|
සීතල කඳුකරය උණුසුම් කළ ආදරය පිළිබඳ සලරූ කාව්‍යය
ජීවිතය විනිවිදින
අග්‍රගණ්‍ය සිනමා කෘතිය ඔබ නැතුව ඔබ එක්කඉන්දියානු සිනමා ඉතිහාසයේ මුල්වරට එරට නිළියක් විදෙස් අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් වෙනුවෙන් රජත මයුර සම්මානය දිනූ චිත්‍රපටය
මේ හමුවීම ජීවිතයේ වෙනස්කමකට මඟ පෑදුවේය. ඈ සෙල්වි නම් වූවාය. ඈ උපන්නේ මේ සීතල කඳුකරයේ නොවේ. එයට වඩා බෙහෙවින් දුර ගිනි ගහන පොළව සහිත කිලිනොච්චියේය. යුද්ධයේ අඳුරු වලාකුළු අවට පැතිර යද්දී රැකවරණය පතා ඕ උඩරටට පැමිණියාය. එහි ඈ ජීවත් වූයේ දරුවන් සමඟ තනි වුණ වැන්දඹු නැන්දනියක හා අවිවාහක ජීවිතයක් ගෙවූ නැන්දනියක සමඟය. සරත්සිරිගේ ජීවිතයට හිටි ගමන් කවදාවත් නොදැනුණ තනිකමක් දැනිණ. සීතල වෙනදාටත් වඩා ගත වෙලන්නේ යැයි හැඟුණා විය යුතුය. ඉඳින් ඔහු හදිසියේ දුටුව යුවතිය ජීවිතයට එක් කර ගන්නට තීරණය කළේ මොකක්දෝ අපූරු දෙයක් ජීවිතයට සිදුවෙමින් තිබූ වග දැනුණ නිසාවෙනි. ඇයට ඔහුගේ ජීවිතය බෙදා හදා ගන්නට ඉඩ සැලසිණි. එක්තරා දවසක වැඩි සද්දයක් නැතුව සියලු භේද පසෙකලා ඈ ඔහුගේ පතිනිය වූවාය. ජීවිතය නවතිනුයේ කොතැනද? සරත්සිරිගේ ජීවිතය වෙනස් වනු ඔහුටම හැඟිණ. ඇය ජීවිතය හෙමින් හෙමින් වෙනස් කළාය. එහෙත් ජීවිතය යනු එයම වන්නේද? ආදරය යනු කොතැනද? ජීවිත කතාවක ඇරැඹුම එතැනය. ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන ලද නවතම සිනමා කෘතිය ඔබ නැතුව ඔබ එක්ක සමඟ ලබන 3 වැනිදා මේ පුවත වඩා සවිස්තරාත්මකව පවසනු ඇත. මේ ජීවිත අන්දරය ඇතුළට කිමිද පවතින ලෝකය ඔබට විවර කරනු ඇත.
රංගන දායකත්වය -
නිෂ්පාදනය - ලසන්ත නවරත්න, මොහමඩ් ආදම්ලි අධ්‍යක්ෂණය සහ තිර රචනය - ප්‍රසන්න විතානගේ විධායක නිෂ්පාදනය - රාහුල් රෝයි, ඉරන්ති අබේසිංහ, සුනිල් ෆොන්සේකා, නදීරා ආදම්ලි රේඛීය නිෂ්පාදනය - කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල නිෂ්පාදන සැලසුම්කරණය - රොබ් නේවිස්
සංගීත අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ජෝශප් ද සේරම් ශබ්ද නිර්මාණය - තපස් නායක් වෙස් ගැන්වීම - ඊබට් විජේසිංහ සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල කලා අධ්‍යක්ෂණය - ලකී ආතවුද , මෙත්නුවන් විජේසිංහ
|