වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සිනමා සතිය ඇරැඹේ

සරසවිය සිනමා සතිය ඇරැඹේ

අද ඇඩ්ඩ්‍රස් නෑ හෙට හෝගානා පොකුණ

කොළඹ රිගල් සිනමා ශාලාවේදී සරසවිය සිනමා සතිය ඉකුත් සඳුු දින ආරම්භ වූයේ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු සිනමාපටය තිරගත වෙමිනි. මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී පුණ්‍යා හීන්දෙණිය සහ මහරජ ගැමුණු සිනමාපටයේ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි,නිෂ්පාදක ගුණපාල රත්නසේකර ඇතුළු චිත්‍රපටයේ පිරිවර සහභාගී වූහ. අද දින රිගල් සිනමා ශාලාවේ සවස හයට තිරගත වනුයේ ජැක්සන් ඇන්තනිගේ ඇඩ්ඩ්‍රස් නෑ සිනමාපටයයි. හෙට දින ඉන්දික ෆර්ඩිනැන්ඩු අධ්‍යක්ෂණය කළ හෝගානා පොකුණ සිනමාපටය තිරගත වෙමින් සරසවිය සිනමා සතිය අවසන් වේ.


 
 
 
 
 
 

සරසවිය සිනමා සතිය සඳහා සිනමාලෝලීන්ගේ උද්යෝගය නිරෝෂ් බටේපොළගේ කැමරා ඇසට හසූ වූ අයුරු