වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය උලෙළ ගැන ලොවට කියන්න මාධ්‍ය මිතුරන් එක් වූදා

සරසවිය උලෙළ ගැන ලොවට කියන්න මාධ්‍ය මිතුරන් එක් වූදා

උලෙළ වෙනුවෙන් අලුත් වෙබ් අඩවියක් www.sarasaviyaawards.com

දේ්ශයේ මහා කලා මංගල්‍ය හෙවත් සරසවිය සම්මාන උලෙළෙහි තිස් තුන් වැනි අදියර එළඹෙන පහළොස් වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම් වෙයි. සරසවිය සම්මාන උලෙළ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමක් පසුගිය දිනෙක කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී පැවැත්විණ. දිවයිනේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය සහෘදයින් රැසක් මේ සඳහා සහභාගි විය. ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම සුවිශේෂී අවස්ථාවේදී සරසවිය සිනමා උලෙළෙහි නිල අනුග්‍රාහකත්වය දරන ටෙලිකොම් සමාගම හා ගිවිසුම අත්සන් කිරීම ද සිදු කෙරුණි. මෙයට සමගාමීව සියලු සරසවිය සම්මාන උලෙළයන් පිළිබඳ විස්තර ඇතුළත් වූ වෙබ් අඩවිය ද විවෘත වුණි. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහ සරසවිය කර්තෘ අරුණ ගුණරත්න යන මහත්වරුන්ගේ අතිනි.



 
 
 

 

සරසවිය උලෙළට නව වෙබ් අඩවිය www.sarasaviyaawards.com