වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩි ඉල්ලුමක්

ගායනයට වැඩි ඉල්ලුමක්

සමදරා ආරියවංශ දැන් රංගනයෙන් ගායනයටත් පිවිසිලා. ඒ බව ආරංචි වෙච්ච ගමන් බොහෝ ප්‍රසංග සංවිධායකවරු ඇයට ගීත ගායනයට කතා කරලා. මේ කාලේ ඉතින් කොහොමටත් ෂෝස් වැඩියිනේ. ඒ හින්දමද මන්දා සමදරාට එක දිගටම ගයන්නට ආරාධනා ලැබුණලු. වැඩේ කියන්නේ මේ ගායනය හින්දා වෙනදා නිවසට වෙලා සිංහල අවුරුදු සමරන සමදරා මෙවර එයට හරිහැටි ලැහැස්ති වෙන්නත් ලැබිලා නැහැ. වෙන අය නොනගතේට වැඩ නැවැත්තුවට සමදරා නොනගතේටත් ස්ටේජ් එකේ ගයනවාලු. කොහොම හරි එදා රෑම ෂෝ එක ඉවර වෙලා සිංහල අවුරුදු දා පාන්දරම තමයි ඇය ගෙදර ඇවිත් තියෙන්නේ. ආයෙත් එදා රෑ ඇය ප්‍රසංග වේදිකාවකට නැගලා.