|
|
යොවුන් ප්‍රාර්ථනා සොයා ගිය තරුණයන් තිදෙනෙක්
හංසිකාගේ තාත්තා සේවය කළේ ද එම ආයතනයේමය. ඇයගේ පියා මිය ගියේත්, ඔහුගේ පියා මිය ගිය දවසේමය. මියගිය වෙලාව ගැලපීීමෙන් රැකියා අරගලයේ පලහිලව්ව බේරා ගැනීමට ආයතන කළමනාකරු සමත් වෙයි. එහෙත් ඒ තාවකාලික විසඳුමක් පමණි. නැවත එන ලෙස ඔහු සිරිමල්ට පවසන්නේ එබැවිනි. සිරිමල්ට මෙන්ම හංසිකාට ද රැකියාව අවශ්‍යය. ඒ දෙදෙනාටම තම පවුල් ජීවත් කරවීමට තියුණු අරගලයක යෙදීමට සිදුවීමයි. එබැවින් දෙදෙනාම එකිනෙකාට එරෙහිව රැකියාව ලබා ගන්නට උත්සාහ කරති.
ඇත්ත වැටහෙන විට සියල්ල සිදුවී හමාරය. සිරිමල් තම මුදල් පසුම්බිය රඳවා සිටිනුයේ වෙනත් සාක්කුවකය. රැකියාව ලැබෙන තුරු සිරිමල් බෝඩිමක් සොයා ගනී. ඒ සුමනපාලගේ ගරාජයයි. ගරාජයේ සේවය කරනුයේ තරුණියන් පමණි. එහෙත් ගැටළුව ඇති වනුයේ කාමරය බෙදා ගන්නා සගයා නිසාය. සිරිමල් කාමරය බෙදා ගත යුත්තේ මහේෂ් සමඟය. තම පොකට්ටුවට තට්ටු කළේ සිරිමල් යැයි සිතන මහේෂ් අලුත් බෝඩිංකාරයා එයින් පන්නා දමන්නට සියළු උපක්‍රම යොදවයි. එහෙත් සුමනපාලගේ අවසන් තීරණය අනුව සිරිමල්ට ද එහි නැවතීමට ඉඩ ලැබේ. එහෙත් දෙදෙනා අතර නිතර අඬ දබර කෙළවරක් නැත. මහේෂ්ගේ වෑයම සිරිමල්ව මේ නිවසෙන් එළවීමට මඟක් සෙවීමය. රැකියාව ස්ථිර කර ගැනීමට සිරිමල් සොයා නිවසට එන හංසිකාව මහේෂ්ට මුණ ගැසෙන්නේ මේ අතරය. සිරිමල්ගේ රැකියාව හංසිකාට ලබා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම උදව්වක් කිරීමට මහේෂ් හංසිකාට පොරොන්දු වේ.
කළමනාකරු සිරිමල් අත්සන් කරන ලද ලියුම පෙන්වයි. ලියුම උදුරා ගන්නා සිරිමල් එය ඉරා දමා කළමනාකරුට විරුද්ධව පැමිනිළි කරන බවට තර්ජනය කර පිට වී යයි. කළමනාකරු බියට පත්වෙයි. හංසිකා අසළට යන ඔහු සිරිමල් සමඟ කෙසේ හෝ මිතුරු වී ඔහුගෙන් ලිපියක් ගන්නා ලෙස ඇයට පවසයි. හංසිකා එලෙස උත්සාහ කළ ද සිරිමල් එයට අකැමැති වෙයි. සිරිමල් රැකියාව බලාපොරොත්තු වන්නේ ඔහු වී ඇති ණය තුරුස්වලින් මිදීමටයි. ණය තුරුස් නිසියාකාර නොගෙවීම නිසා ගැමියෙක් සිරිමල් සොයා බෝඩිමට එයි. සිරිමල් මෙන්ම මහේෂ් ද දහසක් බලාපොරොත්තු මැද ජීවත්වෙති. සුමනපාල ද සිය පියාගේ මරණය නිසා ඔහුට උරුම වූ ණය බරින් මිරිකී සිටී. මේ අතර එක් දිනක් සුමනපාලගේ නිවසේ දුරකථනයට ඇමැතුමක් එයි. ඇමතුම ගන්නේ සිරිමල්ය. ඉන් කියැවෙන්නේ ඔහුගේ මුණුබුරා පැහැරගෙන ඇති බවකි. ඔහු බේරා ගැනීමට නම් ලක්ෂ සියයක් අවශ්‍ය බවත්ය. මෙම දුරකථන ඇමැතුම වැරැදි ඇමැතුමක් ලෙස හඳුනා ගත්ත ද මහේෂ් මේ මොහොතේ සැලසුම් කරනුයේ අතරමැදියෙකු ලෙස කටයුතු කරන්නටය. ඒ දරුවාගේ සැබෑ සීයා කවුදැයි සොයා ගන්නටය.
මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගන්නට ප්‍රේක්ෂක ඔබට හැකි වන්නේ නොවැම්බර් 21 වැනිදා රිත්මා මණ්ඩලයේ සිනමාහල් 35 ක රට පුරා තිරගතවීමට නියමිත රජ හොරු චිත්‍රපටය නැරැඹීමෙනි. |
|