|
සිතාර් වාදනයෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක්
ඇගේ මව වන දිනිති නයනා සුරවීර නර්තන ගුරුවරියකි. එමෙන්ම ඇගේ පියා වන ජගත් මාපලගම සංගීත ගුරුතුමෙකි. කලාවට ලැදි පවුලක වැඩිමල් දියණිය වන ඇය සිය ආදරණීය පියාගෙන් සංගීතය හැදෑරීමට අත් පොත් තබා ඇත. සංගීතය ඉගෙනීමට අමතරව පාසලේ මාධ්‍ය ඒකකයේ හා බැඩ්මින්ටන් කණ්ඩායමේ සාමාජිකාවක ලෙස පූර්ණිමා දියණිය කටයුතු කරයි. ඇය අනාගතයේ විද්‍යා අංශයෙන් ඉදිරියට ගොස් වෛද්‍යවරියක වීමට බලාපොරොත්තු වන අතරම සිය වාදන හැකියාව ද ඒ සමඟ වර්ධනය කර ගැනීමටත් එමඟින් තව තවත් ජයග්‍රහණයන් ලැබීමටත් අපේක්ෂා කරයි. තමාගේ දක්ෂතාවයෙන් පාසලටත් මව්පියන්ටත් ජයග්‍රහණයක් ගෙන ඒම පිළිබඳ සතුටු වන පූර්ණිමා දියණියට ඇගේ මව්පියන්, විදුහල්පතිතුමා, පාසලේ සංගීත අංශයේ ගුරු භවතුත් අන් සියලු ගුරුවරුන්, ආදරණීය සහෝදරියන් දෙපළ හා යහළුවන් ඉදිරි ගමනට ආශිර්වාදයක් වේ. ඇගේ අනාගත දිවියට සරසවිය අපි ද සුබ පතමු.
|