|
දුවනවා කියලා මෙහෙමත් දිවිල්ලක්
මෙතෙක් ක්‍රිකට් කණ්ඩායම් ඉදිරියේ පමණක් නිරුවත් වූ තාරකාව ගැන ඇයට පෙම් බැඳි රසිකයන්ගේ සිත්වල ද කිතියක් ඇති වූවාට කිසිදු සැකයක් නැත. ඇය අලුත් අවුරුදු සැමරුම් උත්සවයකදී මෙවැනි අකරතැබ්බයකට මුහුණ දුන්නේ එනිසාය. බැංගලෝර් හි නව වසරේ උත්සවයකට පසුගියදා පූනම් සහභාගි වූයේ නර්තනයෙන් නරඹන්නන් පිනවීමටයි. එහෙත් ඇයට එහිදී මුහුණ දීමට සිදු වූයේ කිසිදා නොපැතූ අත්දැකීමකටයි. උත්සවයට පැමිණ සිටි සියලු දෙනාම වාගේ මධුවිතෙන් රතු ඉර පනින්නට මත් වී සිටියහ. ඔවුන් පූනම් අල්ලා ගැනීමට ඇය පසු පස දුවන්නට පටන්ගෙන ඇත්තේ උමතුවෙන් මෙනි. සංවිධායකයන් ආරක්ෂකයන් සියයක් ලබා දී සිටිය ද, පූනම්ට පෞද්ගලික ආරක්ෂකයන් 15 – 20 ක් සිටිය ද ඒ කිසිවකුට ඔවුන්ව නවත්වාලන්නට හැකි වී නැත. ඇය ඉතා අසීරුවෙන් විනාඩි 10 ක් පමණ නර්තනයක යෙදී ඇත. එය අවසන් වනවාත් සමඟම මත් වූ මිනිසුන් වේදිකාවට පැමිණ ඇය ඔසවන්නට උත්සාහ කර තිබේ. ‘ඔවුන් ඒ වෙලාවේ සිතුවේ මොළයෙන් නෙවෙයි. සිරුරේ වෙනත් කොටසකින්’ පාන්ඩේ පසුව කෝපයෙන් පවසා තිබේ. තත්ත්වය භයානක බව තේරුම් ගත් ඇයට ලැබී ඇත්තේ දෙපයේ පිහිටයි. ඇය එදා උපරිම වේගයෙන් දිව ගොස් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගෙන තිබේ. මේ දිවීම ක්‍රිකට් කණ්ඩායම් ඉදිරියේ දිවීමට වඩා මොන තරම් කටුකදැයි ඇයට සිතුණාට කිසිදු සැකයක් නැත. නැවත කිසි දිනක නව වසරේ උත්සවවලට සහභාගි නොවන බව පූනම් දිව්රා පවසන්නීය. ඇය අනෙක් තාරකාවන්ට ද නව වසරේ උත්සව නර්තනවලට සහභාගි නොවන ලෙසට උපදෙස් දුන්නාය. තවමත් විසි දෙහැවිරිදි පූනම් රඟපා ඇත්තේ එකම එක බොලිවුඩ් සිනමාපටයක පමණයි. පසුගිය වසරේ තිරගත වූ ‘නාශා’ සිනමාපටයේ ඇය ගෝලයකු සමඟ පෙමින් බැඳෙන ගුරුවරියකගේ චරිතයක් නිරූපණය කළාය.
|