වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ජාතියේ යුග පුරුෂයෙකි

දැයේ පිනට පහළ වූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි වියතාණන් අග්‍රගණ්‍ය සංගීතඥයෙකි. ඔහු අතින් සෑදූ ගීත ඉතාම මියුරුය. තම සංගීත ඥාණය කිසිදු පැකිළිමකින් තොරව දුවා දරුවන් අතරේ බෙදා දෙන ඔහු සැබවින්ම ජාතියේ යුග පුරුෂයෙකි.

නිමල් කුලසේකර

අඟුලාන

සමුගන්න නම් එපා

සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායකගේ සරෝජා, පුංචි සුරංගනාවි, සමනල තටු, සිරිරජ සිරි සහ බිංදු වැනි චිත්‍රපටවල රඟපෑ ළමා නිළියන් දැන් යෞවන වයසෙහි පසු වෙයි.

ඔවුනට නිහඬවීමට ඉඩ දෙන්න එපා. එවැනි නළු නිළියන්ව යොදා හොඳ නිර්මාණයක් රටට දෙන්න. කවදාවත් සිනමාවෙන් සමුගන්න එපා. ඔබ සමඟ සැමදා ප්‍රේක්ෂක අප ඉන්නවා.

සරත් සේනාධීර

ජාඇල
කලඑළිය පාතිමා මාවත

පද්මසිරි කොඩිකාර වෙත,

ඔබ නිර්මාණය කළ අසහාය ගායක ජෝතිපාලයන්ගේ ජීවිත කතාතව ඇතුළත් ‘සදාදර ජෝති’ සිනමාපටය මේ වසරේදීවත් තිරගත කරන්නකෝ.

කොලොන්නාවේ

විජේසිරි

සුබ පැතුම්

ඉඳුවරි ටෙලි සිතුවමහි වියපත් පෙම්වතියගේ චරිතය මැනවින් රඟන වසන්ති රංවලට සුබපැතුම්.

දිල්මි උක්වත්ත
ඉංගිරිය

අපේ ප්‍රණාමය

රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සෑම සිකුරාදා දිනකම රාත්‍රියේ ප්‍රචාරය වන අමරණීය මතක සුවඳ වැඩසටහන ඉතාම හොඳයි. ඒක ඉදිරිපත් කරන තිලක් චන්ද්‍රසේන වැලිකල, අනුරාධ රෝහණ කපුකොටුව යන අයටත් එහි කාර්මික ශිල්පීන්ටත් සරසවිය රසික කැල වෙනුවෙන් ගෞරවනීය ප්‍රණාමය මෙලෙස පුද කරමි.

විමලසේන හපුතන්ත්‍රී

අත්තනගල්ල

කියනව නම් හොඳයි

ජෝතිපාල ඇතුළු එම පරපුරේ ගායික ගායිකාවන්ගේ ගීත ගයා ජනප්‍රිය වන්නට හදන නවක ගායක ගායිකයින් ඔවුන්ගේ ගීත ගයන්න ප්‍රථම ඔවුනට උපහාරයක් වේවා යැයි කියනවා නම් කොච්චර හොඳද?

තිලකසිරි ද සිල්වා

මීටියාගොඩ

ඔබේ හඬ අදටත් සජීවීයි

ග්‍රේෂන් ආනන්ද අප ගී ලොවට ආනන්දයක් එක්කොට වියෝ වූ ගායකයෙකි. ඔහුගේ ගීත අද ද ජනප්‍රිය ඔහුගේ හඬෙහි සජීවී බව හේතුවෙනි.

වියානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

සමරු සටහනක්

රොබින් කුමාර්ස්වාමි තම්පෝ නම් වූ ඔබ සිංහල සිනමාව ආරම්භ වී වසර එකොළහකට පසුව ‘සිරිමලී’ කැන්දාගෙන හෙළ සිනමාවට අවතීර්ණ විය. ඉන් පසුව පොදු ජන රුචිකත්වය හඳුනාගෙන ඔවුන්ගේ රස වින්දනය වෙනුවෙන් සිංහල චිත්‍රපට 25 ක් පමණ හෙතෙම අධ්‍යක්ෂණය කළේය. ඔහු එකම වසරක් තුල චිත්‍රපට 5 ක් නිර්මාණය කොට ඒවා තිරගත කරමින් වාර්තාවක් ද තබා ඇති බව මා අසා තිබේ.

එපමණක් ද නොව සිංහල චිත්‍රපට නිපදවීමට චිත්‍රාගාරයක් ද, චිත්‍රපට ප්‍රදර්ශනයට ශාලා කිහිපයක් ද ඉදි කරන ලදී.

ජාති භේදවලින් තොරව හෙළ සිනමාව වෙනුවෙන් ඇප කැප වූ ඔහු අපෙන් සමුගෙන වසර 22 ක් ගෙවී ඇත. මේ ඔහු වෙනුවෙන් ලියූ සමරු සටහනකි.

විමල් රණසිංහ

කොළඹ

ග්‍රෑන්ඩ්පාස්

අමතක වී ඇත

දක්ෂ ගුවන් විදුලි සහ චිත්‍රපට පසුබිම් ගායකයකු වූ සී. ඩී. ෆොන්සේකා අද බොහෝ දෙනකුට අමතක වී ඇත. ඔහු ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකි. 1932 පෙබරවාරි 27 වැනිදා වැල්ලවත්තේදී උපත ලද ඔහුගේ සංගීත ගුරුවරයා වූයේ ඔහුගේම පියාණන්ය.

ඔහුගෙන් සංගීතය මනාව ප්‍රගුණ කරගත් හෙතෙම ‘සැනසුම කොතැනද’ චිත්‍රපටයට ගැයූ’තරුණ සිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා’ ගීතය එදා ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. අනතුරුව කතුරුමුවත් ඇතුළු චිත්‍රපට ගණනාවකට ඔහුගේ මධුර හඬ ලබා දෙන ලදී. උඩරට මැණිකේ, මනහර කඳුරට තිලකේ, ඔයාට රත්නේ වැනි ගීත ඔහු ගයන ලදී. ඔහුගේ ගීත අද ගුවන් විදුලි නාලිකාවලින් ඇසෙන්නේ නැත. වත්මන් පරපුර සී. ඩී. ෆොන්සේකා කියන්නේ කවුද යන්නවත් නොදනී. ඔහු ගැයූ ගීත සීමිතය. නමුත් ඒවාහී අසීමිත රසයක් තිබිණ.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

මේ SMS ප්‍රතිචාර තීරයයි

සුරේන්ද්‍ර පෙරේරාගෙන් මං බැගෑපත්ව ඉල්ලා සිටිනවා අපේ අසහාය ගායක ජෝතිපාලයන්ගේ ගීත විනාශ කරන්න එපා කියලා.

සාරංග

රත්මලාන

අද සිටින සමහර නළු නිළියන් විජය කුමාරතුංග වගේ නිහතමානීව සිටිනවා නම් කොච්චර හොඳ ද?

අශෝක, වත්සලා, චන්දන

අම්බලන්තොට

සමහර නාලිකාවල ටෙලි නාට්‍ය විකාශය වන අතරතුරදී පෙන්වන වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය අති මහත්ය. ඒවා අඩු කොට නට්‍ය විකාශය වන කාලය වැඩි කරනවා නම් කොතරම් අගනේද. වෙළෙද දැන්වීම් ආයතනයකට අවශ්‍ය වේ. එනමදු අසීමිතව ඒවා පෙන්වීම තුළින් එම නාළිකාව අපට එපා වන බව ද කිව යුතුය.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

නුවන් ගුණවර්ධන හොඳ පෞරුෂයක් හිමි ගායකයෙකි. නමුත් ඔහුව අගය කිරිමකට ලක් නොකිරීම සැබවින්ම කනගාටුදායකය.

සමිත ප්‍රසන්න

එපිටවල

අතුල - සමිතා ගයන අලුත්ම ගීතය දෛවයේ සරදමින් ගීතය ඉතාම සංවේදජනකයි. ඔවුන් දෙපොළ ගීතයට මනා සාධාරණයක් ඉටු කරලා තියනවා.

වාසනා ලක්මාලි

වරකපොළ

කෝපි කඩේ ටෙලි නාට්‍යය ඉස්සර තරම් දැන් රසවත් නැහැ. හොඳ කථාංගයක් ඇත්නම් පෙර මෙන් රසික රසිකාවෝ කෝපි කඩේ වටා එක්වේවි.

ප්‍රසංග

දංඕවිට

සුනිල් එදිරිසිංහ නම් ගායකයාගේ කිසිදා වියපත් නොවන කටහඬ වර්තමානයට උචිත වීම පැහැදිලිය. මන්ද යත් කුමන අන්දමේ පැරැණි ගායකයන්ගේ ගීත ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය නොවුණත් ඔහුගේ ගීත ප්‍රචාරය වන බැවින්ය.

අසංග

පැපිලියාන

නොයෙල් රාජ් ගයන ‘දුක වැඩි තරමට කදුළු උනන්නට’ ගීතය මෑත කාලයේ විරහ ගී අතර අංක එකට තියන්න පුළුවන්.

කමල්

කුලියාපිටිය

ළඟකදී සිට තිරගත වන සෑම චිත්‍රපටයකම දකින්නේ එකම නළු නිළි පිරිසකි. ඔවුනට අමතරව තවත් නළු නිළියන් ඉන්න බව අධ්‍යක්ෂවරුන් දැනගන්න.

එස්. එස්. උදාර

මාතර

අලුත් රතු හැට්ටකාරි සහ තාරාවෝ ඉගිලෙති ගොඩක් අනර්ඝයි.

අනුර

දෙමටගොඩ

චිත්‍රපට ටෙලි නාට්‍ය කිරීම අනුමත කරන්න බැහැ.

බිනර

කළුතර

ශෂිකාගේ හඬ වඩාත් ගැළපෙන්නේ ආදර ගීතවලට.

රිනාස්

ගන්නොරුව

රිගිං ටෝන් සිස්ටම් එක හරහා නිර්මාණකරුවන්ට සාධාරණයක් ඉටුවන බව දනිමු. එනමුදු පැරැණි ගීත රිගිං ටෝන්වලට යෙදීම නම් හෙළා දකිමු.

ප්‍රභාත්

පුත්තලම

ප්‍රසංග වේදිකාව තමාගේම කරගත් ඔහු වසර පනහක් අඛණ්ඩව ගී ගැයීය. නොබියව ඇත්ත ප්‍රකාශ කොට අවශ්‍ය තැන්වලදී සත්‍ය ඉස්මතු කරලීය.

නිහාල් නෙල්සන්

ඔබ තවත් බොහෝ කාලයක් අප අතර හිඳ අප වෙනුවෙන් ගයන්න.

පවිත්‍රා

නාත්තන්ඩිය

අදාළ බලධාරිනී,

රංගනය වෙනුවෙන් පාසලක් අරඹන්න. එතකොටවත් මෙච්චර නළු නිළියන් අයාලේ යන එකක් නැහැ.

කේෂාන්

හම්බන්තොට

තවත් ප්‍රතිචාර පිටුවක් මෙලෙස දිග හැරෙයි. 0752805047 යන දුරකතන අංකය ඔබේ කෙටි පණිවුඩ ප්‍රතිචාර සඳහා විවෘතය. එමෙන්ම ප්‍රතිචාර සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල්පත් සහ සටහන් පත් වෙනුවෙනි.