බයිසිකල් ? බයිසිකල් මට පෙන්නන්න බෑ
වත්සලා
දියලගොඩ
උවනෙහි රැඳි දඟකාර, හැඩකාර සිනහව සොබා දහමෙන් ඇය ලද මහඟු දායාදයක්. ඒ දඟකාර
හසරැල්ලෙන් මුවඟ සරසා ගෙන අප පිළිගත් ඇගේ ළෙන්ගතුකම අපට කීවේ ඇගේ නීල නුවන් යුගල.
කොහොමද? එන්න ඇතුළට. අපි මෙතන ඉඳන් කතා කරමු නේද?
ඇගේ ඇරැයුමෙන් අපි ගොඩ වුණේ කුරුළුපොත පිහිටි බිනුරිගේ ගෙදර. මේ ඉන්නේ බිනුරිද?
නෑ, මේ ඉන්නේ වත්සලා දියලගොඩ. වත්සලා හරිම කාර්යබහුලයි නේද?
අපොයි ඔව්. මේ දවස්වල දිගටම ෂූටිං. අදත් පාන්දරම වැඩ පටන් ගත්තා. කලාව තමයි අපේ
ජීවිතේ. ඒ නිසා අපි යම් නිර්මාණයකට දායක වුණාම ඒ වෙනුවෙන් සියයට සියයක්ම කැප විය
යුතුයි. කැපවීමත් සමඟ අපට ලැබෙන චරිතයට අපි සාධාරණයක් කරන්න නම් අපි මුලින්ම අපිට
ලැබෙන චරිතයට ආදරය කරන්න ඕන. එතකොට ඊළඟ පියවරේදී ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඒ චරිතවලට
ලැබෙන්නේ නිරායාසයෙන්.
ඒකද වත්සලාගේ ජනප්‍රියත්වයේ රහස?
හ්ම් . . . සමහර විට.
මට කොහොමත් ලැබුණේ ප්‍රේක්ෂකයින් ආදරය කරන චරිත. මුතුª කිරිල්ලි ටෙලි නාට්‍යයේ
නිරාශා තමයි මගේ කලා ජීවිතය අලෝකමත් කළ පහන් ටැඹ. නිරාශා තමයි මගේ හොඳම යෙහෙළිය.
ඇයව මට කවදාවත්ම අමතක කරන්න බෑ.
වත්සලාට ඇයි දඟකාර චරිතම ලැබෙන්නේ?
අනේ මන්දා, සමහර විට මම ඒ චරිතවලට සාධාරණයක් කරන නිසා වෙන්න ඇති.
ඔබට සැබෑ ජීවිතයේදී සමීප බිනුරි ද? සංජු ද?
සංජු නම් ඉන්නේ දූවරු ටෙලි නාට්‍යයේ. සංජු අඳින්නේ පළඳින්නේ, කතා කරන්නේ, හිතන්නේ
විතරක් නෙවෙයි හැසිරෙන්නෙත් කොල්ලෙක් විදිහට. කෙටියෙන්ම සංජු ගැන කිව්වොත් සංජු
කියන්නේ කොල්ලෙක් වගේ කෙල්ලෙක්. හැබැයි ‘අමා’ ටෙලි නාට්‍යයේ බිනුරි කොල්ලෙක් වගේ
කෙල්ලෙක් නෙමෙයි. බිනුරි පවුලේ බඩපිස්සි. එයා අම්මා අප්පච්චිට බයයි. හැබැයි ඕන
කෙනෙක්ට ඕන දෙයක් මූණටම කියන පවුලේ හුරතලේ තමයි බිනුරි.
වත්සලා වඩාත් කැමැති බිනුරිට ද සංජුට ද?
හ්ම් . . . එහෙම එක් කෙනෙක්ට කියලා නෑ. ඒ චරිත දෙකම මම කරන්නේ ගොඩාක් ආසාවෙන්.
හැබැයි මට හිතෙන විදිහට නම් වත්සලා සමීප බිනුරිට.
සංජුට බයිසිකල් පදින්නත් පුළුවන් නේද?
අම්මෝ බයිසිකල් නම් මතක් කරන්නත් එපා.
ඇයි එහෙම කියන්නේ?
ඉස්සර මට බයිසිකල් පදින්න බෑ. සංජු නිසාමයි මම බයිසිකල් පදින්න පුරුදු වුණේ. ඒ කාලේ
මම අම්මාත් එක්ක ෂූටිං නැති වෙලාවට ග්‍රවුන්ඩ් එකකට යනවා බයිසිකල් පදින්න පුරුදු
වෙන්න. කොහොම හරි වැටි වැටී යාන්තම් මම බයිසිකල් පදින්න පුරුදු වුණා. දූවරු ටෙලි
නාට්‍යයේ රූගත කිරීම් රෑ තිබුණු දවසක මට බයිසිකල් පදින දර්ශනයක් රඟපාන්න තිබුණා. මම
බයිසිකලේ පැදගෙන ඉස්සරහටම ආවා. බයිසිකලේ කන්ට්‍රෝල් නැතිව ළඟ තිබුණ ත්‍රීවීල් එකක
හැප්පිලා බයිසිකලේ මගේ ඇඟට වැටුණා. ඒ අනතුරින් මගේ දකුණු අත කැඩිලා මම පුදුම දුකක්
වින්දෙ මගේ වැඩ කරගන්න බැරිව. ඒ දවස්වල මම රංගනයේ යෙදුණේ අත හංග ගෙන. ඒක ඊට වඩා
අමාරු වැඩක්.
වත්සලා දඟකාර යෞවනියගෙන් මිදෙන්න අකැමැතිද?
එහෙම විශේෂ අකැමැත්තක් නෑ. කැමරාව ඉස්සරහදි විතරයි මම රඟපාන්නේ. නිළියක් විදියට
එකිනෙකට වෙනස් ස්වරූපයෙන් යුත් චරිත කරන්න මම කැමැතියි. මට හිතෙන විදිහට රංගන
ශිල්පිනියෙකුට හෝ රංගන ශිල්පියෙකුට ලැබෙන චරිතය අනුව කැමරාව ඉදිරිපිටදී වෙනස්වීමේ
හැකියාව තියෙන්න ඕන. මටත් සමහර වෙලාවට හිතෙනවා මමත් යම් තරමකට සීමා වෙලා කියලා. ගමක
චරිතයක් කරන්න නම් හරිම කැමැතියි. ඒ වගේම පේළි ගෙවල් පරිසරය තුළ හැදී වැඩෙන ඒත්
වෙනස් විදිහකට හිතන පතන ජීවිත අභියෝගයන්ට අභියෝගයක් වෙන තරුණියකගේ චරිතයක් කරන්න
හරිම කැමැතියි. මගේ කාර්යබහුලකම නිසාම ආස කරන චරිත කිහිපයක්ම මගෙන් මඟ ඇරුණා.
මඟ අරින්නෙ නැතුව භාර ගත්තු වැඩ කරන වත්සලා දැන් යන්න හදන්නේ බිනුරි හමු වෙන්න?
නෑ.
එහෙනම්?
දැන් මම බිනුරි හමුවෙන්න යන්නේ නෑ. දැන් මම තමයි බිනුරි.
සුන්දර කෙළිලොල් සිනහවකින් අපට සංග්‍රහ කළ වත්සලා අපට සමු දී යළිත් ගියේ ‘අමා’
දර්ශත තලයට.
ඡායාරූපය – ප්‍රසාද් සමරතුංග
නිශංකා උඩුගම්පල
|