|
ජයන්ත පීරිස්ගෙන් රංජිත් එදිරිසිංහට ...! ප්‍රශ්න පත්තරයක්
ඔබට ගුවන් විදුලි තැටි ගබඩාව තහනම් කළේ ඇයි? මතකයේ රැඳුණ ගී වැඩ සටහන සම්බන්ධ දරුවා හැදුවේ මම. ඒත් අයිතිවාසිකම් කියන්නේ වෙන අය. පසුගිය 02 වැනි දින සරසවිය පුවත්පතට නිවේදක රංජිත් එදිරිසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට ප්‍රවීණ නිවේදක, මාධ්‍යවේදී ජයන්ත පීරිස් මහතා පසුගියදා ඉදිරිපත් වුණා.
මතකයේ රැඳුණු ගී වැඩසටහන රංජිත් එදිරිසිංහ මහතා පවසන පරිදි ආරම්භ වූයේ 1983 දෙසැම්බර් මාසයේද? එය සම්පූර්ණ අසත්‍යයක්. මතකයේ රැඳුණු ගී ආරම්භ වූයේ හරියටම 1983 ජනවාරි මාසේ විසි හතර වැනිදා. වෙළෙඳ සේවය ඔස්සේ රාත්‍රී අටේ සිට අටයි තිහ දක්වා ගුවන් කාලයේ ප්‍රචාරය වුණේ. මේ පිළිබඳව ආචාර්ය නන්දන කරුණානායක ලියූ පොතේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙමේ ඒ වසරේ සරසවිය පත්තරෙත් මේ පිළිබඳ සඳහන් වෙනවා.
‘මතකයේ රැඳුණු ගී’ වැඩ සටහන සමඟ ඔබේ ඇති සම්බන්ධය කුමක්ද? 1980 වසරේදී මා ගුවන් විදුලියේ ‘නිවේදක තෝරයි’ කියලා වැඩසටහනක් ඉදිරිපත් කළා. ඒ වැඩසටහනට සමහර ගුවන් විදුලියේ නොමැති තැටි වෙනුවට රංජන් ද සිල්වා මහත්මයා ගී තැටි ලබා දුන්නා. ඒ කාලේ කිසිම කෙනෙකුට ගුවන් විදුලියට පිටින් තැටි ගෙනල්ලා ප්‍රචාරය කරන්න තහනම්. එවකට සංගීත අංශයේ පාලකව සිටි පී. එල්. ඒ. සෝමපාල හා අධ්‍යක්ෂකව සිටි චිත්‍රානන්ද අබේසේකර යන මහත්වරුන්ගේ විශේෂ අවසරය මතයි රංජන් ද සිල්වා තැටි ලබා දුන්නේ. ගුවන් විදුලියට මුල්වරට පිටින් තැටි ගෙනාවේ මම. ඒ කාලේ මගේ වැඩිමහල් සොයුරු ආරියදාස පීරිස් මෙන්ම රංජිත් පීරිස් ගුවන් විදුලියේ සේවය කරනවා. රංජිත් අයියා ගුවන් විදුලියේ නිෂ්පාදකවරයෙක්. කෙසේ හෝ 1982 වසරේදී ‘සිංහල සිනමාව කඩා වැටෙයි’ කියලා මම ප්‍රකාශයක් කළා. ඒ නිසාම මගේ වැඩ තහනම් වුණා. එය පත්තරවලත් පළ වුණා. ඒ නිසාම ‘නිවේදක තෝරයි’ වැඩ සටහනත් අතරමඟ නතර වුණා. නමුත් රසිකයන්ගේ ඉල්ලීීම් වැඩි නිසා අපේ රංජිත් අයියට චිත්‍රානන්ද මහතා කතා කරලා කිව්වා, රංජිත් ඔයාවත් නිවේදක තෝරයි වැඩ සටහන කරන්න කියලා. මේ රසිකයන්ගේ දුරකතන ඇමතුම් වැහි වැහැලා කියලා. එතකොට රංජිත් අයියා කිව්වා ‘මම නිෂ්පාදකයෙක්. මට වැඩ තියෙනවා. අනික ලයිව් වැඩසටහන කරන්නත් බැහැ. ‘නිවේදක තෝරයි’ කියන නමටත් එයා බැහැ කිව්වා. චිත්‍රානන්ද මහත්තයා කිව්වා එහෙනම් පටිගත කරලා වෙන නමකින් කරන්න කියලා. රංජිත් අයියා මගෙන් ඇහුවා මේකට දාන නම ‘මතකයේ රැඳුණු පැරැණි ගීත’ කියන නම හොඳයි නේද කියලා. මම කිව්වා ඕකට අපි ‘මතකයේ රැඳුණු ගී’ කියලා දාමු කියලා. ඒ නමත් එක්ක 1983 ජනවාරි 24 වැනිදා තමයි රාත්‍රී අටේ සිට අටයි තිහ දක්වා කාලය ‘මතකයේ රැඳුණු ගී’ සඳහා වෙන් වුණේ.
ඔබ වගකීමෙන් ද එය පවසන්නේ? ඔව්, ඉතාමත් වගකීමෙන්. අසූව දශකයේදී හෝ හැත්තෑව දශකයේදී රංජිත් එදිරිසිංහ මහත්මා ගුවන් විදුලිය පැත්ත පළාතෙවත් ආවේ නැහැනේ.
ඔහු පවසනවා ඒ නම යෝජනා කළේ ඔහු කියලා? එහෙම වෙන්නේ කොහොමද? මම දැක්කා රංජිත් මහත්මා පවසා තියෙනවා ගුවන් විදුලියේදී රංජිත් පීරිස්ව හමුවුණා කියලා. ඒක අමූලික බොරුවක්. රොම්ලස් පෙරේරාට ‘ඇයි නාවේ මා සොයලා’ ගීතය ලිව්වේ අපේ රංජිත් අයියා. ඒ නිසාම රොම්ලස් රංජිත් අයියගේ හිතවතෙක්. මේ රොම්ලස් පෙරේරා මාර්ගයෙන් තමයි රංජිත් එදිරිසිංහ අපේ රංජිත් අයියාව හඳුනා ගන්නේ. ඒ නුගේගොඩ සුපර් මාර්කට් එකේදී. ඒ වෙන කොටත් මතකයේ රැඳුණු ගී පටන් අරන් තිබුණේ.
ඔබ පවසන්නේ ඒ වෙන කොට ඔහු ගුවන් විදුලියට ආවේ ගියේ නැහැ කියලද? රංජිත් එදිරිසිංහ මහත්මයා කොහොමද ගුවන් විදුලියට එන්නේ. ඔහු ගුවන් විදුලියේ සහන නිවේදකයෙක් වෙන්නේ 1990 වසරේදී. ඔහු පවසනවා 1984 අතීතයෙන් ඇසුණ ගී වැඩ සටහන ඉදිරිපත් කළා කියලා. ඒ වෙනකොට ඔහු ගුවන් විදුලියේ සහන නිවේදකයෙකුත් නොවේ. ඔහුට අතීතයෙන් ඇසුණ ගී වැඩ සටහන 1995 දී ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නේත් මම එහි අධ්‍යක්ෂ වෙලා ඉන්න කාලේ. එතකොට පසුගියදා වසර තිහක් සපිරුණු ‘මතකයේ රැඳුණු ගී’ සජීවි ප්‍රසංගය සංවිධානය කළේ කවුද? ගම්පහ මිල්ටන් මලවිආරච්චි ප්‍රමුඛ ගුවන් විදුලි රසික සංගමය.
රංජිත් එදිරිසිංහ මහත්මයා පවසනවා එහි පටිගත කළ සාක්ෂි තියෙනවා කියලා? තේමා වාදනය නම් ඕනෑ තැනකින් ගන්න පුළුවන්නේ. ලලිත් එස්. මෛත්‍රීපාල මහතා සමඟ ඔහු එම සාකච්ඡාව කළේ මොන අරමුණකින්ද කියලා මම ප්‍රසිද්ධ මාධ්‍යයකින් පවසන්නේ නැහැ. ඒක මාධ්‍ය සදාචාරයට හරි යන්නේ නැහැ, ඒකයි.
අවසාන වශයෙන්? මම රංජිත් එදිරිසිංහ මහත්මයාට ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරනවා. 1. ඔබතුමාට ඇයි ගුවන් විදුලි සංස්ථා තැටි ගබඩාවට යන්න තහනම් කළේ? 2. රංජිත් එදිරිසිංහ මහතාගේම ඔහුට අයත් පැරැණි තැටි දාහක් පෙන්නන්න පුළුවන් නම්? 3. 1989 අටවැනි මැදිරියේ ඔහු ඉන්න කොට ඊට එහා 6 වැනි මැදිරියේ ජෝතිපාල මහත්මයා සිටියා යැයි වැඩ සටහනක කියා සිටියේ කොහොමද? මේ ප්‍රශ්නවලට ඔහුට උත්තර දෙන්න කියන්න. ඒ වගේම මෙන්න මේකත් මතක ඇතුව ලියන්න.
‘ගුණමකු දනා ගුණ දහමින් වෙලුවත්
|