|
කාංචනා බල්ලා පස්සෙන් පැන්නුවා මම කාංචනාගේ පිට උඩ
‘එතකොට මං හරි පුංචියි. අපේ පවුලේ ඔක්කෙම ට්‍රිප් එකක් යන්නේ යාල මහ කැලේට. පුංචි මං අතරමං වුණේ ඒ කැලෑවෙදි. අම්මල තාත්තල කවුරුවත්ම නැති මං මහ කැලෑවෙ අඬ අඬා ඇවිද්දා. එතකොට මේ මහ වනාන්තරේ මැද්දෙදි මට කෙනෙක් හමු වෙනවා. එයා වෙනින් කවුරුවත් නෙවෙයි ක්ලීටස් මෙන්ඩිස්.
පුංචිම කාලෙදි මිනිස් පුළුටක් කියලා කියන්න මට කැලෑවේදී හිටියේ එයා විතරයි. මේ කැලේ වෙදරාළත් එයාම තමයි. මං හැදෙන්නේ වැඩෙන්නේ මෙන්න මේ වෙදරාළ ළඟ. සකලබුජංගෙ වගේ බාච්චු කලිසමයි දිගම දිග ටී ෂර්ට් එකයි තමයි මගේ ඇඳුම. හරියට කොල්ලෙක් වගේ. ටාසන් වගේ වැල් පොටවල්වල එහෙම එල්ලිලා මං කැලෑවේ පැද්දෙනවා, කෙලි සෙල්ලමෙන් දවස් ගෙවනවා. මං එහෙම ටික ටික ලොකු මහත් වෙනවා. කැලේම හැදිච්ච ළමයි කීප දෙනකුයි වන සත්තුයි මගේ යාළුවෝ. කාංචනා කැලේදී මට හිටිය හොඳම යාළුවා. ඒ ඇතින්නක්. ලොකු වෙද්දි මට මගේ ඇත්තම අම්ම අප්පච්චිත් අමතක වෙනවා. මාව හදා වඩා ගත්ත වෙදරාළටම මං අප්පච්චි කියනවා. වෙදරාලත් මාව එයාගෙම දුව වගේ රැක බලා ගන්නවා. කැලේ දිය ගොඩ දෙකම මට එක වගේ. කාංචනා ඇතින්නව ගඟට ගෙනිහින් නෑව්වෙත් මං තනියෙන්. දැනුම් තේරුම් තියෙන වයසට එද්දී වෙදරාළ මට සටන් පුරුදු කරනවා. දවසක් කැලේට නිධන් හොරු එනවා. ඒ මිනිස්සු දරුණුයි. ඒත් එයාලට බය වුණේ අපි නෙවෙයි. කැලේ අපි කැලෑව බේර ගන්න නිධන් හොරුත් එක්කල සටන් කරනවා. කැලේ සත්තු ඔක්කොම මගේ පැත්තේ. කාංචනා ඇතින්න සටනට හුඟක්ම උදව් කරනවා. එහෙම අපි දිනනවා. නිධන් හොරු පැරදිලා දුවනවා. ඔය අතරෙදි පොඩි කාලෙදි කැලෑවෙදි මඟහැරුනු මාව නගරේ ඉන්න මගේ සීයලා අත්තම්මලා හොයනවා. මේ තමයි සුදු සමනලී. ඒ කියන්නේ මගේ පසුගිය ලස්සනම දවස් ගෙවිච්ච මං ප්‍රධාන චරිතයට පණ පොවන චිත‍්‍රපටය. සුදු සමනලී එයාගේ අත්තම්මයි සීයයි තෝර ගනීවිද නැතිනම් කැලේ යාළුවෝ ළඟ නවතීවිද? ඒ ටික දැකගන්න නම් ඔයාලට තව ටික දවසක් ඉන්නම වෙනවා. දැන් මං සුදු සමනලී දඹුල්ල - කැකිරාව අවට රූ ගන්වන්දීී මුහුණ දුන්නු මගේම ඇත්තම අත්දකීම් කීපයක් ඔයාලට කියනවා. සුදු සමනලී චිත්‍රපටයේ මගේ සහාය නිළිය ඇතින්නක්. එයාගේ නම කාංචනා. ඉතින් මට මේ ඇතින්නව යාළු කරගන්නේ නැතිවම බැහැනෙ. මං මුලින් මුලින් එයාට පලතුරු දුන්නා. එහෙම ටිකෙන් ටික ඇතින්නව ෂේප් කරගත්තා. ඒත් ෂූට් කරද්දි සෙට් එකම ඈතට වෙනවා. එතකොට මමයි මේ ඇතින්නයි විතරමයි. ඒ මදිවට ෂූට් කරද්දී වෙන වෙලාවලට වගේ එයාට දම්වැල් දාන්නෙත් නෑ. මං කාංචනා ඇතින්නවත් යාළු කරගෙන ඇතින්නට කතා කරන භාෂාවත් ඉගෙන ගත්තා. දැන් සේරම හරි. මං වැඩ්ඩ වගේ ඇතින්නගේ පිට උඩටත් නැග්ගා. ඩිරෙක්ටර් කීර්ති බණ්ඩාර. සෙට් එකත් එවෙලේ ෂූට් කරන්න තිබිච්ච සීන් එකට ඕකේ. මාත් ඇතින්නගේ පිට උඩ ඉඳගෙන ඉන්නවා. මේ කැකිරාවෙ ඇතුලේ තිබිච්ච මහ කැලෑවක්. ඒත් චිත්‍රපටයක් කරන ආරංචියට ෂූටිං බලන්න ගම්මු එනවා. එහෙම ෂූටිං බලන්න ඔය ළඟපාත ගමක කොල්ලෙක් ඇවිත්. මේ කොල්ල තනියම නෙවෙයි. කොල්ලගේ බල්ලත් එක්කරගෙන තමයි ඇවිදින් තියෙන්නේ. ඔය වගක් කාටවත් ඇහැ ගැහුණේ නෑ. ඇත්ගොව්වවත් දැකලා නැහැ. ඒත් ඇතින්න බල්ලව දැක්කා. එච්චර වෙලාවක් තිබිච්ච ඇතින්නගේ ශාන්ත දාන්තකම සුන්. කුලප්පු වෙලා ඇතින්න බල්ල පස්සෙන් පන්නන්න ගත්තා. මං ඇතින්නගේ පිට උඩ. එන පොට හොඳ නැති වග මට තේරුණා. මටත් වඩා ඒ බව තේරිච්ච බලු පැටියා ඔක්කෝටම කලින් කැලේ කඩාගෙන දිව්වා. මං පලතුරු කැව්වට පොල් ලෙල්ලකින් පිට අතුල්ලල නෑව්වට කේන්ති ගිය මේ වෙලාවෙදි ඇතින්නට ඒව මතක් වෙයි ද කියලා මගේ හිතත් ගැහුණා. බල්ලත් මගෑරිච්ච එකේ පිට උඩ ඉන්න කෙල්ලවවත් අල්ල ගන්නවයි කියලවත් හිතුණොත්. ඒත් එච්චර දුරට ගියේ නෑ. ඇතින්න දුවද්දි මාවත් ගොරොක් ගහක කරටිය වගේ එහෙට මෙහෙට පැද්දුණා. ඒත් පෙර වාසනාවකට මං නොවැටී බේරුණා. සුදු සමනලී චිත්‍රපටයටම අයිති සමහර ජවනිකාවලදී තුන් හතර දෙනෙක් මගෙන් ගුටි කන අවස්ථා තිබුණා. ඒත් මගේ පාර වැදිල බිම වැටෙන්නේ එයාල වුණාට ගුටි කෑව එයාලටත් වඩා රිදුණේ මගේ අත පය. ඉතින් එහෙම වෙන්න එපැයි. ඇයි තවමත් අම්මල මට ගෙදරට කතා කරන්නෙත් බබා කියලනේ. හැරත් පවුලටම ඉන්න එකම දැරිවි මමනෙ. මත්තෙගොඩ පොඩි කාලෙදි කොල්ලොත් එක්කල එල්ලේ ගහපු, ටික් කඩපු පුංචි කෙල්ල වුණාට මාපිටිගම සර්ගේ (චන්ද්‍රරත්න මාපිටිගම) බාල දුවත් එක්කල ෆ්ලැට් එකේ පඩි පේළියකින් පහළට රෝල් වෙලා වැටුණෙ නම් පුංචිම පුංචිකමට.’ මට වයස අවුරුදු දෙකක් විතර කාලෙදියි. එදා ඉතින් මං එයාට කිව්ව ඔයා මාව වඩාගන්න මං ඔයාව වඩාගන්නම් කියලා. ඒත් අන්තිමේදී අපි දෙන්නවම අම්මලට වඩාගෙන ගෙනි යන්න වුණේ ඉස්පිරිතාලෙට. ගෙදරට ‘බබා’ වුණාට මං ඉස්කෝලෙට බුද්ධිමා. මගේ අප්පච්චි කිව්වෙම පුංචි කාලෙදි ගැහැනු දරුවෙක් මිශ්‍ර පාසලක ඉගෙන ගන්න ඕනෑමයි කියලයි. ඉතින් මුලින් මං ගියේ මිශ්‍ර පාසලකට. ඒ ඉස්කෝලෙදි පන්තියේ මොනිටර් මං. පිරිමි ළමයින්වත් බලාගන්න වුණේ මට. දවසක් මං දඟලන පිරිමි ළමයෙක්ට සැර කෙරුව. එතකොට එයා මගේ බඩට ගැහැව්වා. බඩ කොර වෙලා මාව එතැන ඉන්ද වුණා. ඊට පස්සේ හතේ පන්තියේදී මං හිටියේ විශාඛාවේ. එතකොට කේ. බී සර්ගේ (කේ. බී. හේරත්) බාල දුවයි මමයි හිටියේ එක පන්තියේ. දවසක් පන්තියේ ටීචර් ඇහැව්ව කවුද මේ පන්තියේ දඟම ළමයා කියලා. එතකොට ළමයි කෑගහල කිව්ව භාග්‍යා (කේ. බී. ගේ දුව) යි බුද්ධිමයි කියලා. ඒ ලෙවල් කරද්දී මට යාළුවෝ හුඟක් හිටියා. ඕලෙවල් ප්‍රතිඵල එන්නත් කලින්ම මගේ යාළුවෝ සයන්ස්වලට පන්ති ගියා. මාත් යාළුවොත් එක්කලම ගියේ මම ඒ යාළුවෝ නැති කර ගන්න තිබිච්ච අකමැත්තට. අන්තිමේදී ඕලෙවල් ප්‍රතිඵල පිට වුණා. මට සයන්ස් කරන්න ප්‍රතිඵල මදි වුණා. ඒ පාර මං ලැන්ග්වේජස් කරනවා කියලා හිතුවා. ඒත් ටික දවසක් යද්දී ඉංග්‍රීසි සාහිත්‍යය අමාරුනේ කියලා මටම තේරුණා. එතකොටත් මගේ හිටිය පරණ යාළුවන්ගෙන් හුඟ දෙනෙක් මගෙන් ඈත් වුණා. ඊළඟට මම කොමස් කරන්න හිතා ගත්තා. ඒත් කොමස් පන්තියට යද්දී මගේ පරණ හිටිය ඕලෙවල් කාලේ යාළුවෝ කවුරුවත්ම හිටියේ නැහැ. රංගනයෙන් මගේ පරණම මතකය නම් ගමේ පන්සලේ ශාලාවට දිවෙනවා. එදා මං සිටු දුව. නාට්‍යයට පෙන්නුවේ සේරිවාණිජ ජාතකේ. අම්මගේ සාරියකින් අම්ම මට දිළිසෙන සායක් මහල දුන්නා. පාට පාට වළලුදාගෙන හිටිය මගේ මිත්තණියට හිටියෙත් මගේම යාළුවෙක්. මං අසුරු සැනින් කියන ටී. වී. ප්‍රෝගෑම් එකේ නිවේදිකාව ඉද්ඳී. මාව දැකල මට සැඩ සුළං ටෙලියට ආරාධනාවක් ලැබුණා. උප ප්‍රධාන චරිතයක් මට ලැබුණා. ලොකේෂන් තිබුණේ කල්පිටියේ. එහෙ පුදුම අව්වක්. ඒත් දවස් හතරක්ම මං අව්කූටකේ ඉඳන් සීන් එක කළා. එයින් මට රඟපෑමත් එපා වුණා. පස්සේ රඟපාන්න ලැබිච්ච ආරාධනා කීපයක්ම බාර නොගත්තෙත් කල්පිටියේදී අව්වේ පිච්චිච්ච තරම සිහිවෙලා. ඒත් මං වෙළෙඳ දැන්වීම්වල හිටියා. ඒවයෙන් මාව දැකල තිබුණු නිරෝෂන් ඉලේපෙරුම මට ටෙලියකට කතා කළා. ඒත් එයාගෙන් මං මුලින්ම ඇහුවේ ලොකේෂන් කොහෙද කියලයි. පිළියන්දල - කොට්ටාව අවට කියල එයා කිව්වට පස්සේ තමයි මං එතැනින් එහාට රඟපාන්න කැමැති වුණේ.
මං
|