|
ෂාරුක්, සල්මන්, සංජේ ජූහි, මධුරි බණ්ඩාරවෙලට පැමිණෙති
ජුහී චවුලා, සල්මන් ඛාන්, ෂාරුක් ඛාන්, මධුරි ඩික්සිත්, සංජේ දත් මෙතැනට එන වගක් දැනගන්නට ලැබුණු මොහොතේ සිටම ඔවුන් දැක ගැනීමට ඇති වූ ආසාවෙන් මම බොහෝ වේලා බලා සිටියෙමි. එන්න එන්නම හිරු වළා වියළ යට සැඟවෙයි. නමත් ඔවුන් තවමත් ප්‍රමාදය. එක් වරම සුදු පැහැති වෑන් රථයකින් පැන මා සිටි ස්ථානයට පැමිණියේ ටෙනිසන් කුෙර්ය. ඔහු වේගයෙන් පැමිණ නතර වූයේ නිවස ඉදිරිපිටය. ‘කෝ කට්ටිය තවමත් ප්‍රමාදයි නේද?’ ටෙනී කෙළින්ම දිව ගියේ නිවසෙහි එළිපත්තටය. අප ද ටෙනී පසුපස පිය මැන්නේ කුමක් හෝ විශේෂිත දෙයක් එතැන සිදුවේදැයි දැන ගැනීමටය. එතැන් සිට පැමිණි මිචෙල් ෆොන්සේකා, මට හමු වූයේ ඒ මොහොත්දීය. ‘ඉතින් කොහොමද අපි මේ වැඩේ පටන් ගන්න හැදුවා විතරයි.’ මිචෙල් පැවසුවෙ උණුසුම් කෝපි කෝප්පයකින් අප රසවත් කරමිනි. දැන් අපි සුහද කතා බහකය. ‘මේ දවස්වල සීතල වැඩි නිසා ටිකක් දවල් වෙලා තමයි වැඩ පටන් ගන්නේ. මගේ පළමුවැනි චිත්‍රපටය හින්දා ඉතාමත් කැපවීමෙන් වැඩ කරනවා. ජුහීලා, ෂාරුක්ලා, මධුරිලා, සංජේලා දැන් එනවා ඇති.’ දැන් මට ගැටළුවකි. ඔවුන් කවුරුන්ද. මම පැනය මිචෙල්ටම යොමු කරමි. ‘මාර වැඩේ හැමෝම අහනවා චිත්‍රපටයේ කවුද ඉන්නේ කියලා. මං ඉතිං කියනවා සල්මන්, ෂාරුක්, සංජේ, ජුහී චවුලා, මධුරි ඩික්සිත් කියලා. ඉතිං මේ අය බලන්න සෙනඟ පිරෙනවා.
එතකොට ඒ අය කවුද? සාකච්ඡාව නිමාවීමට පෙර තොරතුරු පිපාසයෙන් පෙළුනු මම මිචෙල්ගෙන් ඇසුවෙමි. මේක හරිම ලස්සන විකට චිත්‍රපටයක්. ටෙනිසන් කුරේ ද්විත්ව චරිත නිරූපණය කරනවා. චිත්‍රපටයට නම තිබ්බේ සුපිරි අන්දරේ කියලා. ඒත් නම් හරියට හරි. අන්දරේල වගේ හිනා යන වැඩ තමා නිතරම වෙන්නේ. චිත්‍රපටයේ ෂාරුක්ගේ චරිතය රඟපාන්නේ තිස්ස විජේසුරේන්ද්‍ර, සල්මන්, රොඩ්නි වරණකුල, ජුහී, සනෝජා බිබිලේ, සංජේ දත්, දේවින්ද මාර්ක්, මධුරි ලක්ෂිකා ජයවර්ධන. හරිම ලස්සනට වැඩ ටික කෙරීගෙන යනවා. කට්ටිය බොහොම සන්තෝසෙන් සීතල දරා ගන්නවා. මම සීන් එක අරන් එන්නද?
අඩෝ මම යක්කුන්ටත් කුක්කු පෙව්වෙ කොක්කු පෙන්නලා. ටෙනී උච්ච ස්වරයෙන් කෑගසයි. තව සුළු මොහොතකට පසුව වෙනම ස්වරූපයක් ගත් ටෙනී කෙනෙකු අප අසලට පැමිණෙයි. ඔහු ගලිවර්ය. මේ කතාන්දරයේ හැටියට අන්දරේ සහ ගලිවර් එකම රූපය සහිත අයකි. ගලිවර් කවුදැයි අන්දරේ කවුදැයි හඳුනා ගැනීමට අපහසු වන ඔවුන්ගේ බස හැසිරීම වෙනස්ය.
සුපිරි අන්දරේහි සෙසු නළු නිළියන්:
දයාසිරි හෙට්ටිආරච්චි, මිලින්ද පෙරේරා, සරත් පීරිස්, රූපා ගෝමස්, සරත්චන්ද්‍ර පත්තඬුවන,සුසංග කහදවලආරච්චි, තුලින වෛද්‍ය කීර්ති, රුවන් අමරසේකර, චින්තක පතිරණ, සුමිත් සුරංග, සුනෙත් මැල්සිරිපුර, පොඩි නිළමේ දේදුණුපිටිය.
සම නිෂ්පාදනය – ප්ලැසිඩස් අයි. ප්‍රනාන්දු, ලක්ෂ්මන් ප්‍රේමතිලක, මිචෙල්, ෆොන්සේකා, කල්්‍යාන චන්ද්‍රසේකර, ලලින්දු බී. ප්‍රනාන්දු, සුදත් කුරුකුලසූරිය. |