|
|
කොයින්ස් සිනමා උළෙල 04, 05 හා 06 දිනවල ශ්‍රී ලංකා පදනමේදී
වසන්ත ඔබේසේකරයන්ට ගෞරව සම්මානයක්
ලංකාවෙන් ලැබුණු චිත්‍රපට ද ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව එකම වර්ගීකරණ රටාවකට
අනුකූලව මෙම උළෙල සඳහා තෝරා ගැනීම ද විශේෂත්වයකි. මෙවර සිනමා උළෙලේදී සම්මාන 15 ක් පිරිනැමීමට නියමිත අතර වෘත්තාන්ත කෙටි චිත්‍රපට, වාර්තා කෙටි චිත්‍රපට සහ පර්යේෂණාත්මක කෙටි චිත්‍රපට ලෙස කාණ්ඩ වර්ගීකරණය කොට තිබේ. ඒ යටතේ හොඳම අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය හා ශබ්ද නිර්මාණ යන කාණ්ඩ සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය. ඊට අමතරව ජූරියේ විශේෂ සම්මානයක් සහ ජනප්‍රියම චිත්‍රපටයට සම්මානයක් පිරිනැමෙනු ඇත. ජනප්‍රිය සම්මානය තෝරා පත් කර ගනු ලබන්නේ ප්‍රේ්ක්ෂකාගාරයේ ඡන්දයෙනි. මෙම දින ත්‍රිත්වය පුරාම පදනම භූමියේදී සිනමාවට සම්බන්ධ ඩිජිටල් උපකරණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇති අතර ඒ පිළිබඳ දැනුවත් කිරීමක්ද සිදු වනු ඇත.
සිනමොටෝගැෆි හෑන්ඩ් බ ගරු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 06 වැනිදා පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයේදී හොඳම චිත්‍රපටය සඳහා සුවිශේෂී සම්මානයක් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු සකසමින් සිටිති. රන් සහ ක්‍රිස්ටල් යොදා ගනිමින් නිර්මාණය කළ මෙම සම්මානයට අමතරව උළෙලේදී සිනමා අධ්‍යාපනය වෙනුවෙන් කළ අනුපමේය මෙහෙවර අගයමින් වසන්ත ඔබේසේකරයන් සුවිශේෂී සම්මානයෙන් පිදුම් ලබනු ඇත. මෙම උළෙල පිළිබඳ වැඩිදුර තොරතුරු www.coinsfilmfest.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. |



ශ්‍රී ලංකා පදනමට අනුබද්ධිතව පවත්වා ගෙන යනු ලබන ඩිජිටල් සිනමාව හා රූපවාහිනීකරණය
පිළිබඳ ජාතික ඩිප්ලෝමාව හදාරන සිසුන් විසින් සංවිධානය කරනු ලබන
Coins සිනමා උළෙල
(Colombo International Student Film Festivel) මෙම මස 04, 05 සහ 06 යන තෙදින
පුරා නිදහස් චතුරස්‍රයට යාබද ශ්‍රී ලංකා පදනම් මාවතෙහි පිහිටුවා ඇති පදනම් ආයතනයේදී
පැවැත්වෙයි. දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම සිනමා උළෙල සඳහා විවිධ රටවල්
නියෝජනය කරමින් චිත්‍රපට 220 ක් ඉදිරිපත් වූ අතර මෙම තෙදින පුරා චිත්‍රපට 40 ක්
ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
ුක් ග්‍රන්ථයේ රචකයා ලෙස ලෝක සිනමාකරුවන්ගේ සහ අධ්‍යන කණ්ඩායම්
හි ගෞරවයට පත් ඉන්දීය අධ්‍යක්ෂ ඒ. එන්. තනාල් විසින් මෙහෙයවනු ලබන වැඩමුළුවක් මේ
උළෙලයන්ට සමගාමීව පැවැත්වීමට නියමිතය. මෙම 04 වැනිදා පැවැත්වෙන එම දේශන මාලාව පාසල්
සිසුන් සඳහා වෙන් වූවකි. මාර්තු 06 වැනිදා ඒ. එන් තනාල් සහභාගි වන සිනමාව පිළිබඳ
විවෘත සංවාදය ද පැවැත්වෙන්නේ පදනම් බිමෙහිය.