|
|
රුක්මණී 91 වැනි ජන්ම සැමරුම් ගී ප්‍රසංගය හෙට
බස්නාහිර පළාත් ප්‍රවාහන හා සංස්කෘතික අමාත්‍ය උපාලි කොඩිකාර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ ප්‍රධාන දේශනය පවත්වන්නේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය විසිනි. ප්‍රවීණ ගායිකා අයිරින් ලියනගේ, සහකාර පොලිස් අධිකාරී වජිර එදිරිමාන්න, අනුර ඇහැලේපොළ, චන්දු ඉඹුලාන ලියනආරච්චි, එඩ්වින් පෙරේරා, ඊ. ජී. ඒ. චිත්‍රා කාන්ති, සිරිමා මර්සිලීන්, ඇන්ටන් වේවැල්දෙණිය, ශ්‍යාමා ඔකඳපොළ, සනී ප්‍රනාන්දු, ස්වර්ණලතා මෙන්ඩිස්, සුසිල් වික්‍රමසූරිය, ශි‍්‍රයාණි සේනානායක, එන්. ජේ. ලාලිත ද සිල්වා, අනෝමා ලාසරස්, ශීලා වර්ණකුලසූරිය, පුෂ්පා මල්දම් ධනපාල, රමණී පනාගොඩ, ජයන්ති කරුණාරත්න, ජානක ඉලුක්කුඹුර, ශිරාණි චන්දිමා, රූපානි ඩයස්, මංගලා පෙරේරා, පි‍්‍රයා මුදලිගේ, වසන්ත බොතේජු, ගී ගයන මෙහි සංගීතය රංජිත් ඩයස් ප්රමුඛ වාදක මණ්ඩලයෙනි. මාධ්‍යවේදී හෙන්රි පි‍්‍රයශාන්ත මැන්දිස් ගේ සභාපතිත්වයෙන්, සම සභාපති අයිරින් ලියනගේ, උප සභාපති චාන්දනී ජයසිංහ මෙම සැමරුම් ගී ප්‍රසංගය සංවිධානය කරන අතර අනිල් ශ්‍රී විජයලාල් සමඟ ශ්‍යාමා ඔකඳපොළ නිවේදන කටයුතු කරති. |



ගීත කෝකිලා, නිළි රැජන රුක්මණී දේවිය ගේ 91 වැනි ජන්ම දිනය නිමිත්තෙන් රුක්මණී දේවි
අනුස්මරණ සංගමය විසින් 26 වැනි වරට ඉදිරිපත් කරන “රුක්මණී දේවි සැමරුම් ගී
ප්‍රසංගය” හෙට (17 වැනි දා) පෙරවරු 10.00 ට සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලන
ශාලාවේදී පැවැත්වේ.