|
ඔහු විනාශ කළ හැක එහෙත් කිසිදා මරා දැමිය නොහැක ‘ඩ්‍රැක්‍යුලා’
‘ටේස්ට් ද බ්ලඩ් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටය ආරම්භ වන්නේ ඒ අයුරිනි. ඉන්පසු ලන්ඩනයට පැමිණෙන වෙලර් ගෙන් ඩ්‍රැකි්‍යුලා සතු එම කෞතුක භාණ්ඩ මිලදී ගන්නා එක්තරා විනෝදකාමී ප්‍රභූවරු සිව්දෙනෙක් පිටිසරබද ගරා වැටුණු පැරැණි පල්ලියක ඇති පාළු සොහොන් ගෙයක් තුළ දී වැම්පයර්වරු නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ යාගයක නිරත වෙයි. ඩ්‍රැකි්‍යුලා ගේ ලේ මිශ්‍ර අළු මතට තමාගේ ලේ මසුකොට පානය කිරීමේ එම චාරිත්‍රයේ දී එහි ප්‍රධානියා අනෙක් අය සමඟ ඇතිකර ගන්නා ගැටුමකින් මැරුම් කයි. ඔවුන් පැනයන අතර යාගය සාර්ථක වී ‘ඩ්‍රැකි්‍යුලා’ යළි ජීවමාන වෙයි. තමාගේ කීකරු සගයා මරා දැමූ පළිය ගැනීමට අනෙකුත් ප්‍රභූවරු සොයා යන ඩ්‍රැකි්‍යුලා, ඔවුන්ගේ දියණියන් වසඟයට ගන්නා අන්දමත්, ඔහු විසින් පැහැරගෙන යන ‘ඇලිස්’ නමැති රූබර තරුණිය බේරා ගැනීමට ඇගේ පෙම්වතා වන ‘පෝල්’ විසින් ගන්නා ප්‍රයත්නයත් චිත්‍රපටයෙන් විදහා දැක්වෙයි. ‘ඩ්‍රැකි්‍යුලා හැස් රිස්න් ෆේරාම් ද ග්රේව්’ චිත්‍රපටයේ අවසාන දර්ශනය මෙම චිත්‍රපටයේ ආරම්භක දර්ශනය ලෙස යොදා තිබීම විශේෂත්වයකි. 1970 දී නිෂ්පාදනය වූ ‘වෙස්ට් ද බ්ලඩ් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ අධ්‍යක්‍ෂණය කළේ පීටර් සැස්ඩි විසිනි. බ්‍රෑම් ස්ටෝකර් ගේ සුප්‍රකට ‘ඩ්‍රැකි්‍යුලා චරිතය පාදකකොට ගෙන තිර පිටපත රචනය කෙරුණේ ඇන්තනි හින්ඩ්ස් අතිනි. හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළේ අයිඩා යන්ග්. සංගීතය ජේම්ස් බර්නාඩ් ගෙනි. ආතර් ග්‍රාන්ට් ගේ කැමරාකරණයෙන් සහ ක්‍රිස් බාන්ස් ගේ සංස්කරණයෙන් චිත්‍රපටය වර්ණවත් විය. හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් වෝනර් බ්‍රදර්ස් ඇමෙරිකානු සමාගම විසින් බෙදාහැරීම සිදුකළ අතර 1970 මැයි මස 07 වැනි දා ලන්ඩනයේ දී තිරගත වීම් ආරම්භ විය. චිත්‍රපටය සඳහා ක්‍රිස්ටෝපර් ලී තමාගේ ගාස්තුව වැඩිකළ නිසා ලී සමඟ බැඳුනු ඩ්‍රැකි්‍යුලා ඒකාධිකාරය බිඳ දැමීමට අදහස් කළ හැමර් චිත්‍රපට සමාගම වෙනත් චරිත යොදා චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට තීරණය කළත්, වොනර් බ්‍රදර්ස් සමාගම ක්‍රිස්ටෝපර් ලී නොමැති ඩ්‍රැකි්‍යුලා චිත්‍රපටයක් බෙදා හැරීම එක හෙළාම ප්‍රතික්‍ෂේප කළ හෙයින් හැමර් සමාගමට තම අදහස වෙනස්කොට ලී ගේ කෙවල් කිරීමට එකඟ වන්නට සිදුවිය. සුරූපී ලින්ඩා හේඩන් ඇලිස් හාගුඩ් ගේ චරිතය නිරූපණය කළ අතර ඉස්ලා බ්ලෙයාර් ලුසී පැක්ස්ටන් ලෙස රඟපෑවේය. මැඩ්ලින් සුමිත් රඟපෑවේ ඩොලී ගේ චරිතයයි. වෙලර් ලෙස රෝයි කිනර් ද ජෙෆ්රි කීන් විලියම් හාගුඩ් ලෙස ද රංගනයට එක්විය. මයිකල් රිපර්, ග්වෙන් වැට්ෆඩ් වීටර් සැලිස් සහ ෂර්ලි ජැෆී සෙසු චරිත නිරූපණය කළහ. රූ ගතකිරීම් සිදුකෙරුණේ හාට්ෆෝඩ්ෂයර් හි ඇල්ඩෙන්හෙම් උද්‍යානයේ දී, හයිගේට් සුසාන භූමියේ දී, ශාන්ත ඇන්ඩෲ දේවස්ථානයේ දී සහ එල්ස්ට්‍රි චිත්‍රාගාරයේ දර්ශනතල වලදීයි. එදා සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටයේ ඩිජිටල් ඩී. වී. ඩී. පිටපත් 2007 නොවැම්බර් 06 වැනි දා වෙළඳපොලට නිකුත් විය. පැරැණි ‘හොරර් ක්ලැසික්’ සිනමා රසිකයන්ට එය හොඳ පණිවුඩයක් වනු නොඅනුමානය. ‘ලේ පිපාසිතයා ලන්ඩනයට පැමිණෙයි’ ලබන සතියේ ‘ස්කාර්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ |