වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ

මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ

අන්තර්ජාතික සිනමා උළෙලකදී රංගනය වෙනුවෙන් සිනමා නිළියකට පිදුම් ලැබිය හැකි ඉහළම සම්මානය වන ‘හොඳම නිළිය’ සම්මානයෙන් පිදුම් ලද පළමු ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය ලෙසින් වූ ඓතිහාසික වාර්තාවේ හිමිකාරිනියවීමේ භාග්‍යය සිනමා නිළි අනෝජා වීරසිංහ සතුවුවාය. ඒ 1987 වර්ෂයේදී ඉන්දියාවේ පැවති 11 වෙනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී ඩී.බී නිහාල්සිංහගේ ‘මල්දෙණියේ සිමියොන්’ සිනමාපටයේ ද්විත්ව චරිතයකට පණපොවමින් ප්‍රකට කළ විශිෂ්ට රංගනය උදෙසා හොඳම නිළියට හිමි රජත මයුර සම්මානයෙන් (Silver Peacock Award for Best Actress) ඇය පිදුම් ලැබීමත් සමගය.

ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනියක පළමුවරට අන්තර්ජාතික සිනමා උළෙලක ඇගයිමකට ලක්වීමට වරම් ලද්දේ 1975 වර්ෂයේ රුසියාවේ පැවති 09 වෙනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදීය. එහිදී ධර්මසේන පතිරාජගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ සිනමාපටය තුල විදහා දැක්වූ අපූර්වතම හා නැවුම් රංග කුසලතාවය වෙනුවෙන් මාලනී ෆොන්සේකා ජූරියේ විශේෂ ඩිප්ලෝමාවකින් (Special Diploma by Jury) පිදුම් ලැබීමට සමත් වූවාය.

ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලාංකේය නිළි පරපුර ශ්‍රී ලාංකේය කථානාද සිනමා වංශ කතාවේ නිළි පරපුරේ ආරම්භය ‘කඩවුණු පොරොන්දුව’ සිනමාපටය තුලින් සිනමා රංගනයේ මුලකුරු කියවූ රුක්මණී දේවි, මීරියම් ජයමාන්න, ඇසිලින් බාලසූරිය, ජෙමිනි කාන්තා වැනි රංගන ශිල්පිනියන් හරහා සනිටුහන් වේ.

1947 තිරගතවූ එකී සිනමාපටයේ පටන් පසුගිය නොවැම්බර් 10 වෙනිදා තිරගත වූ ‘සීමා නෑ ආකාසේ’ සිනමාපටය දක්වා වූ 1350 කට ආසන්න ශ්‍රී ලාංකේය සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂිත දීර්ඝ වෘත්තාන්ත සිනමාපට තුළ, සැලකියයුතු මට්ටමේ චරිත නිරූපණයක යෙදුනු දේශීය රංගන ශිල්පිනියන් සංඛ්‍යාව 700 කට ආසන්න වේ.

එසේම ඒ අතුරින් ඇතැම් රංගන ශිල්පිනියන් හට විදේශීය සිනමාපටයන් උදෙසා සිය රංගන දායකත්වය ලබා දීමේ අවස්ථාවද හිමිවිය. ඒ කෙසේ වුවද එදා මෙදා තුර මෙරට බිහිවූ රංගන ශිල්පිනියන් අතුරින් සිය රංගන කෞශල්‍යය වෙනුවෙන් ජාත්‍යන්තර ඇගයීම් ලැබීමට සමත්ව ඇත්තේ රංගන ශිල්පිනියන් දොළොස් දෙනකු (12) වැනි ඉතාම සුළු පිරිසක් පමණක්වීම කැපීපෙනේ.

එහිදී දේශීය රංගන ශිල්පිනියක ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීමේ ආරම්භය 70 දශකයේදී සටහන් වූ අතර, එහි නවතම ජයග්‍රහණය පසුගිය 02 වෙනි දින ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී නිමාව දුටු ආසියානු ජගත් සිනමා උළෙලේදී සනිටුහන් විය. එලෙසින් පුරා දශක හතරක් ඉක්මවාලු සම්මානනීය ඉතිහාසයක් තුළදී දේශීය හා විදේශීය සිනමාපටයන් තුළ ප්‍රදර්ශනය කලාවූ සිය රංග ප්‍රතිභාව උදෙසා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනියන් පිළිබඳව සරසවිය පුවත්පත තබන සටහනකි මේ.

ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනියක පළමුවරට අන්තර්ජාතික සිනමා උළෙලක ඇගයිමකට ලක්වීමට වරම් ලද්දේ 1975 වර්ෂයේ රුසියාවේ පැවති 09 වෙනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදීය. එහිදී ධර්මසේන පතිරාජගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ සිනමාපටය තුල විදහා දැක්වූ අපූර්වතම හා නැවුම් රංග කුසලතාවය වෙනුවෙන් මාලනී ෆොන්සේකා ජූරියේ විශේෂ ඩිප්ලෝමාවකින් (Special Diploma by Jury) පිදුම් ලැබීමට සමත් වූවාය.

මෙම උළෙලේදී ‘හොඳම නිළිය’ සම්මානය උදෙසා මාලනී ෆොන්සේකා ඇතුළුව නිළියන් තිදෙනෙකු අතර ඉතා තියුණු තරඟයක් පැවති අතර, එහිදී ‘හොඳම නිළිය’ සඳහා වූ සම්මානය (Prize for Best Actress) ස්වීඩන් ජාතික නිළියක හා ඇල්ජීරියානු ජාතික නිළියක වෙත සමව පිරිනමන ලදී.

ඒ අයුරින් ‘හොඳම නිළිය’ සඳහා වූ සම්මානය ශ්‍රී ලාංකේය නිළියට අහිමිව ගියද , ප්‍රධාන සම්මානලාභී නිළියන් දෙදෙනා සමග කරට කර සටනක නියැළුණු ඇගේ රංග විශිෂ්ටත්වය ඇගයීම අනිවාර්යනේම සිදුවිය යුත්තක් බවට තීරණය කල ජුරිය, සිය ජූරි සභිකයින්ගේ ඒකමතික තීරණයෙන් විශේෂ ජූරි සඳහනක් හෙවත් විශේෂ ජූරි ඩිප්ලෝමාවක් මාලනී ෆොන්සේකා වෙත පිරිනමන ලදී.

එලෙසින් ඇය ලද එකී ඇගයීම ශ්‍රී ලාංකේය නිළියක ලද පළමු ජගත් සම්මානය ලෙසින් මෙන්ම, ලොව ‘ඒ’ ශ්‍රේණියේ (Grade ‘A’) තරඟකාරී අන්තර්ජාතික සිනමා උළෙලක ප්‍රධානතම ජුරිය විසින් පිරිනමන ලද සම්මානයකින් ශ්‍රී ලාංකේය සිනමා වෘත්තිකයෙකු පිදුම් ලද පළමු අවස්ථාව ලෙසින්ද ජගත් සිනමා උළෙල ඉතිහාසයට එක්විය.

1975 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකේය නිළියක ජගත් සම්මාන ලද පළමු අවස්ථාවේ හිමිකාරිත්වය සිය නාමය ඉදිරියේ සටහන් කරගැනීමට සමත් වූ මාලිනී ෆොන්සේකා , වසර දෙකක් ඉක්මවාලීමට පෙර ශ්‍රී ලංකේය නිළියක ජගත් සම්මාන ලද දෙවැනි අවස්ථාවේ හිමිකාරිත්වයද සිය නාමය ඉදිරියේ සටහන් කරගැනීමට 1977 වර්ෂයේ ජනවාරි මාසයේදී සමත්වූවාය.

ඒ 06 වෙනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී අමරනාත් ජයතිලකගේ ‘සිරිපාල හා රන් මැණිකා’ සිනමාපටයේ රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ ගෞරව සඳහනකට (pecial Honourable Mention) පාත්‍ර වෙමිනි. මෙලෙසින් එදා මෙදා තුර ලොව ‘ඒ’ ශ්‍රේණියේ (Grade ‘A’) තරඟකාරී සිනමා උළෙලයන් ද්විත්වයක ප්‍රධාන ජූරිය විසින් පුදදුන් ඇගයීම් සම්මානයන් ද්විත්වයකට හිමිකම් කියූ පළමු සහ එකම ශ්‍රී ලාංකේය නිළිය ලෙසින් මාලිනී ෆොන්සේකා ඉතිහාසයට එක්වූවාය. එහෙත් එකී අවස්ථාවන් ද්විත්වයේදීම ‘හොඳම නිළිය’ සඳහා වූ සම්මානයට හිමිකම්කීමේ අවස්ථාව මාලනී ෆොන්සේකාට අහිමිවුවාය.

එහෙයින් අන්තර්ජාතික සිනමා උළෙලකදී රංගනය වෙනුවෙන් සිනමා නිළියකට පිදුම් ලැබිය හැකි ඉහළම සම්මානය වන ‘හොඳම නිළිය’ සම්මානයෙන් පිදුම් ලද පළමු ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය ලෙසින් වූ ඓතිහාසික වාර්තාවේ හිමිකාරිනියවීමේ භාග්‍යය සිනමා නිළි අනෝජා වීරසිංහ සතුවුවාය. ඒ 1987 වර්ෂයේදී ඉන්දියාවේ පැවති 11 වෙනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී ඩී.බී නිහාල්සිංහගේ ‘මල්දෙණියේ සිමියොන්’ සිනමාපටයේ ද්විත්ව චරිතයකට පනපොවමින් ප්‍රකට කල විශිෂ්ට රංගනය උදෙසා හොඳම නිළියට හිමි රජත මයුර සම්මානයෙන් (Silver Peacock Award for Best Actress) ඇය පිදුම් ලැබීමත් සමගය.

මෙහිදී 1974 වර්ෂයේ සිට 1987 වර්ෂය දක්වා වූ කාලවකවානුව තුලදී ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල, ලොව ‘ඒ’ ශ්‍රේණියේ (Grade ‘A’) තරඟකාරී අන්තර්ජාතික සිනමා උළෙලක් ලෙසින් වර්ගීකරණයට ලක්ව තිබූ නිසාවෙන්, එදා මෙදා තුර එවන් උළෙලක ‘හොඳම නිළිය’ සම්මානයෙන් පිදුම් ලද පළමු සහ එකම ශ්‍රී ලාංකේය නිළිය ලෙසින් අනෝජා වීරසිංහ වාර්තා පොත් අතරට ඇතුලත්ව ඇත. එසේම අනෝජා වීරසිංහ ලද ඉහත කී සම්මානය මේ දක්වා ශ්‍රී ලාංකේය නිළියක ලද ඉහළම ජගත් සම්මානය ලෙසින්ද සැලකේ.

60 සහ 70 දශකයේ රංගනයට අවතීර්ණ වූ දේශීය රංගන ශිල්පිනියන්ගේ රංගනය ඇතුලත් කලාත්මක සිනමාපට සැලකියයුතු සංඛ්‍යාවකට 60, 70, 80 සහ 90 දශකයන්හිදී ජාත්‍යන්තර සිනමා උළෙලයන් නියෝජනය කිරීමේ අවස්ථාව සැලසුනි. එහෙත් මාලිනී ෆොන්සේකා සහ අනෝජා වීරසිංහ හැරුණු කල මුල් පරපුර නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මානයකට හිමිකම්කිමේ අවස්ථාව ලද එකම නිළිය බවට නීටා ප්‍රනාන්දු පත්ව තිබීම කැපීපෙනේ.

එලෙසින් ජාත්‍යන්තර ඇගයීම් ලද තෙවන දේශීය රංගන ශිල්පිනිය වූ නීටා ප්‍රනාන්දු, 90 දශකයේදී ජාත්‍යන්තර ඇගයීම් ලද එකම ශ්‍රී ලාංකේය නිළිය ලෙසින්ද වාර්තා පොත් අතරට ඇතුලත්වුවාය. ඒ 1998 වර්ෂයේදී පැවති 11 වෙනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පවුරු වළලු’ සිනමාපටය වෙනුවෙන් උළෙලේ පිරිනමන ලද ‘හොඳම නිළිය සඳහා වූ රිදී තිර සම්මානයට’ (Silver Screen Award for Best Actress)හිමිකම් කීමත් සමගිනි. එහෙත් මෙහිදී මාලනී ෆොන්සේකා සහ අනෝජා වීරසිංහ සම්මාන ලද මොස්කව් සහ ඉන්දියානු උළෙලයන්ට අදාළ තරඟකාරී අංශයන්හී තරඟකාරීත්වය ලොව සියලුම රටවල සිනමාපටයන් උදෙසා විවෘත වූ අතර , නීටා ප්‍රනාන්දු සම්මාන ලද සිංගප්පූරු උළෙලේ තරඟකාරිත්වය ආසියානු කලාපීය සිනමාපට උදෙසා පමණක් විවෘත විය.

ලබන සතියට...

සම්මාන සටහන හා විශ්ලේෂණය උදිත ලක්මාල් කහඳවආරච්චි

වැඩසහන් සම්පාදක ප්‍රධානී

කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල