|
බී. ඒ. ඩබ්ලිව්ගේ චිත්‍රපට ත්‍රිත්වය 21 දාතිස්ස නාගොඩවිතානගේ සංරක්ෂණයක්
ඒ අනුව එදින උදෑසන 10 ට ජේ. සිංහ අධ්‍යක්ෂණය කළ කපටි ආරක්ෂකයා ප්‍රදර්ශනය වේ.
දහවල් 12.30 බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ සැඟවුණු පිළිතුර තිරගත වනු ඇත. සිලෝන් තියෙටර්ස් ආයතනයේ නිෂ්පාදනයක් වන එහි රුක්මණී දේවි, එඩී. ජයමාන්න, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, බෙනඩික්ට් ප්‍රනාන්දු, මේබල් බ්ලයිත්, ස්ටැන්ලි මල්ලවආරච්චි මෙහි නළු නිළි පිරිවරයි. එදින තිරගත වන අවසන් චිත්‍රපටය වනුයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ හදිසි විවාහයයි. එය සවස 6 ට ප්‍රදර්ශනය වේ. සිලෝන් ස්ටුඩියෝහි නිෂ්පාදනයක් වන එහි බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, ධර්ම ශ්‍රී රණතුංග, ෂර්ලි බ්ලයිත්, රූබි ද මැල්, ඩඩ්ලි වානගුරු ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවා ඇත. මේ දරශනයන් නැරැඹීම සඳහා කලින් ආසන වෙන්කර ගත යුතුය. ඒ සඳහා 0112593429 ට කතා කොට ආසන වෙන් කර ගත හැකිය. එමෙන්ම එදා සවස 4 ට බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සමරමින් විශේෂ උත්සවයක් පවත්වනු ලැබේ. ඔහුගේ සිනමා භාවිතය පිළිබඳ ග්‍රන්ථයක් ද එහිදීී එළි දැක්වේ. එපමණක් ද නොව රංගනවේදී බොනිපස් ප්‍රනාන්දු හට උපහාර තිළිණයක් ද ප්‍රදානය කෙරෙනු ඇත. මෙම චිත්‍රපට සංරක්ෂණය තිස්ස නාගොඩවිතානයන්ගෙන්ය. |