වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කාන් උළෙලේ හොඳම චිත්‍රපටය මෙවරත්

කාන් උළෙලේ හොඳම චිත්‍රපටය මෙවරත් ප්‍රංශයට

විද්‍යා බාලන් ජූරියේ

හැටහය වැනි කාන්ස් සිනමා උළෙල මෙවර ප්‍රංශයේ කාන්ස් නගරයේදී මැයි 15 සිට 26 දක්වා පැවැත්වුණි. මෙවර ප්‍රධාන තරග අංශයේ ජූරියේ සභාපති වූයේ අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග්ය.

කෙටි සිනමාපට හා නවක සිනමාපට අංශයේ සභාපති වූයේ නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂවරිය ජේන් කැම්පියන්ය. සමාරම්භක උළෙල හා නිමා කිරීමේ උළෙල මෙහෙය වූයේ ප්‍රංශ නිළි ඔඩ්‍රි ටෞටෞය.

‘ද ග්‍රෙට් ගැරිස්බි’ සිනමාපටයෙන් චිත්‍රපට උළෙල ඇරැඹුණු අතර සිනමාපට උළෙල නිම කරමින් ප්‍රදර්ශනය කෙරුණේ ‘සූලූ’ සිනමාපටයයි.

2013 දී පාම් ඩි’ඕර් සම්මානය දිනාගනිමින් විශිෂ්ටතම ප්‍රංශ සිනමාපටය බවට පත්වූයේ ‘බ්ලූ ඉස් ද වෝමස්ට් කලර්’ (ලා වී ඩි’ඇඩිලේ)ය.

මෙවර උළෙලේ විශේෂත්වයක් වූයේ සිනමාපටයේ ප්‍රධාන තාරකාවන් දෙදෙනා හා අධ්‍යක්ෂ ඇබ් ඩිල්ලාටිෆ් කේච්චේ යන තිදෙනාම ගෙන්වා සම්මානය පිරිනැමීමයි. ස්පිල්බර්ග්, සිනමාපටය දැක වශීකෘත වූ බව කියවේ.

Un Certain Regard අංශයේ ජයග්‍රාහී සිනමාපටය වූයේ කාම්බෝජියානු අධ්‍යක්ෂ රිති පෑන් ගේ ද ‘මිසිං පික්චර්’ය.

(ලි’ ඉමේජ් මැන්කුවෙන්ටේ)

ප්‍රධාන තරග අංශයේ ගෞරවනීය පාම් ඩි’ ඕර් සම්මානය දිනාගත්තේ ‘ලා වී ඩි’ ඇඩිලේ’ සිනමාපටයේ සමලිංගික පෙම්වතියන් සේ රැඟූ ඇඩිලේ එක්සැකොපෝලස් සහ ලියා සේඩොක්ස්ය.

ප්‍රධාන තරග අංශයේ ගෝන් ෆ‍්‍ර‍්‍රී (විශිෂ්ට සිනමාපටය) ලෙස ජෝල් සහ එතන් කෝන්ගේ ‘ඉන්සයිඩ් ලීවින් ඩේවිස්’ ද, හොඳම අධ්‍යක්ෂ ලෙස ‘හේලි’ සඳහා අමත් එස්කැලන්ටේ ද , හොඳම තිර රචනය සඳහා ‘අ ටච් ඔෆ් සින්’ තිර රචනය කළ ජියා ෂන්කේ ද සම්මානයට පාත්‍ර වූහ. හොඳම නිළිය වූයේ ‘ද පාස්ට්’ හි රැඟූ බෙරිනීස් බේජෝය. හොඳම නළුවා ලෙසින් ‘නෙබ්‍රස්කා’ හි රැඟූ බෲස් ඩෙමි සම්මානයට පාත්‍ර වූයේය. ජූරියේ විශේෂ සම්මානය හිරොකසු කොරීඩා ගේ ‘ලයික් ෆාදර්, ලයික් සන්’ සිනමාපයට හිමි විය.

අන් සර්ට්න් රිගාඩ් සම්මාන අංශයේ විශේෂ ජූරි සම්මානය පිරිනැමුණේ හනි අබු - අසාඩ්ගේ ‘ඕමාර්’ සිනමාපටයටයි. එම අංශයේ හොඳම අධ්‍යක්ෂ ;ලස ෆෘට්වේල් ස්ටේෂන් අධ්‍යක්ෂණය කළ රයන් කූග්ලර් ද, විශිෂ්ට දක්ෂතාවට ‘ද ගෝල්ඩන් කේජ්’ අධ්‍යක්ෂණය කළ ඩියාගො ක්වෙමදා ඩියස් ද සම්මාන දිනා ගත්හ.

පැරලල් අංශයේ කලා සිනමා සම්මානය මී, මයිසෙල්ෆ් ඇන්ඩ් මම් හිමිකර ගත්තේය. එය ගුයිලෝමි ගැලීනේ අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකි.

හොඳම යුරෝපීය සිනමාපටය වූයේ ක්ලියෝ බර්නාඩ්ගේ ‘ද සෙල්ෆිෂ් ජයන්ට්’ ය.

කෙටි සිනමාපට අංශයේ ජයග්‍රාහී නිර්මාණය වූයේ ජොඕ නිකොලෝ ගේ ‘ද වයිල්ඩ් ගූස් චේස්’ය. විශේෂ සහතිකයක් ‘අබවුට් අ මන්ත්’ (ඇන්ඩ්‍රි නෙවෙයිස් ඔලිවේරියා) සිනමාපටයට හිමි විය.

ජූරියේ කුවියර් පාම් සම්මානය ඒලියන් ගුයිරෝඩි ගේ ‘ස්ට්‍රේන්ජර් බයි ද ලේක්’ සිනමාපටය ද, ජූරියේ පාම් ඩෝග් සම්මානය ‘බේබි බෝයි ඉන් බිහයින්ඩ් ද කැන්ඩිලේබ්‍රා’ ද දිනා ගත්තේය.

ස්වාධීන සම්මාන යටතේ තරගකාරී අංශයෙන් ‘බ්ලූ ඊස් ද වෝමස්ට් කලර්’, අන් සර්ට්න් රිගාඩ් අංශයේ මෑනුස්ක්‍රිප්ට්ස් ඩෝන්ට් බර්න් (මොහොමඩ් රයෝලොෆ්) සම්මාන නාමාවලියට එක් විය.

දෙසතියේ හොඳම සිනමාපටය ලෙසින් අධ්‍යක්ෂගේ සම්මානයට පාත්‍ර වූයේ බ්ලූ රුවින්ය. (ජෙරම් සෝල්නියර්). කැමෙරා ඩි’ඕර් සම්මානයට හිමිකම් කිව්වේ චීන අධ්‍යක්ෂ ජියා ෂැන්ග්කේ ගේ ‘අ ටච් ඔෆ් සින්’ය.

විශේෂ ජූරියේ සාමාජිකයෝ
(සිනෙෆොන්ඩේෂන්)

* සභාපති - ස්ටීවන් ස්පිල්බර්ග් (අධ්‍යක්ෂ)
* ඩැනියල් ඔටේල් (නළු)
* විද්‍යා බාලන් (නිළි)
* නයෝමි කවාසේ (අධ්‍යක්ෂිකා)
* නිකොල් කිඩ්මන් (නිළි)
* ඇන්ග් ලී (අධ්‍යක්ෂ)
* ක්‍රිස්ටියන් මුන්ගියු (අධ්‍යක්ෂ)
* ලීන් රැම්සේ (අධ්‍යක්ෂිකා)
* ක්‍රිස්ටොෆ් වෝල්ට්ස් (නළු)

අන් සර්ට්න් රිගාඩ් අංශය

* සභාපති - තෝමස් වින්ටර්බර්ග් (අධ්‍යක්ෂ)
* එරික් ගොන්සාලේස් මාකෝ (නිෂ්පාදක)
* ලුඩ්වින් සැග්නියර් (නිළි)
* ඉඩා සැන්ටියාගෝ - රියෝ උළෙලේ අධ්‍යක්ෂ
* ෂැන්ග් සියි (නිළි)

කැමෙරා ඩි’ඕර් (ගෝල්ඩන් කැමරා) අංශය

* සභාපති ඇග්නස් වර්ඩා (අධ්‍යක්ෂිකා
* මයිකල් ඒබ්‍රමෝවික් (ඡායාරූප අධ්‍යක්ෂ)
* ග්වෙනෝල් බෘනෙයු
* ඉසබෙල් කොඩෙක්ට් (අධ්‍යක්ෂිකා)
* එරික් ගුයිරාඩෝ (අධ්‍යක්ෂ)
* කොලේ රෝලන්ඩ් (ප්‍රංශ විචාරක සංගමය)
* රෙගිස් වෝග්නියර් (අධ්‍යක්ෂ)

කෙටි සිනමාපට හා ඉදිරි පරපුර දිරිමත් කිරීමේ අරමුණින් (සිනෙෆොන්ඩේෂන්) ඇති නවකයන්ට විවෘත වූ අංශය

* සභාපති ජේන් කැම්පියන් (නිළි)
* මාජි ඩා ඇබ්ඩි (අධ්‍යක්ෂ)
* නිකොලෙටා බ්‍රැස්කි (නිළි)
* නන්දිතා දාස් (නිළි)
* සෙමිත් කප්ලනෝග්ලු (අධ්‍යක්ෂ)