|
|
ආපහු (හිර) ගෙදරට
සංජේ දත් තාවකාලික නිදහස් වීමෙන් සමුගෙන පසුගිය ශනිදා යළිත් සිරගෙට ගියේය. 1993 සිදු වූ මූම්බායි පිපිරුමේදී වරදකරුවකු වූ සංජේ වසර පහක, බරපතළ වැඩ සහිතව සිරගෙට නියම වූයේ පසුගිය මැයි මාසයේදීයි. බිරිය මන්යාතාගේ අසනීපය නිසා ඔහුට තාවකාලික නිදහසක් ලැබිණි.
සංජේ මෙවර තාවකාලික නිදහස් කාලය දිගු කර ගැනීමට සිතුවේ නැත. දෙවරක්ම එසේ කාලය දිගු කරගත් නිසා ඔහුට එල්ල වුණු චෝදනා, දෝෂාරෝපණ කෙළවරක් නැත. මාර්තු 22 වැනි දින සංජේ පූනේ, යෙරවාදා සිරගෙදරට පිටව යද්දී ඉක්රා සහ ෂාරාන් නිවුන් දූ පුතුන් හා මන්යාතා කඳුළු පිරි දෑසින් බලා සිටියහ. විශේෂ හේතුවකට දවස් 90 ක තාවකාලික නිදහස් කාලයක් සිරකරුවකුට ලබා දෙන අතර සංජේ ගත කළේ අවසන් නිදහස් කාලයයි. සංජේගේ තාවකාලික නිදහස නිසා සිතින් සිරගත වූ පිරිස අතර බොලිවුඩ් තරු වන නානා පතේකාර් සහ අමීර් ඛාන් ද වෙති. අමීර් කියන්නේ නීතිය කාටත් පොදු බවයි. එහෙත් නානා තරම් කෝපයෙන් නම් අමීර් සහෝදර නළුවාට දොස් පවරන්නේ නැත. නානාගේ වසර විසි දෙකක වෘත්තීය ජීවිතයේදී ඔහු සංජේ සමඟ එක් සිතුවම්පටයක හෝ රඟපා නැත. ඉදිරියටත් ඔහු සංජේ සමඟ රඟපාන්නට සිතන්නේවත් නැත. |




මුලදී මන්යාතාගේ වකුගඩුවල ගෙඩියක් නිසා හා හදවත් ආබාධයක් නිසා ඇය
රෝගී වූ බවට ආරංචියක් පැතිර ගිය ද අලුත්ම ආරංචිවලට අනුව ඇයගේ රෝගය පෙනහලුවල හටගත්
එකකි. වකුගඩුවල ඇති ගෙඩිය හානිකර නොවන බව ද හෙළි වී ඇත. වෛද්‍යවරුන් ඇයගේ පෙනහලුවල
වැඩි තරල ඉවත්කර තිබේ. දැන් ඇය සුවය ලබා සිටින අතර තවමත් රෝගයට නිවෙසේ සිට
ප්‍රතිකාර ලබයි.