වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




එහෙම අයත් ඉන්නවා

එහෙම අයත් ඉන්නවා

මහාචාර්ය සුනිල් ආරියරත්න බිම්බාදේවි හෙවත් යසෝදරා නමැති සිනමාපටය නිර්මාණය කිරීමට සූදානම් වන වග දැන් අලුත් පුවතක් නෙවෙයි. ඒ බව අප පසුගිය සරසවිය පුවත්පත ඔස්සේ ද විස්තර ගෙන ආවා. මේ වන විට එහි පෙර නිෂ්පාදන කටයුතු සිදු වෙමින් පවතිනවා. මෙම සිනමාපටයේ වැඩවලට එක්තරා නිළියක් මහාචාර්යවරයාට හදවතින්ම උදව් කරනවාලු. අපි කියන්නේ බොක්කෙන්ම සපෝට් කියලා. අන්න ඒ වගේ. හැබැයි මේ නිළිය ඒ චිත්‍රපටයේ නැති එකයි පුදුමෙ. වෙන කවුරුවත් නෙවේ ඒ තැනැත්තිය පූජා උමා ශංකර්. මෙහි කාර්යයන් වෙනුවෙන් ඉන්දියාවේ පවා ගොසින් උදව් උපකාර කරනවා. චිත්‍රපටයේ පෙර නිෂ්පාදන කටයුතු ඉන්දියාවේදී සිදු කෙරෙනවා. පූජා තමන්ගේ පෞද්ගලික වැඩ කටයුතු පවා අමතක කරලා ඒ සඳහා උදව් කරනවාලු. චිත්‍රපටයකට ඇති ආදරය නිසාමයි ඇය මෙලෙස බිම්බා දේවි හෙවත් යසෝදරා සිනමාපටය සාර්ථක කර ගැනීමට වෙහෙසෙන්නේ. චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙලා තමන්ගේ ගතමන්ට් එක ගත්තට පස්සේ ඒ ගැන ඇහැක් ඇරලාවත් හොයන්නේ බලන්නේ නැති නිළියන් ඉන්න අපේ ක්ෂේත්‍රයේ පූජා වගේ අයත් ඉන්නවා කියන එක අහන්නත් සතුටක්.