|
සතුරන් මෙන් සටනට එන සොහොයුරෝBrothers
ඉන්දියාවේ ක්‍රීඩා චිත්‍රපටයක් නිර්මාණය කිරීම දෙපැත්ත කැපෙන කඩුවකට සමාන බව ඇතැම් විචාරකයන්ගේ මතය යි. 2013 වසරේදී ආදායම් වාර්තා තැබූ අග්නීපාත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කරන් මල්හෝත්‍රාගේ නවතම චිත්‍රපටය Brothers (බ්‍රදර්ස්) පසුගිය 14 වැනිදා සිට රිදී තිරයට පැමිණියේ ය. විශ්‍රාමික වීදි සටන්කරුවෙකු වූ ගාර්සන් ෆර්ඩිනැන්ඩ්ස් හෙවත් ගැරී සිරගෙයින් නිදහස් වී පැමිණෙන විට පිළිගන්නට පැමිණෙන්නේ ඔහුගේ බාල පුත්‍රයා වූ මොන්ටි ය. පළමුවෙන්ම ගැරී විමසන්නේ ඔහුගේ වැඩමහල් පුත්‍රයා වන ඩේවිඩ් පිළිබඳවයි. එක කුස උපන්නද ඩේවිඩ් හා මොන්ටි අතර පවතින්නේ තදබල වෛරයකි. ගැරීට එය දැන ගන්නට ලැබෙන්නේ පසුවය. ඩේවිඩ් ද එම නගරයේම වෙනත් ස්ථානයක සිට බිරිඳ ජෙනී සහ දියණිය සමඟ සතුටින් දිවිගෙවයි. දුක සතුට සමබර මේ ලෝකය තුළ ඩේවිඩ් පවුලේ සතුටද දුකට පෙරළෙන්නේ දියණියගේ වකුගඩු රෝගය සමඟිනි. මේ හේතුවෙන් සිත් තැවුළෙන් පසුවන ඩේවිඩ්ගේ රැකියාව ද අහිමි වී යන්නේ පවුලේ ආර්ථික තත්ත්වය තව තවත් පහළට ඇද දමමිනි. වෘත්තියෙන් භෞතික විද්‍යා ගුරුවරයෙකු වූ ඩේවිඩ්හට තම දියණියගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම පිණිස නැවතත් සටන් බිමට පිවිසිමට සිදු වේ. මේ අතර කෝටිපතියෙකු වූ පීටර් බ්‍රිගැන්සා වීදි සටන් සඳහා නීත්‍යානූකූල බවක් ආරෝපණය කර දින දෙකක වීදි සටන් තරගාවලියක් සංවිධානය කරයි. ජයග්‍රාහකයාට කෝටි 9ක මුදලක් පිරි නැමෙන මෙම තරගය ඩේවිඩ් සහ මොන්ටි නම් අයියා මලෝ දෙදෙනාගේම අවධානය දිනා ගනී.
හීරරෝ යෂ් ජොහාර් සහ කරන් ජොහා බ්‍රදර්ස් චිත්‍රපටය තිරගත වී පළමු සති අන්තයේදී සාර්ථක ආදායමක් ලබා ගන්නට සමත් වී ඇත. එය මේ වසරේදී ඉහළම සති අන්ත ආදායම් ලද චිත්‍රපට අතරේ දෙවැනි ස්ථානයේ පසු වේ. ඒ වෙනුවෙන් බ්‍රදර්ස් උපයාගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 52.08කි. වොරියර් චිත්‍රපටයද 2011 වසරේදී හොලිවුඩයේ ආරම්භ සති අන්තයේ වැඩිම ආදායම් ලද චිත්‍රපට අතරේ තෙවැනි ස්ථානයට පත් වීය. නමුත් එය වාණිජමය අතින් සාර්ථක වූ නිර්මාණයක් බවට පත් නොවීය. ඉන්දීය රුපියල් කෝටි 82ක වියදමින් නිමකර ඇති බ්‍රදර්ස් මේ වනවිටත් එම පිරිවැය පසු කර ආදායම් ලබා ගැනීමට සමත් වී ඇත. එය ඉන්දීය රුපියල් කෝටි 85.66කි. IMDB දර්ශකයේ මේ සහෝදරයන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7.5/10කි. එමෙන්ම බ්‍රදර්ස් චිත්‍රපටය මිශ්‍ර ප්‍රතිඵල ලද චිත්‍රපටක් ලෙසින් හඳුන්වන විචාරකයන් අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් සෘණ ප්‍රතිචාර දක්වා ඇති අතර අක්ෂේ කුමාර්ගේ රංගනය සහ සටන් ජවනිකා පැසසුමට ලක් කර තිබේ.
|