|
අබා ගෙන් පසු ලෝක ඉතිහාසයට
ඒ වගේම මේ වසරේ ඔහු තවත් දැවැන්ත කෘතියක් එළි දැක්වීය.ඒ ලෝක ඉතිහාසයේ මං සළකුණු නම් ග්‍රන්ථයයි.ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් ශිෂ්ටාචාර ගොඩ නැගීම පිළිබඳ ඔහු මේ කෘතිය මගින් ඉතා සුමට කතාවක් විලාසයෙන් ලියා ඇති ආකාරය අතිශය වර්ණනාත්මක බව කිව යුතුමයි. ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට මධ්‍යතන යුගයේ අවසානය දක්වා ලෝකයේ ඉතිහාස කතාව මෙයට ඇතුළත් ව තිබේ.හෝමෝ සේපියන් මානවයා තම දෙපා මත නැගීසිට අවුරුදු දෙලක්ෂයක පමණ කාලයක් මුළුල්ලේ මහ පොළව මත කළ දිගු සංචාරයේ දී ඔහුට හමුවූ අපූරු මිනිසුන් ඔහු ලැබූ චමත්කාර ජනක අත්දැකීම් සහ ඔහු පසු කළ අඳුරු යුග සහ විභූතිමත් ශිෂ්ටාචාර පිළිබඳව සුන්දර කතාන්තරය ජස්ටින් බෙලගමගේ මෙහි විශිෂ්ට අන්දමින් ලියා ඇත්තේය. |