වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ගැයුම් ඇගැයුම්

ගැයුම් ඇගැයුම්

රවීන්ද්‍ර රන්දෙණිය යන නම ඇසුණාම කොයි කාටත් මතක් වෙන්නේ ප්‍රවීණ රංගධරයකුව. ඒතරම්ම ඔහු රංගනයෙන් අප ක්ෂේත්‍රය තුළ නොමැකෙන සටහන් තැබුවා. රවී ඉඳහිට ගායනයේද යෙදෙනවා. ඒ විවිධ රූපවාහිනී වැඩ සටහන්වලදී. ඒ බව දන්න නිසාම ඇතැම් ප්‍රෝගෑම්වලදී එන්නට පෙරම වැඩ සටහන් අධ්‍යක්ෂවරු රවීට දන්වා සිටිනවාලු ගීතයක් ගයන්නත් ලැහැස්ති වෙලා එන්න කියලා. එහෙම ගායනයේ යෙදෙන නිසාම රවීට ඉතාම විරල අවස්ථාවක් හිමි වෙලා. ඒ කෙටි කලක් ඇතුළත මෙරට ජනප්‍රිය නව පරපුරේ ගායිකාවන් හතර දෙනෙකු සමඟ යුග ගීත ගයන්නට. හිරු නාලිකාවේ අලුත් අවුරුදු වැඩ සටහනේදී රවී නිරෝෂා විරාජිනි සහ උරේෂා රවිහාරි සමඟ ගීත ගයලා. සියත නාලිකාවේ වැඩසටහනකදී ශෂිකා නිසංසලා එක්ක ගයලා. හිරු නාලිකාවේ කොපි චැට් වැඩසටහනදී උමාරත් එක්ක ගයලා. මේ ගැයීම් වෙලා තියෙන්නේ එකිනෙකට කිට්ටු දවස්වල. කෙසේ වෙතත් මේ හතර දෙනා එක්ක ගැයූ ගීතවලට ඉහළ ප්‍රතිචාර හිමි වූ බව රවී අපිත් එක්ක කිව්වා.