වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මගදිගට රස කතා

පොකුණු දෙකට මැදි වූ සුනිල්

සරසවිය චිත්‍රපට දැක්ම මේ දවස්වල කොළඹ රීගල් සිනමාහලේ අති සාර්ථකව පැවැත්වෙනවා සවස 6.00 ට. කොහොම වුණත් පුදුමයකට වාගේ මෙවර උලෙළට පොකුණු දෙකක් ඇතුළත් වෙනවා. එකක් අඟහරුවාදා තිරගත වුණු බොර දිය පොකුණ. දෙවැන්න හෙට තිරගත වන හෝ ගානා පොකුණ. ඉතින් මේ පොකුණු දෙකටම මැදිවෙලා ඉන්නේ එක් කෙනෙක් වීම දෛවෝපගතයි. ඒ තමයි සුනිල් ටී. ප්‍රනාන්දු. ඒ පොකුණු දෙකම විශිෂ්ට චිත්‍රපට.

ලබා දුන් ගෞරවයට තුති

විශිෂ්ට රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අප අතරින් සදහටම සමු අරන් මේ වන විට සති කිහිපයක් ගත වුණා. කොස්තා මියගිය පුවත දැනගත් මොහොතේ සිට නොයෙක් දෙනා ඒ නිවසට එක් රොක් වුණේ කොස්තාගේ අවසන් කටයුතු හොඳින් සිදු කරන්නයි. ඒ මොහොතේ සිට මේ දක්වා උදව් කළ පිරිසට විශේෂ ස්තූතියක් කරන්න ඕනෑ කියලා කොස්තාගේ ප්‍රිය බිරිය වූ රේණුකා කොස්තා අපට දන්වා සිටියා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ රන්ජන් රාමනායක යන මහත්වරුන් සමඟ කලා ලොවේ සියලු සහෘදයන්ට ඇය තුති පිදුවා.

'විමල් ජීවත් වෙලා ඉන්න කාලෙ මුදල් හම්බ කළේ නැහැ. හම්බ කළේ මිනිස්සු. ඒ අය අදටත් උදව් කරනවා. අපි සල්ලි බාගෙ තිබුණු උදවිය නෙවෙයි. නමුත් විමල් පුළු පුළුවන් විදිහට අපිට සැලකුවා. ඔහු මිය ගියායින් පසුව අපව තවත් අසරණ වුණ.

රේණුකා වැඩිදුරටත් සඳහන් කළා.

ආයෙත් රඟපෑමට

අයෝමි ශානිකා වැර වෑයමෙන් ඉගෙන ගෙන ආයුර්වේද වෛද්‍යවරියක වුණා. ඊට පස්සේ ඇය තමන්ගේම වෛද්‍ය ආයතනයක් පටන් ගත්තනෙ නුවර. අනතුරුව අයෝමි මව් පදවියත් ලැබුවා. මේ හේතු කාරණා නිසා ඇයට ක්‍රම ක්‍රමයෙන් රංගන කටයුතු අමතක වෙලා යමින් තිබුණා. ඉඳලා හිටල නාට්‍යයක හිටියොත් මිසක ඇයව පසුගිය කාලේ රංගන ශිල්පිණියක විදිහට දැක්කේ නැති තරම්. ඕන්න දැන් අයීමිට හිතිලා ආයෙත් රඟපාන්න ඕනෑ කියලා. ඒ වගේම නිවේදනයට එකතු වන්නටත් ඇය ආසාවෙන් ඉන්නවා. අයෝමිගේ දැඩි හිතවතියක වන තරුෂි පෙරේරා විසින් අයෝමිව ළඟදී නාට්‍යයකට ගත්තා. ඊට පසුව ළඟදීම රූ ගැන්වෙන හාස්‍යෝත්පාදක ටෙලි සිතුවමක ප්‍රධාන චරිතයකට ඇයට කතා කරලලු තියෙන්නේ. මෙන්න මේ කරුණු කාරණා හින්ද අයෝමි ඉදිරියේදී රංගන ශිල්පිනියක විදිහට සෑහෙන්න කාර්යබහුලවීමට නියමිතයිලු.

 

FB STAR

සඳවත වැසුනාවේ (ශානිකා වනිගසේකර සමඟ) රුවන් තරු මල් ආදී ගී ගයමින් ඉමහත් ජනප්‍රියතාවයක් ලද ගිහන් නිශාන් මේ දිනවල ගත කරන්නේ ඉමහත් වූ කාර්යබහුල දිවියක්. ඒ තම සංගීතමය කටයුතු හින්දා නම් නෙවෙයි. ගිහන් දැවැන්ත කාර්යයකට අතගහලා. ඒක රියැලිටි වැඩසටහනක්. ජ් ඕ ඉබචප. ජ්චජඥ ඕධධඬ හෙවත් මූණු පොතේ ඉන්න ගායන වාදන හැකියාව ඇති දක්ෂයින් කලඑළියට ගැනීමයි ජ් ඕ ඉබචප හරහා ගිහන් අපේක්ෂා කරන්නේ. මේ වන විට එහි මූලික අදියර පටන් අරන්. සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් රැසක් ජ් ඕ ස්ටාර් සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. ඔවුන්ගේ උපදේශකත්වය මතයි මෙය ඉදිරියට දිග හැරෙන්නේ. ගායන හෝ වාදන හැකියාව ඇති දක්ෂයින් තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය වන පරිදි එය පුංචි විඩියෝවකට ගෙන එම වීඩියෝව ජ් ඕ ඉබචප ටචද ර්‍ථචඨඥ එකට ධ්දඡධය කොට මෙහි පළමු අදියර හා එකතු වන්නට පුළුවන්. ඒ වගේම මේ සඳහා සහභාගිවීමට මූණු පොතේ ගිනුමක් අවශ්‍ය වන්නේ නැති බව ගිහන් කියනවා. මූණු පොතේ නැති අයට වුණත් ගායන සහ වාදන හැකියාව ඇත්නම් මෙයට එකතු වී තම කලා දිවියේ ආරම්භය සනිටුහන් කරන්නට පුළුවන්. ජ් ඕ ඉතිහාසයේ මුල්වරට තමයි මෙවන් වූ තරගාවලියක් මෙරටදී පැවැත්වෙන්නේ. ඒ වගේම මේ සඳහා මියුසික් විලේජ් ටීම් එක බෙහෙවින් උදව් කරන බව ගිහන් අපිත් එක්ක කිව්වා. ගිහන් සංගීත අධ්‍යක්ෂණය කළ ගීත බොහොමයක් පසුගිය දිනවල බොහොමත්ම ජනප්‍රිය වුණා. පමාවෙලා (දමිත් අසංක) රෝස දෙතොලින්, වෙන් වන්නට හිත කීවත් (ජූඩ් රොගෑන්ස්) මගේ නොපෙනෙන ආදරේ (ප්‍රසංග තිසේරා) ඒ අතරින් විශේෂයි.

අවසාන නැති කතාවක්

අවසාන ප්‍රේමයයි, අවසන් පෙම මගේ, නිදුකින් ඉනු මැන වැනි ගීත නිරන්තරයෙන් ගුවන් විදුලි නාළිකා හරහා ප්‍රචාරය වෙනවා. මෙම ගීතවල අයිතිකාරයා වන්නේ ඩිමංක වෙල්ලාලගේ. ඔහු පසුගිය දිනයක මෙතෙක් නොගැයූ අන්දමේ ගීයක් ගැයුවා. ඒක නම් කරලා තියෙන්නේ ආදරෙයි වස්තු යනුවෙන්.

හැම දෙයක්ම අවසානයි කිය කිය ගීත ගැයූ ඩිමංක අවසාන යන වචනය නොමැති වීම හින්දමදෝ මේ වන විට ආදරෙයි වස්තු ගීයට අන්තර් ජාලය ඔස්සේ නොසිතූ විරූ ප්‍රතිචාර එනවලු. ඩිමංකගේ මේ නවතම ගීතය ලිව්වේ ලසිත ජයනෙත්ති ආරච්චි, සංගීතය ඩිල්ෂාන් එල්. සිල්වාගෙන්.