංස විලක් තුළින් සිනමාවේ මනෝභාවයන් ප්‍රකට කළ ඔබේ ඊළඟ නිර්මාණ කාර්යයට කාලයයි මේ.

බන්දුල මල්ලවආරච්චි - ගම්පහ

ටෙලි නාට්‍ය නිර්මාණවේදී සංගමයේ ඇහැ ඇරෙත්වා

දරුවන්ට නිතරම අවශ්‍ය වන්නේ විවේචනයන් නොව ආදර්ශමත් පුද්ගලයන්ය. එහෙත් වර්තමානයේ ටෙලි නාට්‍ය කලාව දරුවන්ගේ මනස බුද්ධිය සම්පූර්ණයෙන්ම විකෘති කරමින් පවතියි. ‘කලාව වාචාලය. කුරුටු සහගතය’ යන රොබට් සවුදේ ගේ කියමන වර්තමානයේ ඔප්පු වෙමින් පවතියි. ළමා රියැලිටි වැඩසටහන් ගැන අපක්ෂාපාතී විනිශ්චයන් සිදු කරන්නට ප්‍රථම නිද්‍රා සුවයෙන් පසුවන ටෙලිනාට්‍ය නිිර්මාණවේදීන්ගේ සංගම්, ටෙලි පාලක මණ්ඩල මේ ගැන නෙත් ඇත්තෝ නෙත් දෙකෙන්ම දකිත්වා.

ධනංජය නානායක්කාර -මොරටුව

සෝමපාල ලීලානන්ද කලා ලොවට සම්පතකි

පාට පොදක් තිලකලා, නිල්ල නඟන, යෞවන උයනේ, තනියේ ආවාරේ, බිළිඳුනේ දරුවනේ, පෙම් රස වෑහෙන ආදී ජනප්‍රිය ගී රැසක් ගී ලොවට ගී මල් වරුසාවක් එක් කළ අපට සිටින සුවිශේෂී කලා ශිල්පියකු වේද ඔහු සෝමපාල ලීලානන්ද යැයි කටපුරා කිව හැකිය. ඔබ කලා ලොවට මහගු සම්පතකි.

මිල්ටන් ප්‍රනාන්දු මිනෙරෝ උතුරු මූදුකටුව

බැලුම්ගලට ප්‍රශංසා

සෑම දිනකම උදේ 7 – 8 ත් අතර නෙත් එෆ්. එම්. ගුවන් විදුලියේ විසුරුවා හරින බැලුම්ගල වැඩසටහන ඉතාම කාලෝචිත වූ අසන්නන් දැනුවත් කරන වැඩසටහනකි. එය නිෂ්පාදනය කරන කාර්ය මණ්ඩලයටත්, නෙත් එෆ්. එම්. ගුවන් විදුලියටත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.

එන්. ඩී. ඉසෙඩ්. සිරිවර්ධන - දොඩංගොඩ.


S.M.S. ඔබ එවූ එස්. එම්. එස්. ප්‍රතිචාර

ලක්නා රන්දුල ආයුබෝවන් ශ්‍රී ලංකා මරු

ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරිපත් කරන ‘ලක්නා රන්දුල’ ලස්සනට එයාගේ වගකීම හිතට අරගෙන හොඳින් වැඩසටහන නිවේදනය කරනවා.

උපුල් චන්ද්‍රප්‍රිය රණසිංහ

කරන්දෙණිය.

කාංචනා හොඳින් රඟපානවා

කාංචනා මෙන්ඩිස්ට,

මේ වසන්ත කාලයයි සහ භාර්යාවෝ ටෙලි සිතුවම්වල ඔබ හොදින් රඟපානවා.

කාවින්ද

රශ්මික

මල්ලහේව.

‘ස’ නතර වීම මහා පාඩුවකි

වික්ටර් රත්නායක ඇදුරාණෙනි ඔබගේ ‘ස’ ප්‍රසංග ඉදිරියේදී නැවැත්වීම කලාවට ලැදි රසික පිරිසට මහත් පාඩුවක් වේවි. නමුත් ඔබගේ තීරණය සාධාරණය. ඔබට නීරෝගි සුවය සහ දීර්ඝායුෂ පතමු.

හොරණ සිට - දමයන්ති ඇතුළු පිරිස

අම්මලාගේ ස්ටාර් උන්මාදයට පැසසුම්

මාර්තු 22 සරසවියේ පළ වූ ‘අම්මලාගේ ස්ටාර් උන්මාදය’ විශේෂාංගයට මමත් එකඟ වෙමි.

රුවන් කුමාර -රත්නපුර.

මිල්ටන්ගේ මිහිරි ගීත නවකයන්ගෙන් අමිහිරි වෙයි

මිල්ටන් මල්ලවආරච්චි නම් ප්‍රවීණ කලාකරුවාගේ ‘කඳු පාර ඈත අයිනේ’ ජනප්‍රිය ගීතය නවක ගායකයකු විසින් ඇසීමට පවා නොහැකි අෙඳීනාවක් බවට පත් කොට තිබේ. මෙවැනි පැරැණි ප්‍රවීණ කලාකරුවන්ගේ ජනප්‍රිය නිර්මාණ නවකයන් විසින් මෙලෙස විනාශ කිරීම තරයේ හෙලා දකිමි.

ජයන්ත සරත් - නුවරඑළිය.

ප්‍රතිචාර