|
පුංචි තිරයෙන් පුළුල් තිරයට
දැන් ඇයට තිරයේ ආකර්ෂණය වීමට ද අවස්ථාව උදා වී තිබේ. ඇයට එක්වරම සිනමාපට ත්‍රිත්වයකටම ඇරැයුම් ලැබී ඇත. මිඩ්නයිට් මූම්බායි, අ කැප්සියුල් ඔෆ් ලව් සහ තවම නමක් යොදා නැති සිනමාපටයක් ඒ අතර වෙයි. ඇය රැගූ ඩාක් රේන්බෝ, අමන් කි ආශා 2014 දී තිරගතවීමට නියමිතය. සාරාට මේ සිනමාපට තුන විශේෂ වන්නේ එහි ඇයගේ පෙම්වතා පාරාස් චබ්‍රා සමඟ රඟපාන්නට ලැබෙන නිසයි. සාරාට වඩා පාරාස් තෙවසරකින් බාලය. දෙදෙනාගෙන් කලා ලොවේ වඩාත් ප්‍රබල චරිතය වන සාරා නිසා පෙම්වතාට මේ අවස්ථාව උදා වූ බව බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් සාරා නම් කියන්නේ සිනමාපටය නිපදවන්නන්ට නවක මුහුණක් අවශ්‍ය වූ බවයි. ෆාරා බිග් බොස් 5 රියැලිටි වැඩ සටහනේදී සජීවීව අලි මර්චන්ට් සමඟ විවාහ වූහ. එහෙත් ඒ විවාහය දික්කසාදයෙන් කෙළවර විය. අලි හා සාරා ද විවාහ වී තිබුණේ පෙම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසයි.
ප්‍රියංකා හැලී දීපිකා එයි
මෙහි දෙවැන්නට ද අධ්‍යක්ෂ මධූර් බන්දර්කර් දැන් සූදානම් වෙමින් සිටියි. එහි රංගනයට හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සහ ජාතික සම්මානයෙන් පිදුම් ලද ප්‍රියංකා චොප්රාට දෙවැන්න සඳහා ආරාධනා නොකිරීමට මධූර් තීරණය කර තිබේ. ප්‍රියංකා වෙනුවට දීපිකා පදුකෝන් ප්‍රධාන චරිතය වෙනුවෙන් ඔහු තෝරාගෙන අවසන්ය. මෙය ප්‍රියංකාගේ සිත රිදවන කරුණක් වුවත්, තිරගත වූ සෑම සිනමාපටයක්ම රුපියල් කෝටි 100 ඉක්මවීම හේතුවෙන් දීපිකාට ඇති ඉල්ලුම ඇයට නතර කළ නොහැකිය. වර්තමාන බොලිවුඩයේ උන්මාදය දීපිකායි. එහෙත් ප්‍රියංකා චොප්රා කෙතරම් දක්ෂ වුවත්, රුවෙන් ලොවක් දිනුවත්, මෑතකදී ඇය රැගූ සිනමාපටවලින් එතරම් හොඳ ආදායමක් ලැබී නැත. ප්‍රියංකාගේ ඥාති සොයුරිය පරිනීති රැඟූ සිනමාපට ඉතා ඉහළ ආදායම් ලබමින් තිරගත වී තිබේ.
බච්චන් පවුලට තවත් කපූර් කෙනෙක්
කූනාල් කපූර් ගැන බොලිවුඩයේ ඕපාදූප මැවෙන්නෙ අඩුවෙනි. ‘රන්ග් දෙ බසන්ති’ (2006) සිනමා රංගනයට ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී හොඳම සහාය නළුවාට නිර්දේශ වූයේ ඔහුයි. ඉන් පසු ඔහු රැගූ ආජා නිච්ලේ, හැට්‍රික්, වෙල්කම් ටු සජන්පූර් වැනි කිසිදු සිනමාපටයක් ආදායම් වාර්තා පිහිටුවීම අතින් සාර්ථක වූයේ නැත.
සුපිරි බච්චන් පවුලේ ඉපදුණත් නෙයිනා ද එතරම් මාධ්‍යයේ උකුසු ඇසට ලක්වන්නියක නොවෙයි. එංගලන්තයේ බැංකු ආයෝජිකාවක වූ ඇය ළඟදී ඉන් ඉවත් වී මූම්බායි පැමිණියේ රංගනයට ඇති කැමැත්ත නිසයි. එහෙත් ඇය පැමිණි පසු රංගනයට වඩා උනන්දුවක් දක්වා ඇත්තේ කුනාල් කපූර් සමඟ පවත්වන සබඳතාවටයි. අනුරාග් කාශ්‍යප්ගේ ‘ලව් ෂව් ති කිචන් කුරානා’ සිනමාපටය ලන්ඩනයේ රූගත කෙරෙද්දී නෙයිනා ඔහු නැවතී සිටි හෝටලයට ගණන් කළ නොහැකි තරම් වාර ගණනක් පැමිණ තිබේ. ලන්ඩනයේ වීදිවල ද නිතර දකින යුවළක් බවට නෙයිනා සහ කූනාල් පත්ව ඇත. දැන් බච්චන්ලාගේ සාදවල ද කූනාල් නිත්‍ය සාමාජිකයෙකි. ප්‍රසිද්ධියේ මේ දෙදෙනා ප්‍රේම සම්බන්ධතාව ගැන කතා නොකළත් දෙදෙනා කිරියි පැණියි මෙන් ආදරයෙන් බැඳී සිටින බව ලොවටම රහසක් නොවේ. කුනාල් මෑතකදී ඉක්මනින් විවාහවීමේ අදහසක් නැති බව පමණක් මාධ්‍යයට පවසා ඇත. කුනාල් දැන් තිස්පස් හැවිරිදිය. කපූර් වාසගම තිබුණත් ඔහු බොලිවුඩයේ කිසිදු කපූර් පරපුරකට නෑකම් කියන්නෙක් නොවෙයි. නෑකමක් නැතත් බච්චන් පවුල සහ කපූර් වාසගම අතර ඇත්තේ දෛවෝපගත සම්බන්ධයකි. අමිතාබ් බච්චන්ගේ දියණිය ස්වේතා විවාහ වී සිටින්නේ රාජ් කපූර්ගේ දියණිය, රිතූගේ පුතු සමඟයි.
|