|
ඉන්දියානු සිනමා කතාව 36 කපටි ආරක්ෂකයා තැනූ පුරෝගාමී සිනමාකරු
ඒ බොම්බායේ සහ කල්කටාවේ චිත්‍රාගාරයන් හිදීය.මේ අතරින් කේ.සුබ්‍රමානියම් යනු පසු කලක සිංහල බසින් කපටි ආරක්ෂකයා චිත්‍රපටය තැනූ සිනමාකරුවා වෙයි.ක්‍රිෂ්ණස්වාමි සුබ්‍රමානියම් දෙමළ සිනමාවේ වැදගත් සිනමාකරුවකු බැව් මෙහිලා සදහන්කළ යුතුවෙයි.මුල් යුගයේ බොහෝ දකුණු ඉන්දියානු චිත්‍රපට සම්ප්‍රදායික දකුණු ඉන්දියානු නාට්‍යයන්ගේ සහ ගීත නාටකයන්ගේ ආභාෂය ලත් ඒවා විය.මේ චිත්‍රපට ඉතා දීර්ඝ කතාන්තර වූ අතර සමහර චිත්‍රපට සඳහා ගීත හතලිහත් පනහත් අතර සංඛ්‍යාවක් ඇතුළත් විණ.ත්‍යාගරාජා භගවතාර්,දණ්ඩපානි දේසිකාර්,කේ.වී.සුන්දරම්බාල්, සහ එම්.එස්.සුබලක්ෂ්මී මේ චිත්‍රපටයන් ගේ ගීත ගායනා කළහ.දකුණු ඉන්දියානු සිනමාකරුවන් අතර බී.එන් රෙඩ්ඩි සහ කේ.සුබ්‍රමානියම් සෙසු සිනමාකරුවන්ගෙන් කැපී පෙනුනේ ඔවුන් විෂය කොට ගත් තේමාවන් හේතුවෙනි.
රෙඩ්ඩිගේ දෙවැනි නිෂ්පාදනය වන සුමන්ගලී ළමා වැන්දඹුවක් පිළිබඳ තේමාවක් සිනමාවට ගෙනා වේය.ඉන් පසු තැනුණ දේවතා චිත්‍රපටයට පාදක වනුයේ අවිවාහක මවක පිළිබඳ පුවතකි.වාහීනී චිත්‍රාගාරයආරම්භයේ දී දකුණු ඉන්දියාවේ පැවැති දැවැන්තම චිත්‍රාගාරය ලෙස සැළකිණ.එහිදී දකුණු ඉන්දිය සිනමාවේ පුරෝගාමි සමාගමක් වන රෝහීනි පික්චර්ස් සදහා ආයෝජනයෙන් දායක වන බී.එන්.රෙඩ්ඩි පසුව එයට දායක වන කේ.රාම්නෝත්,චිත්තෝර් වී.නාගය්යා,කේ.වී.රෙඩ්ඩි සමග ඒ.කේ.ශේකර් ද හවුල් කර ගත්තේය.
ඔහුගේ ත්‍යාගභූමි චිත්‍රපටය එවකට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මුළුමනින්ම තහනම් කරන ලදී.මුල් යුගයේ ජනප්‍රිය ගායිකාවක වන එස්.ඩී.සුබලක්ෂ්මී සමග ඔහු පසු කලක විවාහවනුයේ සිය මුල් බිරිද වූ මීනක්ෂිගේ අවසරය ඇතිවය. ඔහු මිය යන තුරු මේ විවාහයන් දෙකම ඉතා සාර්ථකව පවත්වා ගෙන යන ලදී.සුබ්‍රමානියම් නිර්මාණය කරන ලද බාලයොගිනී චිත්‍රපටයට පාදක වනුයේ බ්‍රාහ්මණ වැන්දඹුවක් පිළිබද පුවතකි. මේ චිත්‍රපටය කෙතරම් ආන්දෝලනයට ලක්වූවාද කිව හොත් සුබ්‍රමානියම් නියෝජනය කළ බ්‍රාහ්මණ කුලයෙන්ම ඔහුට ප්‍රශ්ණ ඇති වන්නට විය.
ඔහු පසුව හින්දි බසින් කලංචි චිත්‍රපටය නිර්මාණය කරන ලදී.ඒ සඳහා ගුලාම් හයිදර් නිර්මාණය කරන ලද ගීත අතිශය ජනප්‍රිය විය.ඒ සඳහා භාවිත කරන ලද්දේ පන්ජාබයේ ගැමි සංගීතයයි.ඉන්දියානු චිත්‍රපට ගීතයේ අමරණීය නමක් හිමි ගායිකාවක් ලෙස සැළකෙන නූර්ජෙහාන් සිනමාවට හඳුන්වාදෙනු ලබනුයේද හයිදර් විසිනි.ඒ කන්දන් චිත්‍රපටයෙනි.එහෙත් ඉන්දියාව බිඳී යාමත් සමග පංචෝලි ලාහෝරය අත හැර බොම්බායට පැමිණිය ද ඔහුට නැවත සිය සිනමා සමාගම ව්‍යාප්ත කරන්නට හැකි වූයේ නැත.නූර්ජෙහාන් ද ඉන්දියාව බෙදී යද්දී පාකිස්ථානය බලා පිටත්ව ගියාය.පාකිස්ථානයේ මුල්ම සිනමාකාරිය වූයේ ද ඇයයි.
චිත්‍රාගාරයක් සාමාන්‍යයෙන් වසරකට චිත්‍රපට ත්‍රිත්වයකට වඩා නිෂ්පාදනය නොකළහ.මේ අවදියේ ප්‍රභාත්,නිව් තියටර්ස් සහ වාඩියා මුවිටෝන් සමාගම් බහුල වශයෙන් වාර්තා චිත්‍රපට නිෂ්පාදනයට පෙළඹුනහ.එහෙත් මේ අවදියේ තැනුණ බොහෝ චිත්‍රපට ජර්මනියේ නාසි වාදින්ට වඩා ඉංග්‍රීසින්ට එරෙහිව තැනුණ චිත්‍රපට විය.එබැවින් බ්‍රිතාන්‍ය පාලකයන් වාර්තා චිත්‍රපට සඳහා වාර්තා චිත්‍රපට ඒකකයක් ඉන්දියාවේ දී බිහි කළේය. බ්‍රිතාන්‍යයේ රාජකීය චිත්‍රපට ඒකකයේ ආකෘතිය අනුව බොම්බායේ ගොඩ නගන ලද චිත්‍රපට උපදේශක මණ්ඩලයේ සභාපති පදවියට ජේ.බී.එච්.වාඩියා පත් කරන ලදී. මිනිත්තු දහය සහ පහක කාලයෙන් යුතුව ධාවනය වන වාර්තා චිත්‍රපට රැසක් එහිදී නිපද වූ අතර බොහෝ විදේශිය වාර්තා චිත්‍රපට ද ඉන්දියාන් භාෂා වලින් දෙබස් කවන ලදී. මේ සියල්ල බ්‍රිතාන්‍යයන්ට හිත කර වාර්තා චිත්‍රපට පමනක් විය.මේ අවදියේ භාෂ්කර රාඕ විසින් කේරළයේ පොල් වගාව පිළිබඳ තනන ලද ට්‍රී ඔෆ් වෙල්ත් එඩින්බරෝ සිනමා උලෙලේ සම්මාන දිනා ගත්තේය. එය ඉන්දියානු වාර්තා චිත්‍රපටයක් ජාත්‍යන්තර සම්භාවනවට පාත්‍ර වූ මුල්ම අවස්ථාව විය. එහෙත් යුද්ධය නිම වීමත් සමග මේ සියල්ල වෙනස් ව ගියේය. මතු සම්බන්ධයි |