|
|
සඟවා තිබූ ආදරේ
පසුගිය කාලයේ හැමෝම හිතුවේ යොවුන් නිළි අලියා භාත් සමඟින් වරුන් ප්‍රේමයෙන් බැඳී සිටින බවයි. ඒ වුණත් වරුන්ගේ ජීවිතයේ වෙනත් විශේෂ කෙනෙක් සිටින බව දැන් ක්ෂේත්‍රයේ කාටත් නොරහසක්. ඇය නතාෂා දලාල්. මේ කතාව මේ තරම් කාලයක් ප්‍රසිද්ධ වුණේ නැහැ. පසුගිය දවසක රූපවාහිනි වැඩසටහනකදී වරුන් නතාෂා සමඟ සම්බන්ධය හෙළි නොකිරීම ගැන තොරතුරු සඳහන් කළා. වරුන් සහ නතාෂා ආදර සම්බන්ධය ගැන තොරතුරු ප්‍රසිද්ධ වෙලා නැත්තේ නතාෂාගේ ඉල්ලීමක් නිසයි. “අපේ සම්බන්ධය ප්‍රසිද්ධ කරනවාට ඇය කැමැති නැහැ. මම මගේ පුද්ගලික ජීවිතය ගැන කතා කරන්නේ ඇයි? එහි කතා කරන්න ගොඩක් දේ තියෙනවා. ඒක මගේ වෘත්තීය ජීවිතයට බලපෑමක්. මගේ පුද්ගලික ජීවිතය බොහොම සිත් ගන්නා සුළුයි. කම්මැලිකම ගෑවිලාවත් නැහැ” වරුන් පවසනවා. |



සමහර අය තමන්ගේ පුද්ගලික ජීවිත ගැන පුරසාරම් දෙඩුවත් තවත් අය හදන්නෙම පුද්ගලික
ජීවිතයේ තොරතුරු සඟවා තබා ගන්නයි. ඒ වුණත් ජනප්‍රිය අයගේ තොරතුරු හෙළිවීම
වළක්වන්නත් ගොඩක් අමාරුයි. වරුන් ධවාන් දැන් බොලිවුඩයේ ජනප්‍රිය තරුවක්. ඔහුගේ
සම්බන්ධතා ගැනත් දැන් තොරතුරු ටිකෙන් ටික හෙළි වෙන්න පටන් අරන්.