වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ගලගෙදරගේ සවියට තුති

සිංහල සිනමාව වෙනුවෙන් සුවිසල් මෙහෙවරකට දායක වන ජයරත්න ගලගෙදරට මාගේ ප්‍රණාමය.

චන්දන වන්නිආරච්චි

රිකී සිනමා

කොටුව

හිරුට ප්‍රණාමය

පුංචි තිරයේ දිග හැරුණ ඒකකාරී වැඩසටහන් නරඹා හෙම්බත් වී සිටිය මා හිරු ටී. වී. චැනලයට මාරු වුයේ ඒකාකාරී බවින් මිදීමටය. එව බදාදා දිනයකි. වේලාව රාත්‍රී දහය පමණ විය. පුදුමයකි, ශ්‍රීී ලාංකික කලාකෙත ගායනයෙන්, රංගනයෙන්, පද රචනයෙන් ඇතුළු විවිධ වූ කලා මාධ්‍යයන්ගෙන් පෝෂණය කළ ජීවන ගමනින් නික්ම ගිය උත්තරීතර මිනිසුන් වෙනුවෙන්ම වෙන් වූ උත්තරීතර කලා විශේෂිංගයකි. උත්තරීතර මෙම හරවත් වැඩසටහන අප වෙත ගෙන ඒමට නුවණ පහළ වූ හිරු ටී වී. හි සැමට මගේ ප්‍රණාමය.

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

බටහිර අධිකාරිමුල්ල

දූනගහ

අපගේ කනගාටුව

මේ වන විට සිනමාව කර්මාන්තයක් ලෙස ගමනක යෙදෙන විට එය පසු කරගෙන කර්මාන්තයක් ලෙස හැඩ ගැසී ඇත්තේ ටෙලි නිර්මාණ ආශ්‍රිත ක්ෂේත්‍රයයි. විශාල චැනල් ප්‍රමාණයක් ඇති මෙරට ටෙලි නාට්‍ය විශාල ගණනක් නිෂ්පාදනය වෙයි. මුල් කාලයේ ටෙලි නාට්‍යවලට සාධාරණීය ලක්ෂණ දක්නට ලැබුණත් දැන් එය නැත. වෙළෙඳ දැන්වීීීම් ආයතන හා එක්ව කාලය සහ වෙළඳාම නොමනාව සංකලනය කර ඇත. එමගින් ඔවුන් අපව මනා ලෙස ග්‍රහණය කොට තිබේ. එය ප්‍රේක්ෂකයන්ට මහත් වූ අපහසුතාවයක් බව කිව යුතුයි. එම නිසා වෙළඳ ප්‍රචාරක කටයුතු රස වින්දනයට බාධාවක් නොවන අයුරින් සිදුවීම අප බලාපොරොත්තු වෙමු.

ප්‍රභාත් රාජපක්ෂ

නාවලපිටිය

සත්ත්ව ලොවේ නම් දැරූ සිනමාපට පියකරු

අලි පැංචා මගේ මිතුරා අලිමංකඩ

පළඟැටියෝ

බඹර සැණකෙළි

බඹර ගීතය

සමනල තටු

වානරයෝ

හංස විලපය

රණහංසි

සුදු හංසි

ගිජුලිහිණියෝ

රතුමකරා

භේරුණ්ඩ පක්ෂියා

හඳයා

සුදු පරවියෝ

බඹර වළල්ල

බඹර කලාපේ

සිංහරජා

රෑනගිරව්

කේසර සිංහයෝ

කහ බළල්ලු

මාල ගිරව්

සෙල්ලම් කුක්කා

කුරුළු පිහාටු

පිස්සු පූසෝ

කොටි සනා

සුදු වළස්සු

තණගිරවි

පිංගොනා

මීමැස්සෝ

මොනරතැන්න

තිසරාවි

පෙම් කුරුල්ලෝ

නාගකන්‍යා

කුරුලුබැද්ද

කොටි වලිගය

රාං කුරුල්ලෝ

මුවන් පැලැස්ස

කිඳුරු කුමාරි

වියපත් බඹරා

සුළං කිරිල්ලි

අලි සුරතලි අලි පැටියෝ

මීහරකා

සමනල සිහිනය

ගිනි කිරිල්ලි

බඹර පහස

උකුසු ඇස්

විරාජ්

නිකවැරටිය

නිලුක්ෂිගේ රංගනය අගෙයි

සඳා ටෙලි සිතුවමේ සඳා ලෙස රඟන නිලුක්ෂි ඉතාම දක්ෂ සහ පැහැදිලි අනාගතයකට උරුමකම් කියන පිරිපුන් කලාකාරිණියකි.

විරාජ් දුෂමන්ත

ආරච්චිකට්ටුව

ප්‍රතිචාර සඳහා ඔබ එවන කෙටි පණිවුඩ අගනා අදහස්වලින් පිරිපුන්නය. මෑතක සිට ඒ හරහා නව පරපුරේ පාඨකයන් රැසක් සරසවිය හා එකතු වී ඇති වග දන්වන්නේ සතුටිනි. 0752805047 යන අංකයට ක්ෂණිකව ඔබේ සිතැඟි එස්. එම්. එස්. කළ හැකියි.
ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්,

කොළඹ 10

මේ ලිපිනය ඔබේ තැපැල්පත් වෙනුවෙනි.

මේ SMS ප්‍රතිචාර තීරයයි

කෙටි පණිවුඩ ඇසුරින් අප වෙත ලැබුණු ප්‍රතිචාර රාශියෙන් කිහිපයක් මෙසේය.

නව පරපුරේ ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිගේ රැවටුණ තරම් ගීතය මෑත කාලයේ බිහි වූ සුපිරිතම විරහ ගීයයි.

ලක්මාලි

වරකාපොළ

ලාහිරු දහසක් ටෙලිය ආයෙත් නරඹන්න දෙන්න.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

අමරදේවයන්ට නිදුක් නිරෝගී සුව පතනවා. එතුමාගේ ගීත සදා මෙරට පවතීවා.

ඩී. එම්. අබේපාල

එච්. එම්. චන්ද්‍රාවතී

පස්සර

කුස පබා චිත්‍රපටය එක ඩී. වී. ඩී. එකක් ලෙසට පත් කිරීමට අවසරය ලබාදුන් ආචාර්ය සෝමරත්න දිසානායක මහතාටත් රේණුකා බාලසූරිය මහත්මියටත් බෙහෙවින් තුති.

කල්හාර

හොරණ

පුන්සිරි සොයිසා වෙත,

මෑතක ඔබ ගායන කළ පෙම් ප්‍රාර්ථනා ගීතය ඉතා අනර්ඝයි. එමෙන්ම පුන්සිරි ගී සී. ඩී. තැටියේ ගායනා කෙහෙරැල් සලා ගීතය සජීවී ප්‍රසංගයේදී ගයන්න යැයි ඉල්ලීමක් කරමි. ඔබ තමයි විරහ ගී උල්පත.

සමීර

සෙවණගල

දයාබර චන්න

රන්මිරු කිරණින් නැහැවෙනවා

ලොව සුවඳ කුසුම් හිනැහෙන්නේ

අංජලිකා, පුංචි වීරයෝ මතකය

යළි යළි ඇහැරෙන්නේ

ඔබම තමයි අපගේ සිනමා

අම්බරයේ

චන්න පෙරේරා නාමය සැමදා

පවතින්නේ

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

භාචි සුසාන් සමඟ ශානිකා මධුමාලි බඹර නාදේ ගීතයට අපූරුවට පණගන්වා තියෙනවා.

සෂින්ත හර්ෂජිත්

නිවිතිගල

රොෂාන් රණවන අයියේ, ඔයා හරිම හැන්ඩ්සම්.

සංජු

පොල්ගහවෙල

සියත නාළිකාවේ හොලිවුඩ් ස්ක්‍රින් වැඩසටහනට සුබ පැතුම්.

රෝසි

පැලවත්ත

ධනපාල උඩවත්තගේ අලුත් ගීත නැතිද? ඔහුගෙ පැරැණි ගීතවලටත් මං ගොඩක් ආසයි.

ගීත්

කටුනායක

දෙරණ ඩ්‍රීම්ස්ටාර් දෙවන අදියරේ සිහින තරුව වූ උපේඛා නිර්මාණිව ටෙලි නාට්‍යයකින් දකින්නට ආසයි.

දිල්

හොරොව්පතාන

දමිත් අසංක අයියගේ ‘සිත මගෙ රිඳුණා’ ගීතය හිතට වදිනවා මාර විදිහට.

පවිත්‍රා

බෙලිඅත්ත

රයිගම් ටෙලි සම්මාන උළෙලේ විරාමයකදී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා ගායනා කළ ‘සීත රෑ යාමේ අඳුරේ’ ගීයට ඉදිරිපත් කළ නර්තනය ඒ මහා ගායකයාණන්ට කළ අපකීර්තියක් ලෙසටත් ප්‍රේක්ෂක අපව අපහසුතාවයටත් පත් කළා.

කමලා මධුරප්පෙරුම

නාවල

ගීතයක් ඔපවත්වීමට ගී පදමාලාව මෙන්ම, තනුව, ගායනය ද මැනවින් අන්තර්ගත විය යුතුයි. එවන් ගීතයක මහා සේවයක් ඉටු කළ කලාකෙත අස්වැද්දූ රටක් නළවන මිහිරි විදුලි ඕගනයෙන් මෙන්ම තාලයට ඩ්‍රම්ස් වාදනයෙන් කර්ණ රසයෙන් ඔක්ටර්පෑඩ් වාදනයෙන් රටක් නළවන සනසන ආදරණීය තරු ත්‍රිත්වය ඇන්ටන් පෙරේරා, රොෂාන් පෙරේරා සහ නදීර නෝනිස් ඔබ අප රටට බිහි වූ අගනා වටිනා තරු තුනකි. ඔබලාගේ ඇරෝස්ටාර් සංගීත කණ්ඩායමට තවත් දිගුකල් අපව සංගීතයෙන් මුසපත් කරන්නට හැකි වේවා.

චතුරංග සම්පත්

තුන්තැන

හංවැල්ල

අංජලිකා චිත්‍රපටයෙන් කලා ලොවට පායා ආ පූජා උමාශංකර් අක්කේ ඔබ අයිති අපේ සිනමාවටයි.

චලනි

අවිස්සාවේල්ල

අපට සිටින එකම සැබෑ නළුවා මහේන්ද්‍ර පෙරේරායි.

නිමල් කුලසේකර

අගුලාන

බිඳුනු සිත් හි සාරංග දිසාසේකර මරුවට රඟපානවා.

අවන්ති

ගම්පහ

 

අසහාය රංගන ශිල්පී විජය කුමාරණතුංගයන් රඟපෑ ජය සිකුරුයි වරදට දඬුවම වැනි චිත්‍රපට කුමන හෝ නාලිකාවකින් විකාශය කරන්න.

පී. වයි. අනුලාවතී

කුඩගම

අප රටේ බිහි වූ ප්‍රේමකීර්ති ද අල්විස් නමැති කුඩා මිනිසා මහා සේවයක් කළ ගීත රචකයෙකි.

සරත් මද්දුමආරච්චි

වෑත්තෑව

 

ධර්මප්‍රිය ඩයස්ට

ඔබ වචනයෙන් ප්‍රකාශ නොකරන බොහෝ දේ ඔබේ මුහුණෙන් මනාව පිළිබිඹු වෙනවා. අන්න ඒක තමයි රංගනය කියන්නේ.

මහේෂිකා මධුවන්ති

රත්නපුර

අප රටේ විකට නළුවන් සිනමාවට කරන මෙහෙය නිසි ඇගයීමකට ලක්වන්නේ නැති එක දුකයි. බන්දු, ටෙනී ඒ අතර විශේෂයි.

ඉන්දික මුණසිංහ

කෙහෙල්ඇල්ල