FEEDBACK

ආචාර්ය ලෙස්ටර්, සුමිත්‍රා යුවළට

ඔබ දෙපොළ විසින් ලාංකේය සිනමාව උදෙසා කළ අමිල සේවය වෙනුවෙන් මම මගේ ගෞරවනීය සුබපැතුම් එක් කරමි.

සමන්සිරි බොරලන්ද- රඹුක්පිටිය.

පැරැණි ගී ජනප්‍රිය වනුයේ නවකයන් නිසයි

මේ දිනවල නවකයන් කිහිප දෙනෙකුම පැරැණි ජනප්‍රිය ගීත ඔවුන්ගේ හඬින් ගායනා කරනු ලබයි. මේ පිළිබඳ අද වන විට කලා ක්ෂේත්‍රය තුළ විවිධ කතාබහ මතුව තිබේ. එහෙත් පැරැණි ගීතයන්ට එහි මූලික වූ ශිල්පීන්ට හානියක් නොකොට ගායනා කරනවා නම් එය වරදක් නොවන බව මගේ පෞද්ගලික හැඟීමයි. අද තරුණ පරපුර අතර පැරැණි ගීත ජනප්‍රිය වීමට එක් හේතුවක් ලෙස මා දකින්නේ මේ නවකයින්ගේ ගායනා නිසා බව මට හැඟේ.

මීගමුවේ - අජිත් ලක්මාල්

අජන්තා ගී මිහිරිය

අජන්තා රණසිංහයන්ගේ පෑන් තුඩින් බිහි වන සෑම ගීතයක්ම ඉතා මිහිරිය. ඔහු ජෝතිට ලියූ ‘නින්ද නේන රාත්‍රියේ’ ගීතය කොතරම් මිහිරිද. ගීත රචකයන් අතර හදවත නැළවෙන පද ගොනු කිරීමට දක්ෂම රචකයා ඔහුය.

මුල් කාලයේ ඔහුගේ ගී රචනා අතර තිබෙන ‘පොකුරු පොකුරු මල් සැණකෙළි’ ගීතයම ඔහුගේ සහජ කුසලතාවයම පිළිබිඹු නොකරන්නෙහිද?

එච්. එම්. කපිල ජයවිලාල් හේරත් - කුලියාපිටිය.

කුස පබා චිත්‍රපටයට මෙවර ප්‍රතිචාර සටහන්පත් කිහිපයක්ම අප වෙත ලැබුණා.

අති රමණීය ගංගා, දිය ඇලි සහ අප කිසි දිනෙක නුදුටු පෙදෙස් මේ කුඩා දිවයින තුළ ඇති වග මා වටහා ගත්තේ, කුස පබා කිහිප වරක්ම නැරැඹූ පසුවයිි. මේ වාසනාවන්ත ප්‍රණ්‍ය භූමියෙහි ඉපදීමට ලැබීමත්, කුස පබා නැරැඹීමට ලැබීමත් මා ලද භාග්‍යයකි.

ගිල්බට් පෙරේරා

තලවතුගොඩ පාර, හෝකන්දර දකුණ.

කුස පබා ඉතාම ආදර්ශමත් පවුලේ සිනමාපටයකි.

යූ. ඩී. පාලිත කුමාරසිංහ- ගඩලාදෙණිය.

කුස පබා චමත්කාරයි. ගීත, නැටුම්, සංගීතය මධුර මනෝහරයි. මෙවන් දැවැන්ත නිර්මාණයක් කලාත්මක, වානිජ දෙඅංශයෙන්ම සමබරව ඉදිරිපත් කළාට අධ්‍යක්ෂ ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට මාගේ ස්තුතිය.

කොටහේන - ශ්‍රී ගුණානන්ද මාවතේ,

සුනිල්. එම්. අභයරත්න

සුසිලා ලේ පිරිසුදු කරන්නියකි

සුසිලා කෝට්ටගේ ගේ රංගනය දුටු පමණින් අපගේ ලේ පිරිසුදු වේ. ඒ ඇය ඕනෑම හාස්‍ය චරිතයක් ජීවයෙන් ඉදිරිපත් කරන හෙයිනි. කෝපි කඩේ, ගජමුතු, වහින්න මුතු වැස්සක් ඇතුළු නාට්‍ය ගණනක ඇය රඟපෑ හැටි අපට සදා මතකය.

අයෝමි ස්නේහා - රක්වාන.

අමිල අබේසේකරට,

රංගනයෙන් තවත් දිගු ගමනක් යෑමට මගේ සුබපැතුම්.

ශෂිකා එරන්දි

බොරලැස්ගමුව.

අබේට නිවන් සුව

කවුරුදෝ කවුරුදෝ ඔබ ගැයූ මුල් ගීතය වූවා
නන්දන වින්දන හි එදා ඔබ නියමුවා වූවා
\කලාවෙන් සමුගෙන දෑ අවුරුද්දක් වූවා
නිවන් සුව පතා අප දුක් ඉවසූවා

මොරටුව, කටුබැද්දේ

ඩඩ්ලි ගෝමස්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු