වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




නවකයන් වෙනුවෙන්

නවකයන් වෙනුවෙන්

සංගීත ලෝලින් අතර ඉමහත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදක තරිඳු කොස්තා ගැන අලුත් ආරංචියක් තියෙනවා. ඒ ඔහු නවක ගායක ගායිකාවන්ට ගීත නිර්මාණය අරඹලා කියන කාරණාව. සෝම හිමියන් වෙනුවෙන් උපහාර ගීතය රචනා කළ සිරන්ත ප්‍රගීත් තමයි ඔහු නිර්මාණය කරන ගීතවල පදමාලාව සකස් කරන්නේ. සිරන්ත ගැයූ ගීතයක් ද මේ දිනවල ගුවන් විදුලි නාළිකාවලින් අපට ඇසෙනවා. තරිඳු - සිරන්ත එකමුතුවෙන් මේ වන විට නවකයන්ට ගීත රැසක් නිර්මාණය කරලා දීලා තියෙනවා. 0766612774 අංකයට කතා කරලා සහරා ෆ්ලෑෂ් හරහා ඔබට මේ පිළිබඳ වැඩි විස්තර ලබාගන්නට පුළුවන්.