වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




Saturday Night Movie

Room

ස්වාධීන රූපවාහිනි සේවයේ සති අග සිනමා පෙළ ගැස්මේ 18 වැනි සෙනසුරාදා රාත්‍රි 10.30ට විකාශය කිරීමට නියමිතව තිබෙන්නේ අයර්ලන්ත ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ලෙනී ඒබ්‍රහම්සන් විසින් අධ්‍යක්ෂණය කළ Room චිත්‍රපටය යි.

2015 වසරේදී තිරගත කෙරුණු Room චිත්‍රපටය නිදහස සොයා යන මවක සහ ඇයගේ කුඩා පුතු වටා ගෙතුණු කතාවකින් යුක්ත වේ. අයර්ලන්ත ජාතික ලේඛිකා එමා ඩොනොග් විසින් රචිත Room කෘතිය ඇසුරෙන් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටයේ බ්‍රියේ ලාර්සන්, ජෙකොබ් ට්‍රෙම්බ්ලි, ජෝන් ඇලන්, ෂෝන් බ්‍රිජස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

වසර ගණනාවක් සිරගතව සිටි ජෝ නිව්සම් සහ ඇයගේ පස් හැවිරිදි පුත් ජැක් නිව්සම් හට නිදහස හිමි වේ. ජෝ අවට බාහිර ලෝකය දකින ප්‍රථම අවස්ථාව මෙය වේ. මේ තරුණ මව සහ කුඩා පුතු එම අවස්ථාවට මුහුණ දෙන්නේ කෙසේද යන්න Room චිත්‍රපටය ඔස්සේ රිදී තිරයෙන් දිග හැරේ.

Room චිත්‍රපටය විචාරක පැසසුම් ඉහළින් ලද චිත්‍රපටයකි. රොටෙන් ටෙමැටෝස් වෙබ් අඩවියේ එයට සියයට 94ක් හිමි වී ඇති අතර IMDb දර්ශකයේ 8.2/10ක් හිමි වී ඇත. මෙහිදී බ්‍රියේ ලාර්සන් සහ ජෝ නිව්සම් ලෙසින් කැනඩා ජාතික ළමා නළු ජෙකොබ් ට්‍රෙම්බ්ලිගේ රංගනයන් විශ්මයජනක බව විචාරක අදහසයි. එම විශ්මයජනක රංගනයෙන් ඔපවත් වුණු ආතතියෙන් යුතු එහෙත් ප්‍රතික්ෂේප කළ නොහැකි සිනමා නිර්මාණයක් ලෙස Room චිත්‍රපටය හැඳීන්විය හැකි බව ඔවුන් පවසා සිටියි.

Room චිත්‍රපටය ලොව පුරා සම්මාන උලෙළ රැසකදී නිර්දේශ නාම 131ට ඇතුළත්ව සම්මාන 62ක් දිනාගත් සිනමා නිර්මාණයකි. එය 88 වැනි ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය සහ හොඳම තිරරචනය යන සම්මාන වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වූ අතර එයින් හෙඳම නිළියට හිමි සම්මානය හිමි විය. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී ද හොඳම නිළියට හිමි සම්මානය Room චිත්‍රපටය වෙනුවෙන් බ්‍රියේ ලාර්සන්හට හිමි විය.

යතේජා