ඒකාකාරී බවින් මිදෙන්න මම ආසයි
තිස්ස බණ්ඩාරනායක
ශා සනේට දරුවෙක් පූජා කරන එක වරිග හතක් සංසාරෙන් එගොඩ කරන්න පුළුවන් පිනක්. ඒත්
දරුවෙක් ශාසනේට පූජා නොකර එහෙම දෙයක් කරන්න බැරිද? පුළුවන්! මම මේ කියන්න යන්නේ
එහෙම කෙනෙක් ගැන. සංසාරේ පිය සටහන්, විදර්ශනා, සිත නිවන කතාවලින් ඇත්තටම අපේ හිත
නිවුණා නේද? ශාසනේට පූජා නොවීම අපට ජීවිතේ කියලා දුන්න ඒ හාමුදුරුවෝ වෙන කවුරුවත්
නොවේ, තිස්ස බණ්ඩාරනායකයි.
‘මේ වසන්ත කාලයයි’ එතනින්ම අපි කතාව අරඹමු.
ගොඩාක් අයට මාව මතක තියෙන්නේ හාමුදුරු කෙනෙක් විදිහට. එත් මේ වසන්ත කාලයයි ටෙලි
නාට්‍යයේ මම රඟපාන්නේ නපුරු කපටි චරිතයක්. හාමුදුරු කෙනෙක් වුණාම කෝටියක් සංවර සීල
රකින්න ඕනනේ. මේකෙදි එහෙම නෑ. අත පය දිග හැරලා නිදහසේ මගේ චරිතය කළා. ගොඩාක් අය මට
කියන්නේ ‘තිස්ස ඔය වගේ චරිත ඔයාට ගැළපෙන්නේ නෑ. කලිසමයි කමිසෙයි ඇන්දට කමක් නෑ.
නපුරු වෙන්න එපාකියලා.’ මේ හැම වෙලාවකම මට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ මගේ චරිතේ ඒ අයට
දැනිලනේ. ඉතිං මේ වසන්ත කාලයයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙයි කියා හිතනවා.
අවුරුදු 28 ක්ම ඔබ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. කොහොමද, කොහෙද ඔබේ මුලාරම්භය?
1984 මැයි 5 බලංගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ රඟ දක්වපු ‘ඒකාධිපති’ වේදිකා නාට්‍ය තමා
මගේ ගමනේ මූලාරම්භය. ඒ දවස මට මගේ මුළු ජීවිතේටම අමතක වෙන්නැති දවසක්. මුලින්ම
කැමරාවක් ඉස්සරහට ආවේ 1981 ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘භව දුක’ චිත්‍රපටයෙන්. ඒ
චරිතේ මට හම්බ වුණේ හීනයක් වගේ. මුලින්ම ඒකේ රඟපාන්න හිටියේ තිස්ස අබේසේකර මහත්තයා.
ඉතිං කවදාවත් කැමරාවක් ඉස්සරහට ගියපු නැති මම කොහොමද ඒ වගේ ප්‍රවීණයෙක් කරන්න හිටපු
චරිතයක් කරන්නේ. මගේ නොසන්සුන්කම් දැනුණ නිසා ධර්මසිරි බණ්ඩාරනායකයන් මට බුලත් විට
කන්න කීවා. පස්සේ ඉතිං මම මගේ චරිතේ මට පුළුවන් උපරිමයෙන්ම කළා. ඒ හින්දම ගොඩක්
නිර්මාණවල හාමුදුරුවන්ගේ චරිතෙට මාව තෝර ගන්නවා. කාහල නාදය, හිත නිවන කතා, සංසාරේ
පිය සටහන්, විදර්ශනා, බෝගල සවුන්දිරිස්, මහතලා හටන, චාතුර්්‍යයා, ඕලු වගේ නාට්‍ය
104 විතර, වෑකන්ද වලව්ව, නිල්දිය යහන වගේ චිත්‍රපටවලත් අවුරුදු 26 ක් තිස්සේ
රඟපානවා.
හිතෙන්නේ නැද්ද ඔබ හාමුදුරුවන්ගේ චරිතෙටම කොටු වෙලා කියලා?
හිතෙනවා. මම ටෙලි නාට්‍ය සියයක පමණ රඟපාලා තියනවා. ඒත් හාමුදුරුවන්ගේ චරිතෙට වඩා
වෙනස් චරිත කළා නම් ඒ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්. දැන් මටම හිතා ගන්න බෑ මම
කොහොමද මෙතනින් මිදෙන්නේ කියලා. බලමු. මේ වසන්ත කාලයයි වත් මෙතනින් මාව මුදා ගනියි
ද කියා.
ඔබේ වැඩි කැමැත්ත මොන වගේ චරිතයකටද?
විවිධත්වයක් දක්වන්නට පුළුවන් විශේෂ චරිතවලට තමා කැමැති.
මේ චරිතේ ඕනෑ කියලා කවදතාවත් මම අධ්‍යක්ෂවරයෙකුට කියන්නේ නෑ. ඒත් උඩු රැවුලක් දාපු
ගාම්බීර චරිතයක් කරන්න ආශාවෙන් ඉන්නවා.
අද අපේ ටෙලි නාට්‍යය කලාව රැඳිලා තියෙන්නේ කොයි වගේ තැනකද?
අද ටෙලි නාට්‍යය ගොඩාක් රැඳිලා තියෙන්නේ මුදල් මත. නිර්මාණයක සාර්ථකත්වයට වඩා
අරමුණු කරන්නේ කොහොමද ඒක විකුණ ගන්නේ කියලා. මෙගා වුණත් කමක් නෑ. පිටපත කලින්
ලිියලා ඉවර කරනවා නම්. ඒත් පිටපත භාගෙට ලියලා රඟපාන අතරතුරේ ඉතිරි ටික ලියනවා නම් ඒ
නිර්මාණේ එතනම අසාර්ථකයි නේද? අවසානයක් දකින් නැතිව කොහොමද හොඳ නිර්මාණයක් බිහි
වෙන්නේ. ගොඩක් වෙලාවට මේ නාට්‍යවල පුහුණුවීම් නෑ. පුහුණු වෙන්න කාලයක් නෑ. පළවෙනි
දර්ශනෙන්ම ගන්න ඕනෑ. ඒත් ඒකාංගික ටෙලි නාට්‍ය එහෙම නෑ. පැය භාගයක් ඇතුළේ
පේ‍්‍රක්ෂකයනට ලොකු දෙයක් දෙන්න පුළුවන්. ඒ වගේම ඒකකාරී නෑ. මනසට ලොකු වෙහෙසකුත්
නෑ. එවන් නිරූපනයකින් අපටත් තෘප්තියක් තියනවා. ඒ වගේම ඒ නිර්මාණෙත් සාර්ථකයි.
‘තක්සලාව’ ඔබට ඔබේ ජීවිතේ අමතක නොවනම ටෙලි නාට්‍යයක්?
තක්සලාව තුළත් මම නිරූපණය කළේ හාමුදුරු කෙනෙක් තමා. ඒත් ඒ හාමුදුරුවෝ රැඩිකල්, ගමට
ආදරේ කරන හාමුදුරු කෙනෙක්. සැර කරල හරි ජනතාවට සත්‍ය අවබෝධ කරන්න ඕනෑ. තක්ෂලාවේදී
මට පැවරුණේ ඒ වගකීම. ඒ වගකීම මම මට පුළුවන් උපරිමයෙන් කළා. ඒ නිසාමදෝ සුමති සම්මාන
උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානයත්, රයිගම් ටෙලි සම්මාන උළෙලේ - ජූරියේ විශේෂ
කුසලතා සම්මානයත් මට ලැබුණා. තක්ෂලාව බඩ ගින්නේ හිටපු මට හොඳ කෑම වේලක් දුන්නා
වාගේ. හිත පිරෙන රඟපෑමක් ඒකෙදි මම කළා.
රංගන ජීවිතය ගැන ඔබ තෘප්තිමත්ද?
කරපු හැම නිර්මාණයක් ගැනම තෘප්තිමත් නෑ. හොඳ ඒවත් තියනවා. දැනෙන දෙයක් කරන්න බැරි
වුණ ඒවත් තියනවා. හොඳ නිර්මාණවලට දායක වීම ගැන සතුටු වෙනවා.
රංගන ජීවිතේ මොකක්ද ඔබේ ඉලක්කය?
නිර්මාණකරණයට ලොකු ආශාවක් තියෙනවා. ඒත් ඒකට ආශාව විතරමත් මදි. නිදහසකුත්, විවේක
බුද්ධියකුත් තියෙන්න ඕනෑ. එහෙම නැතිව හතු පිපෙනවා වාගේ නිර්මාණ කරන්න පුළුවන්. ඒත්
ඒක මතක හිටින හොඳ නිිර්මාණයක් වෙන්නේ නෑ. ජීවිත කාලෙටම හැමෝටම මතක හිතෙන එක හොඳ
නිර්මාණයක් කරපුවහම හොඳටම ඇති.
ජීවිතය කියා දෙන්නට ඔබේ කුළුඳුල් නිර්මාණය අපේ ආලින්දයට පැමිණෙන තුරු සරසවියේ
අපිත්, ඔබේ ආදරණීය රසික රසිකාවියනුත් නොඉවසිල්ලෙන් බලා සිටිමු.
මධුශානි රත්නායක
සේයාරූ - ප්‍රසාද්
සමරතුංග
|