|
|
||
සුද්දාගේ අමු සිංහල
ඔය වගේ ආරාධනයක් ලැබිලා මමත්, ඇනස්ලි, සැමුවෙල්, සුනිල් හෙට්ටිආරච්චි, විජයරත්න වරකාගොඩ අපි කට්ටිය ගියා එංගලන්තයට. එහෙ අපි සති දෙකක් විතර නැවතිලා ඉඳීමින් ප්‍රසංග කීපයක්ම කළා. ඔය අතරේ අපි කට්ටිය ෂෝ නැති දවස්වලට රටේ තැන් තැන්වල ඇවිද්දා රට තොට සිරි නරඹන්න. ලන්ඩන් නගරයේ නොයෙක් ඓතිහාසික ස්ථාන නරඹමින් සුන්දර ස්ථාන අතරේ රැෙඳමින් විනීදයෙන් හිටියා. ඔහොම යන කොට මම දැක්කා ලන්ඩන් නගරයේ ලකුණු කරල තිබුණ ග්‍රිනිච් රේඛාව.
ඒක හින්දම මම ඉන්න හැටි තවත් සීරියස් විධියට ඉන්න හිතාගෙන ඔය රේඛාව උඩ කකුල් දෙක දෙපැත්තට තියාගෙන මමත් ඉන්නවා. මිනිස්සු බල බල යනවා මගේ මේ විගඩම. ඔය අතරේ වයසක සුද්දෙක් මගේ ළඟට ආවා. ඇවිත් හිනා වෙලා එහෙම මගේ දිහා බලාගෙන ඉඳලා මගෙන් ඉංග්‍රීසියෙන් ඇහුවා ඔබ මොන රටේ ද කියලා. මම කිව්වා ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ සුද්දා සිංහල භාෂාවෙන්ම ඇහුවා ළමයා කොහෙද කියලා. මට දැන් පුදුමයි. සිංහල කතා කරන සුද්දොත් එංගලන්තෙ ඉන්නවද කියලා. ඉතිං ගත් කටටම කිව්වා ලංකාවේ කියලා. ඒ සුද්දා එංගලන්ත ජාතිකයෙක් වුණාට එයා අපේ රටේ තේ වතුවල කාලයක් හිටිය සුද්දෙක්. ඒකයි එයාට සිංහල පුළුවන් වෙලා තියෙන්නේ. කොහොම හරි මෙයා සිංහලෙන්ම එයා ගැන හැඳින්වීමකුත් කළා. මම තවමත් අර ඉරියව්වෙන්ම රේඛාව දෙපැත්තට කකුල් තියාගෙන. මෙයා ඒ පාර කිව්වෙ නැතෑ මම හිතුවා ඔයා කියන්නත් ඉස්සර දැක්ක ගමන් ඔබ ලංකාවෙ කෙනෙක් කියලා. ඒ පාර මම ඇහුවා ඔබ එහෙම කියන්නේ කොහොමද කියලා. ඒ පාර මේ සුද්දා කියනවා වාසි පැත්තට ඔය වගේ පනින්න බලාගෙන දෙපැත්තට කකුල් දෙක තියාගෙන ඉන්න අය ඉන්නේ ලංකාවේ තමා කියලා. මෙහෙම කියපු සුද්දා තවත් හයියෙන් කොක් හඬලා හිනාවෙලා යන්න ගියා.
|
||



අපේ රටේ වගේම පිටරටවල පදිංචි ශ්‍රී ලාංකිකයන්ගෙනුත් අපිට ආරාධනා ගලාගෙන ආවේ ඒ රටවලට
ඇවිත් අපේ වැඩ සටහන් කරන්න කියලා.
මම ඉතිං කට්ටිය අතරින් හෙමින් සැරේ ලෙස්සල ගිහින් කට්ටියටම පේන්න
අර බිම ඇඳල තියෙන රේඛාවේ දෙපැත්තට කකුල තියලා හිට ගත්තා. දැන් ඉතිං අපේ කටටියත් මම
මේ කරන දේ බලාගෙන. මේ විධියට මම හිටගෙන ඉන්න කොට ඒ ළඟින් යන කවුරුත් මගේ මේ වැඩේ
දිහා බලාගෙන හිනා වෙවී යනවා. මගේ වැඩ දැකල ලංකාවේ අය විතරක් නෙමේ එංගලන්තේ සුද්දොත්
හිනා වෙනවා දැකලා මටත් හරි ආඩම්බරයි.
