වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




එකම ලොතරැයියක්

එකම ලොතරැයියක්

පුරා තිස් වසරක් රූපවාහිනිය තුළ එකම වැඩසටහන මෙහෙයවීම එතරම් ලෙහෙසි නැහැ. එවන් වූ කාලයක් එකම වැඩසටහනක් මෙහෙය වන්නට ලැබීමත් එක්තරා අන්දමක වාසනාවක්. විශේෂයෙන් ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහනක් වගේ. චරිතා ප්‍රියදර්ශනී පීරිස් එවන් වූ වාසනාවකට උරුමකම් කියනවා. දශක තුනක් මුළුල්ලේ ඇය ලොතරැයි වැඩසටහන මෙහෙයවනවා. අනෙක් වැඩසටහන් වගේ නෙවෙයිනේ මේක. ඒ සඳහා පූර්ණ රහස්‍යභාවයකුත් තියෙන්න ඕන. ඒ ගරුත්වය ආරක්ෂා කරගෙන චරිතා වැඩ කටයුතු කළා. ඒ හින්දම ඇයට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් සම්මානයකුත් පිරිනැමුවා. මේ කාල පරාසය තුළදී කොතරම් වාසනාවන්තයින් ප්‍රමාණයකගේ නම් ඇය පවසන්නට ඇතිද. නමුත් චරිතාට නම් කෙදිනකවත් ලොතරැයියක් නම් ඇදිලා නැහැ. ඇය ලොතරැයි මිලදීගෙනම නැතිලු. චරිතට ලැබිච්ච එකම ලොතරැයිය තමයි එඩ්වඩ් ජයකොඩි.