වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




දියා විවාහ වෙයි

දියා විවාහ වෙයි

රුවෙන් අග තැන්පත් වී ආසියා පැසිෆික් රූ රැජන වුවත් දියා මිර්සා ද බොහෝ රූ රැජනන් මෙන්ම විවාහය පමා කළ අයෙකි. තිස් එක් වැනි වියට පියමැන්න පසු දියා තවදුරටත් විවාහය පමා නොකරන්නට තීරණය කර තිබේ. දියා අතගන්නේ දිගුකාලීන පෙම්වතා, ව්‍යාපාරික සහීල් සංසාගේයි.

ලබන වසරේ මුල දෙදෙනා විවාහවීමට නියමිතය.

රන්බීර් - අක්ෂේ තුවාල ලබති

මේ වීරයා තුවාල වන දර්ශනයක් රූගත කිරීමක් නම් නොවෙයි. සැබවින්ම වීරයා තුවාල වූ අවස්ථාවකි. මැයි 20 වැනි සඳුදා මේ අකරතැබ්බයට මුහුණ පෑවේ විකටයකු, පෙම්වතකු මෙන්ම ක්‍රියාදාම වීරවරයකු ලෙසින් බොලිවුඩයට ධන උල්පතක් වී සිටින අක්ෂේ කුමාර්ය.

‘තුපාකි’ ප්‍රතිනිර්මාණයේ ක්‍රියාදාම ජවනිකාවක් රූගත කරමින් සිටියදී මූම්බායි සිනමා නගරයේදී ඔහු අනතුරට මුහුණ පෑවේය. ට්‍රක් රථයකට අක්ෂේගේ දකුණු පාදය තුවාල වී තිබේ.

කඩිනමින්ම ඔහු අන්ද්‍රා ප්‍රදේශයේ කෝකිලබෙන් අම්බානි රෝහලට ඇතුළත් කෙරුණි. වාසනාවකට අක්ෂේගේ අස්ථි බිඳී නැත. හානි වී ඇත්තේ මාංසපේශී පටකවලටයි.

සිද්ධිය ආරංචි වූ සැනින් බිරිය ට්වින්කල් ඛන්නා රෝහලට පැමිණියාය. රියදුරුගේ කාල නිර්ණයේ දෝෂය අනතුරට හේතු වී තිබේ. එදිනම අක්ෂේ, ට්වින්කල් සමඟ නිවෙස බලා ගොස් ඇත. මඳ විරාමයකට හෝ විවේකයක් නැති අක්ෂේට අනතුර නිසා කලකට පසු හොඳ විවේකයක් ලැබී තිබේ. එහෙත් ඒ කෙටි කාලයකටය.

ඔහුගේ සිනමාපට හතරක්ම ඉදිරියේදීී රූගත කිරීමට නියමිතය. කෝටි 500 කට වැඩි ගණනක ආදායමක් රැඳී පවතින්නේ ඔහු අතේය.

තුපාකි දමිළ සිනමාපටයේ හින්දි ප්‍රතිනිර්මාණයේදී අක්ෂේ තුවාල වුණු දෙවැනි අවස්ථාව මෙයයි.

ගොඩනැගිල්ලක හයවෙනි තට්ටුවෙන් පනින ක්‍රියාදාම ජවනිකාවේදී ඔහුගේ වළලුකර ඇඹරුණි.

අක්ෂේට මෙන්ම රන්බීර්ට ද අනතුරුවලින් අඩුවක් නැති පාටය.

රන්බීර් කපූර්ගේ හදවත දිනා ගැනීමට සුවහසක් තාරකාවන් පෙළ ගැසෙද්දී, ඒ හද සැත්කමකින් පෑරුණු බව දැනගැනීම ඔවුන්ගේ හද ගැස්ම නතර කරන කරුණක් වන බව නම් නිසැකයි.

පසුගිය මැයි 12 වැනිදා රන්බීර් සැත්කමකට ලක්වුණේ පපුවේ තිබුණු ගෙඩියක් ඉවත් කිරීම සඳහායි. මේ දිනවල ‘යේ ජවානි හෛයි දිවානි’ සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතුª උදෙසා වෙහෙසෙන ඔහු සැත්කම ඊට බාධාවක් කර නොගත්තේය. පපුව වටා දමා තිබුණු වෙළුමත් සමඟ ඔහු දීපිකා පදුකෝන්ට එක් වී ප්‍රවර්ධන කටයුතුවල යෙදුණේය.

වෘත්තිය අංක එකට තබාගෙන සේවය කළත් රෝ දුක් ඔහුට නිතරම බැටදෙන පාටය. මේ දිනවල ඔහු කොන්දේ තුවාලවීම් නිසා ද වේදනාවට පත් වී සිටියි. රන්බීර්ගේ ඊළඟ සිනමාපටය වන ‘බෙශ්‍රාම්’ සඳහා දැඩි ලෙස වෙහෙසවීම නිසා ඔහු තුවාල වී තිබේ. බෙශ්‍රාම් හි ඔහු රඟන්නේ මාවත් සටන්කරුවකුගේ චරිතයයි. රන්බීර් කොන්දේ තුවාලවලට ද ප්‍රතිකාර ගනිමින් සිටියි.

රන්බීර් ගැන ගත කීරි ගැසෙන පුවත් රැසක්ම මේ දිනවල අසන්නට ලැබේ. රන්බීර් කපූර් රංගනයේ ‘අ’ යනු ‘ආ’ යනු කියා ඇත්තේ උපදින්නටත් පෙර සිටය. ඒ නිසා ඔහුට සිනමා කැමරාව නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවෙයි. රන්බීර් ප්‍රසිද්ධියේම උපන් ඇඳුමින් සැරසී රඟපාන්නට කැමැති බව පවසා ඇත්තේ එනිසාය.

ඔහුගේ පළමු සිනමා සම්ප්‍රාප්තිය සංජේ ලීලා බන්සාලිගේ ‘සාවරියා’ය.

ඔහු උඩුකය නිරාවරණය කරමින් තුවායක් පමණක් ඇඳගෙන කළ රංගනය යෞවනියන්ගේ පමණක් නොව යෞවනයන්ගේ ද සිත් ඇද ගැනීමට සමත් විය. කැමරාව ඉදිරියේ අංශු මාත්‍රයකවත් ලජ්ජාවක් නොදැනෙන නිසා කිසිදු අපහසුතාවකින් තොරව රන්බීර් ඒ අවස්ථාවට මුහුණ දී තිබේ.

මෑතකදී පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ අධ්‍යක්ෂට අවශ්‍ය නම් තමන් ඕනෑම වේලාවක ‘සාවරියා’ සිනමාපටයේ මෙන් අඩ නිරුවත් ලෙස පෙනී සිටීමට අකැමැත්තක් නැති බවයි. මේ ජවනිකාව සිනමාපටය නැරැඹීමට ජනතාව පොළඹවන හේතුවක් වූ බව ද ඔහු කියා සිටියේය.

ප්‍රාණ සමාන ප්‍රාන්

එක දිගට ගලා යන ආදර කතා ඔහු දුෂ්ටයකු වී වෙනස් කළේය. දැන් ඔහු සියවසක ආයු උරුමයක් ඇති බොලිවුඩ් සිනමාවේ දාදාසහීබ් පල්කේ සම්මානය, ඉතිහාසය වෙනස් කරමින් මුල්වරට නිවෙසේ සිට ලබාගෙන තිබේ.

ප්‍රාන් එසේ ඉතිහාසය වෙනස් කළ බොලිවුඩ් තරුවයි. දැනට අනූ තුන් හැවිරිදි වියේ පසුවන මේ ජ්‍යෙෂ්ඨතම නළුවා සම්මානය ගැනීමට යාමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් නොතිබීම නිසා බන්ද්‍රාවේ නිවෙසට පැමිණ සම්මානය පිරිනමා තිබේ.

බොලිවුඩ් පුරවරයේ ‘දුෂ්ට සුපිරි තරුව’ ලෙස නම් දරා සිටින්නේ ප්‍රාන්ය. 1940 දශකයේ සිට 1990 දශකය දක්වා ඔහු රංගනයේ යෙදුණේය. 1940 – 47 දක්වා තිරයේ වීරයා වූ ප්‍රාන් 1942 – 1991 දක්වා දුෂ්ටයා විය. ඒ අතරේ ඔහු විවිධ චරිත ද නිරූපණය කළේය. ඛ්ව්ව් මඟින් 2010 දී විශිෂ්ටතම ආසියානු නළු නිළියන් විසිපස් දෙනකුª නම් කළ අතර, ඔහුගේ නම ද ඒ අතර ඇත.

දාදා සහීබ් පල්කේ සම්මානය පිරිනැමීමට නියමිතව තිබුණේ නවදිල්ලියේ හැට වැනි ජාතික සම්මාන උළෙලේදීය.