වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මෙවර හොඳම අධ්‍යක්ෂවරයා කවුරුන් ද?

මෙවර හොඳම අධ්‍යක්ෂවරයා කවුරුන් ද?

සරසවිය මහා කලා මංගල්‍යයට ඇත්තේ හරියට ම තව දින හතකි. එනම් සරසවිය සම්මාන උලෙළ මේ මස 15 වැනිදා සවස 6.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී උත්සවාකාරයෙන් පැවැත්වෙයි.

මෙවර 2015 වසරේ තිරගත වූ දේශීය චිත්‍රපට 23 ක් සම්මාන 24 ක් අරබයා තරග වැදීමට නියමිත ය. ඒ අනුව මේ චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂවරු අතරින් මෙවර හොඳම අධ්‍යක්ෂවරයා වන්නේ කවුරුන්ද? ඒ සියල්ලන්ගේ ම හදවතේ නැගෙන එක් පැනයකි. ඒ චිත්‍රපට අතර ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ මෙන්ම තරුණ අධ්‍යක්ෂවරුන්ගේ ද නිර්මාණ සම්මාන උලෙළට එක් වී ඇත. දැඩි තරගකාරී බවකින් යුක්ත වූ චිත්‍රපට අතර අවසන් වටය සඳහා නිර්දේශ වී ඇති අධ්‍යක්ෂවරුන්ගේ නම් ඔබ මෙන්ම නම් අප දැන ගන්නේ ද 15 වැනිදා රාත්‍රියේ ම ය.

ලුවී වැන්ඩස්ට්‍රාටන් (බෝනික්කා )

ලාල් ප්‍රියදේව (මගේ යාළු මාළු)

ජයන්ත චන්ද්‍රසිරි (මහරජ ගැමුණු)

සත්‍යජිත් මාඉටිපේ (බොරදිය පොකුණ)

හේමසිරි සෙල්ලප්පෙරුම (සංජානා)

සුනෙත් මාලිංග (ස්පන්දන)

උදයකාන්ත වර්ණසූරිය (ගින්දරී)

සනත් ගුණතිලක (සිනහව අතරින්)

නන්දන හේවාපන්න (මංගල ගමන)

ඩොනල්ඩ් ජයන්ත (ප්‍රවේගය)

රොඩ්නි විදානපතිරණ (ඉර සේවය)

එරංග සේනාරත්න (නෝනෙ මගේ සුදු නෝනේ)

චන්ද්‍රන් රත්නම් (මේ වගේ ආදරයක්)

සෝමරත්න මාලිම්බඩ (අනාථ දූපත)

සනත් අබේසේකර (මහරජ අජාසත්ත)

කුසුම් චන්ද්‍ර ගමගේ (ආත්ම වර්ෂා)

ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක)

අරුණ මහේන්ද්‍ර (ලැන්ටින් සිංඤ්ඤෝ)

ගිරිරාජ් කෞශල්‍ය (සුහද කොකා)

ජැක්සන් ඇන්තනී (ඇඩ්ඩ්‍රස් නෑ)

සුරංග ද අල්විස් (මයි නේම් ඉස් බන්දු)

ඉන්දික ෆර්ඩිනැන්ඩු (හෝ ගානා පොකුණ)

ලාල් වීරසිංහ (සිංග මචං චාලි)