වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




‘නිදහසේ පියා ඩී. එස්’ මුහුරත් උලෙළ බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හිදී

‘නිදහසේ පියා ඩී. එස්’ මුහුරත් උලෙළ බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හිදී

මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතාගේ ජීවිත කතාව අලළා කෙරෙන සිංහල සිනමා වංශ කතාවේ නවතම වෘත්තාන්ත චිත්‍රපටය ‘නිදහසේ පියා ඩී. එස්’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හිදී පැවැත්විණි.

සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කරන මේ වෘත්තාන්ත විත්‍රපටයේ ලක්ෂමන් මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, ඩග්ලස් රණසිංහ, ජනක් ප්‍රේමලාල්, ජයලාල් රෝහණ, ශ්‍රියන්ත මෙන්ඩිස්, රිචඩ් මානමුදලි, උදේනි අල්විස්, පාලිත සිල්වා, සංජීව දිසානායක කුමාර තිරිමාදුර, ගාමිණී හෙට්ටිආරච්චි, දයාදේව එදිරිසිංහ, අනුර බණ්ඩාර රාජගුරු, සරත් චන්ද්‍රසිරි, රොෂාන් පිලපිටිය, සාරංග දිසාසේකර, චන්දික නානායක්කාර, අතුල ජයසිංහ, උදිත් අබේරත්න, තිසුරි යුවනිකා, නිරෝෂා තලගල, සුරේනි සෙනරත්, සුසන්තා චන්ද්‍රමාලි, ශ්‍රියානි මහවත්ත ඇතුළු නළු - නිළියෝ රැසක් මෙහි රංගනයෙන් දායක වීමට නියමිතය. උපදේශකත්වයෙන් නීතිඥ සමන් වීරමන්, කැමරා අධ්‍යක්ෂණයෙන් චන්දන ජයසිංහ, සහය අධ්‍යක්ෂණයෙන් උදය ප්‍රසන්න, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, ඇඳුම් නිර්මාණයෙන් අකුරම්බොඩ පියතිස්ස, වේශ නිරූපණයෙන් තාරක අධීකාරී, සංගීත අධ්‍යක්ෂණයෙන් සමන්ත පෙරේරාත් යන ශිල්පීහු මේ නිර්මාණය සඳහා දායක වෙති. නිෂ්පාදනයෙන් ආචාර්ය විජයදාස රාජපක්ෂත්, සම නිෂ්පාදනයෙන් ජේ.සී අලවතුරත්, සස්ත්‍රීය රාජපුත්‍ර වීරසිංහත් සහය වන මේ වෘත්තාන්ත විත්‍රපටයේ තිරරචනය රංගශ්‍රී පීරිස්ගෙනි.

ඒ අවස්ථාව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඡායාරූපයෙන් දැක්වෙන්නේ අමාත්‍යතුමා පොල්තෙල් පහන දල්වන අයුරු හා අධ්‍යක්ෂ සුනෙත් මාලිංග සභාව අමතන අයුරුයි.


‘සරිගම’ නාදය දැන් ඇසේ

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය වන 'සරිගම' පසුගිය දෙවැනිදා සිට රිගල් ප්‍රමුඛ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ආරම්භ වුණා. ජනප්‍රිය සිනමා කෘති රැසක් තිරයට ගෙන ආ සෝමරත්න සරිගම සිනමා සිතුවම නිර්මාණය කොට ඇත්තේ ලෝ ප්‍රකට සිනමාපටයක් වන සවුන්ඩ් ඔෆ් මියුසික් ඇසුරෙනුයි.

දරුවන් සත් දෙනෙකු රැක බලා ගන්නා යොවුන් පාලිකාවක වටායි සරිගම කතාව සකස් වී ඇත්තේ. පූජා උමා ශංකර් එම චරිතය රංගනයේ යෙදෙනවා.

ආචාර්ය මාලිනී ෆොන්සේකා, අශාන් ඩයස්, රත්නා ලාලනී ජයකොඩි, ගයනි ගිසන්තිකා, රම්‍යා වනිගසේකර, සෝමසිරි අලකොලංග, ලලිත් ජනකාන්ත, දසුන් මධුශංක, බුද්ධි රන්දෙණිය, සකුන්තලා සත්සරණි, නර්ථනා දිල්මිණි, සිතෙති අකිලා, තිසුරි අංජලී, කෞශල්‍යා නිර්මාණි. මිලිනි මෙහාරා, ප්‍රමුදිත උදය කුමාර,මෙතාරා ගියෙන්සා, වෙතුලි යුවන්යා සරිගම සෙසු චරිත රංගනයේ යෙදයි.

රේණුකා බාලසූරිය විධායක නිෂ්පාදිකාවයි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතය නිර්මාණය කොට ඇත. දමින්ද ඩී. මඩවල සහ චාමර සේලාර සහාය අධ්‍යක්ෂණයෙන් ද, අජිත් රාමනායක සංස්කරණයෙන් ද, සුනිල් විජේරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද, විධුර අබේධීර සහ සමීර මධු කිඳෙල්පිටිය අංග රචනයෙන් ද මෙයට දායක වී තිබෙනවා.

ගීත දහ තුනක් ඇතුළත් සංගීතමය සිනමාපටයක් වන සරිගම හි ගී ගයා ඇත්තේ විශාරදවරුන් දෙදෙනකු සහ විශාරදවරියන් තිදෙනෙක්. නම් වශයෙන් කිව්වහොත් විශරද නන්දා මාලිනී, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද උරේෂා රවිහාරි, විශාරද ශෂිකා නිසංසලා සහ විශාරද හර්ෂණ දිසානායක.


බෙත්ලෙහෙමේ දෝංකාරය

එළඹෙන නත්තල වෙනුවෙන් වාද්‍ය විශාරද එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා විසින් තනු නිර්මාණ කරමින් සංගීත අධ්‍යක්ෂණය කළ කැරොල් ගී ඇතුළත් බෙත්ලෙහෙමේ දෝංකාරය සංයුක්ත තැටිය පසුගියදා එළිදැක්විණ, නලින් පෙරේරා, චන්දන ලියනාරච්චි, නිරෝෂා විරාජනී, නෙලූ අධිකාරි, නදිමාල් පෙරේරා, ප්‍රසන්න ප්‍රනාන්දු, සුසිත් වීරකෝන් සහ ඈන් එවාදිනි සිල්වා මෙහි ගී ගයති.

ආචාර්ය දයා වැලිකඩආරච්චි පියතුමා. ආචාර්ය ඇන්ටනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා, ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා සහ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා මෙහි ගී පද රචනා කොට ඇත.


ලකීගේ දඩබ්බරී හෙට සිට වැඩ

ලකී ඩයස්ගේ නවතම ටෙලි සිතුවමේ රූගත කිරීම හෙට සිට ආරම්භ වේ. එය නම් කොට ඇත්තේ දඩබ්බරී යනුවෙනි. රහස් පරික්ෂක කතාවක් ඔස්සේ ගලා යන එය රිහාන් රවීන්ද්‍රගේ රචනයකි. ලකී ඩයස්, මේනකා පීරිස්, එරංග ජීවන්ත, මොරින් චාරුණී, රමණී සිරිවර්ධන, ධනංජි තාරුකා, නිර්ධා උයන්හේවා, සුසිල් පෙරේරා. අංජන ප්‍රේමරත්න, දිලිප් මනෝහර දඩබ්බරී හි චරිත මවති.

කැමරාව සුනෙත් හෙට්ටිආරච්චි මෙහෙයවයි. ඉන්ද්‍රජිත් චන්ද්‍රකුමාර සහාය අධ්‍යක්ෂවරයාය. සම්පත් වන්නිආරච්චිගේ කලා අධ්‍යක්ෂණයකි. හේමන්ත බන්ධනගේ නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වේ. අංග රචනය සමීර මධු කිඳෙල්පිටියගෙනි. දඩබ්බරී බෙස්ට්කෝ එන්ටර්ප්‍රයිසස් වෙනුවෙන් මර්වින් පෙරේරා නිෂ්පාදනය කරනු ලබයි.


අපේ කාලයේ පටාචාරා හෙට එනවා

හෙට සිට රිකී, ලිඩෝ ඇතුළු එම් පී අයි සහ එල් එෆ් ඩී මණ්ඩලයේ සිනමා ශාලාවන්හි අපේ කාලයේ පටචාරා සිනමාපටය තිරගතවීම ඇරැඹේ. එය විජය කුවේණි, ඇහැළෙපොල කුමාරිහාමි වැනි සිනමාපට තිරයට ගෙනා සුගත් සමරකෝන්ගේ අධ්‍යක්ෂණයකි. ජගත් විශ්ව කුමාර අපේ කාලයේ පටාචාරා නිෂ්පාදනය කොට ඇත. දුලානි අනුරාධා මෙහි ගුවන් සේවිකාවක සහ පටාචාරාවන් ලෙස ද්විත්ව චරිත රංගනයේ යෙදෙයි.

ක්ලීටස් මෙන්ඩිස්, සාරංග දිසාසේකර. විනු සිරිවර්ධන, අනූෂා දිසානායක, සමන්ත වීරකෝන්, අනූෂා ජයසූරිය, සරත් දික්කුඹුර, රංග බුද්ධ, සංජය සමරකෝන්, සනීෂ සුපසන් දිවාකර, සමන් ශ්‍රී වෙදගේ, උපුල් ගුණවර්ධන, නෝබට් පෙරේරා, ප්‍රියාන් අනුර ශ්‍රී, ධම්මික හේවාදුවත්ත, ප්‍රියන්ත කහපළආරච්චි, චන්දු ඉඹුලාන, අංජු නර්මදා, ප්‍රියා විතානාරච්චි ඇතුළු නළු නිළියන් රැසක් රංගන දායකත්වය සපයති.

සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂවරයාය, සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. අජිත් රාමනායක සංස්කරණයෙන්ද, සෑම් පෙරේරා අංග රචනයෙන් ද, ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක විය. ප්‍රියාන් අනුර ශ්‍රීගේ ඇඳුම් නිර්මාණයකි.

නිලාන් මලිගැස්ප නර්තන අධ්‍යක්ෂවරයාය. උරේෂා රවිහාරි, ඉරාශා සමින්දනී සහ මොහාන් දර්ශනගේ ගයති. රෝහණ විපුල කුමාරගේ නිෂ්පාදන කළමනාකරණයකි. නිශ්චල ඡායාරූප සංජය සමරකෝන්ගෙනි. හර්ෂණ වික්‍රමසිංහ සහාය අධ්‍යක්ෂවරයාය. උපුල් නිශාන්ත මාධ්‍ය සම්බන්ධිකරණයෙන් දායක වේ.


කෙටි චිත්‍රපට උලෙළට චිත්‍රපට ඕනෑ

සිනෙත්වින් සිනමා සංවිධානය වසරක් පාසා සංවිධානය කරනු ලබන කෙටි චිත්‍රපට උලෙළේ නිර්මාණ බාර ගැනීම මේ දිනවලදී සිදුවේ. තාරුණ්‍යයේ නිර්මාණශිලී කෙටි චිත්‍රපටකරුවන්, කෙටි චිත්‍රපටකරණයේ ස්ත්‍රී දායකත්වය සහ විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ චරියාවන් යන මාතෘකා යටතේ මේ සඳහා කෙටි චිත්‍රපට ඉදිරිපත් කළ හැකිය. නිර්මාණයන් බාර ගැනීම මෙම මස 20 වැනිදායින් අවසන් වේ. බුද්ධික හසිත නවරත්න, සිනෙත්වින් සංවිධානය, අංක 68, ධර්මපාල මාවත, රත්නපුර යන ලිපිනයට කෙටි චිත්‍රපට එවිය හැකිය. 0773744009 අංකයට ඇමතීමෙන් මෙහි වැඩි විස්තර දැනගැනීමට පුළුවන.


අමීෂා නිෂ්පාදනයට-කිඩ්නැප් ඇරැඹේ

අමීෂා කාවින්දි සිනමා නිෂ්පාදිකාවක ලෙසින් දොරට වඩින කිඩ්නැප් සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් පරිශ්‍රයේදී පැවැත්විණ. එය සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයකි. මහේන්ද්‍ර පෙරේරා, අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි. දුලානි අනුරාධා, ධනංජය සිරිවර්ධන, බුද්ධික ජයරත්න, ඉසුරු ලොකහෙට්ටිආරච්චි, රජිත හිරාන් චාමිකර, ඩී. බී. ගංගොඩතැන්න,අනුර බණ්ඩාර රාජගුරු, ඉන්දික ප්‍රසන්න, සුගත් ජානක, අනුරාධා එදිරිසිංහ, තරාති පෙරේරා, නිශානි ගමගේ, ඉන්දික මධුරගේ සහ දිනිත් ද සිල්වා මෙහි චරිත පණ පොවති. කිඩ්නැප් සුරංගගේ සිව්වැනි සිනමා නිර්මාණය වේ. රජ හොරු, මයි නේම් ඉස් බන්දු සහ හොරා පොලිස් සුරංග මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ සිනමාපට අතර වේ. කිඩ්නැප් මුහුරත් උලෙළදා අවස්ථා කිහිපයකි මේ.