|
එහෙත් මෙහෙ වගේමයි
මේ වසරේදී චන්දිගාර් හි බලය පතා ජනප්‍රිය තරු යුවළක් සටන් වදිති. පානග් ආම් ආද්මි පක්ෂයෙන් ද, ප්‍රවීණ නිළි කිරන් භාරතීය ජනතා පක්ෂයෙන් ද තරග කරති. නරේන්ද්‍ර මෝඩි වෙනුවෙන් සටන් වදින්නන් අතර හේමා මාලිනී, සතෘගන් සිංහ වගේම දේශපාලනයට නවකයකුª වූ පරේශ් රාවල් ද, ජෝයි බෙනජි ද වෙති. අබේ ඩියොල් දේශපාලනයට එක්වීමට කැමැත්තෙන් සිටියි. එහෙත් බොලිවුඩ් සිහින පුරවරය තරම් දේශපාලන පොරපිටිය බොහෝ තරුවලට සුබ වන්නේ නැත. තරු ගුණයේ දීප්තියෙන් දේශපාලන ලෝකය ආලෝකවත්කර ගැනීමට බොහෝ තරු වෙර දැරුව ද අවසානයේදී වැඩි දෙනෙක් දේශපාලනය නිසා තරු ලොවෙන් ලද ආලෝකය ද නිවා ගනිති. බොලිවුඩයේ මෙගා තරුව අමිතාබ් බච්චන්, පළමු සුපිරි තරුව රාජේශ් ඛන්නා, ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර, දේශපාලනයත්, සිනමාවත් ‘යා දෙක නොරථ රථ’ යන්නට හොඳම උදාහරණයක් බව අත්දැකීමෙන්ම දැනගත් අයයි. |