වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මං කෙල්ලෙක් නිසා මනාප අඩු වුණා

මං කෙල්ලෙක් නිසා මනාප අඩු වුණා

‘සිරස සුපිර තරු’ සොයා යාමේ පස්වැනි අදියරෙන් ඉවත් වූ

දිල්නේෂා

සිරස සුපිරි තරු සොයායාමේ හතරවැනි අදියරෙන් ගායන ලොවට පිවිසි ඇය ඉන් අවසන් විසි හතර දෙනා දක්වා පැමිණ ඉවත් විය. ඇය එදින එම තරග භූමියෙන් පිට වී ආවේ ආයෙත් රියැලිටි තරගවලට නොයන දැඩි අධිෂ්ඨානයෙනි. එහෙත් තම මවගේ ඉල්ලීම මත සුපිරි තරු සොයා යාමේ පස්වැනි අදියරට ද අයැදුම් කළ ඇය පෙර මෙන් නොව තවත් දුර පැමිණ අවසන් දොළොස් දෙනා සඳහා තේරී පත්වන්නට වාසනාව ලද්දාය.

දිල්නේෂා වීරකෝන්.

මෙවර සුපිරි තරු රෑනෙන් ගිලිහුණු තාරකාව ඇයයි. ඇය අවසන් තරගකරුවන් හතර දෙනා අතරින් නික්ම යන්නට සිදු වූයේ ජනතාව ලබා දුන් තීන්දුවෙනි.

දිල්නේෂා ආව දුර ගැන තෘප්තිමත්ද?

පෙර අදියරට වඩා නම් ඉදිරියට ආවා. මගේ හීනය වුණේ අවසන් දොළහ අතරට ඒම. ඒ හීනය නම් සැබෑ වුණා.

ඔබට සිතෙන විදිහට ඇයි ඔබට ජනතා මනාපයන් අඩු වූයේ?

මං හිතන්නේ කොල්ලෝ තුන්දෙනා අතර සිටය එකම කෙල්ල මං නිසා වෙන්න ඇති.

නැතිනම් ගායනයේදී ඔබේ යම් අඩුපාඩුවක් නිසා නොවේද?

අප හැමෝගෙම අඩුපාඩු තියනවා. මොකද අප තවමත් ආධුනිකයින්. මගේ ගායනා ගැන මට හොඳ විශ්වාසයක් තියනවා. මම නම් හිතන්නේ ඉහත හේතුව හින්දයි ජනතා මනාප මට අඩු වුණේ.

ඇයි රියැලිටි තරගවලදී තරගකරුවන් පැරැණි ගීතම ගයන්නේ?

පැරැණි ගීත මිනිසුන්ගේ කනට හුරුයි. එහෙයින් රසික රසිකාවන් ඒවාට එක්වන ප්‍රවණතාවය වැඩියි. සමහර විට එස්. එම්. එස්. යවන්නෙත් තරගකරුවන්ට නොව ගීත සඳහායි. ඉතින් අලුත් ගීත නොගයා පැරැණී ගීත ගයන්නේ ඒකයි.

ඔබ ජනප්‍රියද?

ඔව් මං ජනප්‍රියයි. ලැබෙන රසික ප්‍රතිචාර මතයි මං එහෙම කියන්නේ.

රියැලිටි තරගවලින් ජනප්‍රිය වන අය ක්ෂේත්‍රයේ රැෙඳන්නේ නැත්තේ ඇයි?

ඒකට ප්‍රධානම හේතුව තමයි හරියාකාර සැලැස්මක් නැති එක.

ගීත ගැයුවත් ඔබේ අනාගතය දකින්නට සූදානම් වන්නේ වෙනමම අංශයකින් නේද?

මම දැනට සංචාරක කළමණාකරණය පිළිබඳව හදාරනවා. අනාගතයේදී හොඳ ව්‍යවසායිකාවක් වේවි.

එතකොට ගායනය?

ගායනයට තියෙන හැකියාව කවදාවත් නැති වන්නේ නැහැනේ. ව්‍යවසායිකාවක වුණත් මං ගායනයේ යෙදෙනවා.

ඔබ මීට ප්‍රථම ස්වනිර්මාණ ඉදිරිපත් කොට තියනවාද?

‘ඔච්චමට කී කතා නමින්’ ගීතයක් නිකුත් කළා. ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී දැනගන්නට ලැබේවි.

මෙවර සුපිරි තරු තරගාවලියේ ඔබට දැනෙන්නට සිංදු කියූ දක්ෂයින් කවුද?

දසුන් සහ දුලාජ්. ඒ දෙන්නා සිං කරන ස්ටයිල් එකට ආසයි.

ඔබේ පුද්ගලික තොරතුරු ටිකක් කිව්වොත්?

මගේ ගෙවල් පේරාදෙනිය මහකන්දෙ. මහනුවර මහමායා විද්‍යාලයෙනුයි අධ්‍යාපනය ලැබුවේ.

කාටද තුති පුදන්න තියෙන්නේ?

සිරස හැමෝටම, මගේ මව්පියන්ට.

ඔබට කාට හරි කතා කරන්න වුවමනා වුණොත්?

0778789274 අංකයට කතා කරන්න කියන්න.