|
|
තටු නැතිව ඉපදුණත් උත්සාහයේ තටු සමඟ ඉගිළෙන ඔහරා ඉතොකො
ඔහරා, දරිද්‍රතාව විසින් තටු කපා දමන ලද කිරිල්ලියකි. දියණියක වීම නිසා ඇයට සිය ඉලක්කය වෙත ළඟා වීමටවත් හැකි වේවිදැයි බොහෝ දෙනෙක් සැක පහළ කළහ. එහෙත් ඇය ද ජපන් දේශයේ තවත් ඔෂීන් කෙනෙකි. තටු නැතිව ඉපදුණත් ඇය ගුවනේ අනන්තයටම ඉගිළෙන්නීය. ඒ දස්කම, කැපවීම වගේම උත්සාහයත් දෝතින් දරාගෙනයි. ‘අත්තටු නෑ - එත් එයා ඉගිළෙයි’ ඔහරා ඉතොකො ගැන ලොවම පවසන්නේ එයයි.
‘කානේෂන්’ ටෙලි සිත්තමේ ඔහරා ඉතොකො නමින් පණ ලබන්නේ අයකා කොෂිගෝය.
ඔහරා ඉතොකො දිරිය දියණියට ජීවය දෙන්නිය, ඔනො මචිකෝ නිළියයි. සම්මුඛ පරීක්ෂණයට පැමිණි එක් දහස් අටසිය පනහක් ඇසුරින් ඔනො තේරී ඇත. වියපත් ඔහරා ලෙස රඟන්නේ මරි නත්සුකිය. නාට්‍යයේ වයස අවුරුදු හැත්තෑ දෙකකට වැඩි වයසේ චරිතය ඇය රඟද්දී මරිගේ සැබෑ වයස අවුරුදු පනස් අටක් විය. ඔහරා ඉතොකොගේත් ඔහරාගේ දෙවැනි දියණිය වන නඔකාගේත් ළමා විය දක්ෂ ලෙස නිරූපණය කරන්නේ නිනොමියා අකරිය. තරුණ විය රඟන ඔනො මචිකෝ තිස් දෙහැවිරිය. ඇය ‘සුසාකු’ සිනමා රංගගනයට සිංගප්පූරු සිනමා උළෙලේ හොඳම නිළිය වූවාය. යුරේකා, ද මෝනිං ෆොරස්ට්, ක්ලයිම්බර්ස් හයි, ලයික් ෆාදර් ලයික් සන්, කිකිස් ඩිලිවරි සර්විස් වැනි සිනමාපට රැසකම ඔනො රඟපා ඇත. වැඩිහිටි නිළිය මරී තත්සු කී ගායිකාවක, නර්තන ශිල්පිනියක ද වන්නීය. ඇය විවාහ වී ඇත්තේ 2008 වසරේදීය. සිනමාපට රැසක රඟපා ඇති මරී පණ පොවා ඇති එකම ටෙලි චරිතය ඔහරාගේ වැඩිහිටි චරිතයයි. ඇය දෙවරක්ම ජපන් ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා නිර්දේශ වී තිබේ. ‘ඔෂින්’ සමඟ ‘අත්තටු නෑ, ඒත් එයා ඉගිළෙයි’ නාට්‍යයට ඇත්තේ අපූරු නෑකමකි. නව නාට්‍ය තිරගත වන්නේ ඔෂින් තිරගත වී වසර තිහකට පසුවය. විශාරද දීපිකා ප්‍රියදර්ශනී ‘හා හා හරි හාවා’ ගීතයට පසු හඬ කවන ලද නිර්මාණයක තේමා ගීතයට දායක වන්නේ ද තිස් වසරකට පසුවය. ඔෂීන් ටෙලි නිර්මාණයේදී මෙන්ම ග්‍රේස් තෙන්නකෝන් සහ රසාදරී පීරිස් මෙහි ප්‍රධාන චරිත දෙකකට හඬ දෙති. සුජාතා දියණියත් සමඟ රට පුරාම ඇතිවුණු කොරියානු ඓතිහාසික නාට්‍ය රැල්ලට උඩුගං බලා යමින් අරඹන නවතම ජපන් නාට්‍ය අලුත් වෙනසක සැබෑ ඇරැඹුමක් බව හඬ කැවීම් අංශයේ ප්‍රධානී අතුල රන්සිරිලාල් මහතාගේ අදහසයි.
|



නූලෙන් නූල ඉඳිකටුවට ඇමුණුනේ ඇයගේ ජීවිතයට අභියෝග නම් කිනිස්ස සිය දහස් වරක්
ඇනෙද්දීය. එහෙත් ඒ සියල්ල ජය ගනිමින්, ඇය ජීවිතය රන් හූයෙන් ගෙත්තම් කර ගත්තේ මොන
තරම් අලංකාර අන්දමින්ද? ඒ අලංකාරය අපේ දෑස්වල සිත්තම් වන සුන්දර සැන්දෑව උදාවන්නේ
අප්‍රේල් පළමුවැනි දිනයේ සිටයි. ජාතික රූපවාහිනියේ ‘සඳ මිදුල’ හෝරාව සඳකටත් වඩා
රමණීය කරන්නේ, දිරිය දියණිය, ඔහරා ඉතොකොය.
අයකා කොෂිනෝ 1913 වසරේ ජූනි මාසයේ ඔසාකාවේ කිෂිවදා නගරයෙහි උපත ලැබුවාය. පියා
කිමෝනා ඇඳුම් මසන්නකු වූ නිසා ඇයගේ සිත ඇදී ගියේ ඇඳුම් මැසීමටය. අකුරු කිරීම ද
පසෙකලා සකල විරෝධතා අබිබවමින් අයකා මෝස්තර නිර්මාණ ශිල්පිනියක වූවාය. විසි හැවිරිදි
වියේදී ඇය තමන්ගේම ව්‍යාපාරයක හිමිකාරිය වූවාය. සැමියා යුද්ධ සමයේ මිය ගිය නිසා
අයකා ජීවිතයෙන් පරාජය වූයේ නැත. දියණිවරුන් තිදෙනා සමඟ එක් වී ඇය ව්‍යාපාරය වැඩි
දියුණු කළාය. ඔවුන් තිදෙනාම ගමන් කළේ මවගේ අඩි පාරෙයි. 2006 වසරේදී අනූ දෙහැවිරිදි
වියේ පසු වූ අයකා, ආඝාතයෙන් (ස්ට්‍රෝක්) රෝගී වූවාය. රෝහල් ගතවී සිටියදීත් ඇය ඇඳුම්
මෝස්තර ප්‍රදර්ශනයක් පැවැත්වූවාය. මාර්තු මාසයේදී ඇය අවසන් ගමන් ගියාය. එහෙත් ඇය
කැපූ පාරේ දියණියෝ ගමන් කරති. අද අයකාගේ දියණිවරුන් අන්තර් ජාතික මට්ටමේ මෝස්තර
නිර්මාණ ශිල්පිනියන්ය. මේ දිරිය දියණියගේ කතාව, අතීතයත් සමඟ වැළලුණේ නැත. එය
‘කානේෂන්’ නමින් පුංචි තිරයේ නිර්මාණය විය.
2011 වසරේදී නාට්‍ය රූගත කිරීම ඇරැඹූණත් නිෂ්පාදක කණ්ඩායමට අභියෝගයකට මුහුණදීමට
සිදු විය. ඒ නාට්‍ය මාලවේ ආරම්භක නිෂ්පාදන කටයුතුවලට තෝ හොකු භූමිකම්පාවෙන් බාධා
සිදුවීම නිසයි. එහෙත් සියලු අභියෝග ජයගෙන 2011 වසරේ ඔක්තෝබරයේ සිට 2012 මාර්තු
දක්වා ජපානයේ එන් එච් කේ රූපවාහිනි ආයතනයෙන් ‘කානේෂන්’ විකාශය කරන ලදී.