|
අනිච්චේ දුක්ඛේ සංසාරේ හයසීයට - නවසීයක්
කේ. බී. හේරත්ගේ මායාදේවී වේදිකා ගත වෙන්නේ 1984 දී. 84 රාජ්‍ය නාට්‍ය උත්සවයට 80
කණ්ඩායමේ නාට්‍ය දෙකක්ම නීල් අලස්ගේ සිහින සාප්පුවත් එක්ක. මේ නාට්‍ය දෙකේම වැඩිපුර
හිටියේ 80 කණ්ඩායමේ කට්ටිය. කේ. බී, මනෝ, නීල්, අජිත්, ජයශ්‍රී, කපිල කුමාර කාලිංග.
මේ නාට්‍ය දෙකේම මේක් අප් මගේ. බලාගෙන ගියාම 80 කණ්ඩායම ඒ දවස්වල 60 දශකයේ අපේ
කට්ටිය වගේ ක්‍රියාශීලී
පැවිදි හා උපැවිදි පුතාගේ චරිතය රඟපෑවේ ජනප්‍රිය
චිත්‍රපට නළුවෙක් වූ අජිත් ජිනදාස. අජිත්, නීල්ගේ සිහින සාප්පුවෙත් රඟපෑවා. මායා
දේවී රිහර්සල්ස් එක දිගට. සෙට් එක මිණිපුර රත්නසේකරගේ. ඇඳුම් ස්විනීතා සුබසිංහගේ.
එතකොට සංගීතය එඩ්වඩ් ජයකොඩි. ලයිට් උපාලි රුපසිරිගේ, වේදිකා පරිපාලනය සිරිල්
ආරියපාලගේ. මිනී පෙට්ටි සාප්පුවේ සේවකයා විදියට රඟපෑවේ ගුණරත්න රංහොටි. ඔහු අද අප
අතර නැහැ. නාට්‍යයේ වේදිකා භාණ්ඩවලට මිනී පෙට්ටියක් අවශ්‍ය වෙනවා කියලා මිණිපුර
කියනවා. වේදිකා භාණ්ඩයක් වුණත් විශේෂ මිනී පෙට්ටියක් අවශ්‍ය නැති බවත්, ලාබ, බාල
ලීයෙන් හදපු පෙට්ටියකින් වේදිකාව හදාගන්න පුලුවන් බවත් ඔහු කියනවා. රිහර්සල්වලදී නළු නිළියන්ට වේදිකා භාණ්ඩ හුරුපුුරුදු වෙන්නත් ඕනෑ නිසා පෙට්ටියක් අවශ්‍ය බව කේ. බී. වගේම ප්‍රධාන නළු නිළියොත් කියනවා. මිනී පෙට්ටියක් ගන්න, පෙට්ටි සාප්පුවකටම යන්න එපායැ. ඒත් හැබෑවටම මිනියක් නැතුව. නිෂ්පාදක කේ. බී., අජිත් ජිනදාස එක්ක එක්කාසු වෙලා උදේ වරුවක යනවා මිනී පෙට්ියක් ගන්න රාජගිරිය පැත්තේ පුංචි මිනී පෙට්ටි සාප්පුවකට. සාප්පුව ඇරියා විතරයි වගේ, උඩුකය නිරුවත් කලු, කොට මනුස්සයෙක් සාප්පුව ඇතුළේ බුදුන් වඳිනවා කේ. බී.ත් අජිතුත් දකිනවා. දෙන්නා උගුර පාදලා මුදලාලි දිහා බලනවා. මුදලාලි බුදුන් වැඳිල්ල පැත්තක තියලා මේ දෙන්න පාන්දරම ආපු ගනුදනුකාරයො දෙන්නෙත් කියලා හිතාගෙන සුපුරුදු ශෝකය පළ කරන වාක්‍යය කියන්න පටන් අරගෙන. අනිච්චේ දුක්ඛේ සංසාරේ, ජීවිතේ හැටි ඔහොම තමයි, මේ උන්නා, මේ නැති වුණා. ඉතින් මහත්තයෝ මොකද මගෙන් කෙරන්න ඕනෑ. අනිච්චේ දුක්ඛේ සංසාරේ කියමින් බඩ අත ගගා මුදලාලි එයාගේ ශෝකය ප්‍රකාශ කරනවා. මේ ලොකු උන්නැහේ මෙතන අනිච්චේ දුක්ඛේ වෙන්න දෙයක් වෙලා නෑ. අපි ආවේ අපේ නාට්‍යයකට මිනී පෙට්ටියක් ගන්න, ඔය බාල ලීයකින් හදාපු ලාබ පෙට්ටියක්. මම හිතුවේ උන්නැහේලාගේ පවුලේ ළඟ ඥතියෙක්වත් නැති වෙලා කියලා. රට අඹ ලෑලි පෙට්ටියක් නම් ඔය වැඩේට හරි යයි මගේ හිතේ. රුපියල් හය සියයක් දෙන්නකො. කේ. බී.ත්, අජිතුත් හයසියයට කැමැති වුණා. ඒත් වේදිකාවට පේන්න ඕන වෙන්නේ පෙට්ටියෙන් බාගයක් නිසා පෙට්ටිය දෙකට කපල බාගයක් දෙන්න කියලා මුදලාලිට කිව්වලු දෙන්න එක්ක. රුපියල් හයසීයක් ගෙවලා පෙට්ටියෙන් බාගයක් අරගෙන එනකොට අජිත්ට කල්පනා වුණාලු ඉතිරි බාගෙත් ඉල්ල ගත්ත නම්, පස්සේ දවසක ඒකත් පාවිච්චි කරන්න පුලුවන් නේද කියලා. මුදලාලි බඩ අත ගගා පෙට්ටියේ ඉතිරි අඩ ඇතුළට ගෙනියනවලු මේ වෙලාවේ. මුදලාලි අපි ආවේ අර ගත්තු පෙට්ටියේ අනිත් බාගෙත් ඉල්ල ගන්න. මුදලාලි විකුණන්නේ මිනී පෙට්ටි නොවැ. බඩ අත ගගා කියනවලු, ඔන්න එහෙනම් මහත්තයෝ ඒ කෑල්ලටත් රුපියල් තුන්සීයක් දීලා ගෙනි යන්නකො කියලා. රුපියල් 600 සම්පූර්ණ මිනීි පෙට්ටියට රුපියල් 900 ක් ගෙවපු කතාව කේ. බී.යි, අජිතුයි අපිට කියන්නේ මුදලාලිට අහුවෙච්ච අහුවිල්ලක් කියලා.
|